27 April 2024
#දේශීය

ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය පරාජය කරන්න ආණ්ඩු පක්ෂය සුදානම්

ඉන්ධන මිල ඉහල දැමීම හේතුවෙන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව ඒකමතිකව පරාජය කිරීමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබේ.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ඊයේ (18) රාත්‍රී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වු අවස්ථාවේදී මෙම තීරණය ගෙන ඇත.

මේ අතර බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව අද (19) සහ හෙට (20) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීමට නියමිතව තිබේ.

ඒ අනුව අද උදෑසන 10.00ට පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය ආරම්භ වීමට නියමිතය.

 

 

 

 

 

The ruling party is ready to defeat the no-confidence motion against Gammanpila

The ruling party has decided to unanimously defeat the no-confidence motion against Energy Minister Udaya Gammanpila due to the increase in fuel prices.

The decision was taken at a meeting of the ruling party’s parliamentary group chaired by President Gotabhaya Rajapaksa last night (18).

Meanwhile, the no-confidence motion against Energy Minister Udaya Gammanpila is due to be debated in Parliament today (19) and tomorrow (20).

Accordingly, the debate on the no-confidence motion will commence after the sitting of Parliament at 10.00 am today.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *