27 April 2024
#දේශීය

පුද්ගලයන් එන්නත්කරණයට රැගෙන ඒමට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්වන්න – ඇමැති නාමල් කියයි

මෙතෙක් එන්නත් නොකළ දෙමාපියන්, වැඩිහිටියන් සහ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් එන්නත්කරණ මධ්‍යස්ථානවලට රැගෙන ඒමට මෙරට යෞවන සමාජ ව්‍යාපාරය ප්‍රමුඛ තරුණ සංවිධාන නියෝජනය කරන තරුණ තරුණියන්ට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්වන්නැයි තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

මෙතෙක් එන්නත් නොකළ දෙමාපිය, වැඩිහිටි හා විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට එන්නත් ලබාදීම කඩිනම් කිරීම පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඊයේ (18) දින මේ බව සඳහන් කළේය.

එහි දී අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කළ සම්පූර්ණ කතාව මෙසේය. “එන්නත්කරණ වැඩසටහන ඉතාමත් සාර්ථකව රට පුරා ක්‍රියාත්මක වෙනවා. මේ වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරන ලද සියලුම එන්නත් අපේ රටට ගෙන එන්න අතිගරු ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ ආණ්ඩුවට හැකිවෙලා තියෙනවා. සියලුම එන්නත් කිරීමේ වැඩසටහන් මේ වනවිට දීප ව්‍යාප්තව සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. අපි දන්නවා තවමත් එන්නත්කරණය කරගන්න බැරිවුණ දෙමව්පියො ඉන්නවා නම් අපි ගෞරවයෙන් ආරාධනා කරනවා එන්නත්කරණය කරන මධ්‍යස්ථානවලට ඇවිල්ලා එන්නත ලබාගන්න. ඒ වගේම නිවෙස්වල වැඩිහිටියො ඉන්නවා නම් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයො ඉන්නවා නම් එන්නත්කරණය සඳහා මෙතෙක් පැමිණීමට නොහැකි වුණ අයට අපි ආරාධනා කරනවා මේ රටේ තරුණ පරම්පරාවට විශේෂයෙන්ම යෞවන සමාජ ව්‍යාපාරයට, තරුණ සංවිධානය මේ අයට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්වෙලා මේ වැඩිහිටියන්ට, දෙමාපියන්ව එන්නත්කරණ මධ්‍යස්ථානවලට රැගෙන එන්න. අතිගරු ජනාධිපතිතුමාගෙත් ඉල්ලීමකට අනුව සෞඛ්‍ය අමාත්‍යංශයේ මැදිහත්වීම මත සෞඛ්‍ය අංශ එක්ක සාකච්ඡාකොට ඒ සෞඛ්‍ය නිලධාරින් අවශ්‍ය තැන්වල නිවස්වලට හෝ රැගෙන ගොස් එන්නත්කරණ සාර්ථකව අවසන් කරන්න අපට දායකත්වය ලබා දෙන්න කියලා අපි ඉල්ලනවා.

 

 

 

Volunteer to bring people up for vaccination – Minister Namal

Namal Rajapaksa, Minister of Youth and Sports, has called on the youth representing youth organizations and other youth organizations in Sri Lanka to volunteer to bring parents, elders and persons with special needs who have not been vaccinated to vaccination centers.

This was stated by Minister Namal Rajapaksa yesterday (18) regarding the expediting of vaccinations for parents, the elderly and persons with special needs who have not been vaccinated so far.

The full text of Minister Namal Rajapaksa’s speech is as follows: “The vaccination program is being implemented successfully throughout the country. At present, the government, led by His Excellency the President and the Prime Minister, has been able to bring to our country all the vaccines approved by the World Health Organization. If there are parents who are unable to do so, we respectfully invite them to come to the vaccination centers and get vaccinated. At the request of His Excellency the President, at the request of His Excellency the President, we request that in consultation with the Ministry of Health, take these health officials home and take them home where necessary, and contribute to the successful completion of vaccinations.

Leave a comment

Your email address will not be published. Required fields are marked *