• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අමාන් – 2023 බහුපාර්ශවික සාගරික අභ්‍යාසය සඳහා සහභාගීවීමට සමුදුර නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

1 February 2023
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

පාකිස්ථානු නාවික හමුදාව විසින් “සාමය සහ ආරක්‍ෂාව සඳහා එක්ව” (Together for Peace and security) යන තේමාව පෙරදැරිව සංවිධානය කරනු ලබන බහු පාර්ශවික අමාන් – 2023 (AMAN – 2023) සාගරික අභ්‍යාසයට සහභාගීවීමට ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව ඊයේ (31) කොළඹ වරායෙන් පාකිස්ථානයේ කරච්චි වරාය බලා පිටත් වූ බව නාවික හමුදාව පවසයි.

2023 පෙබරවාරි මස 10 වන දින සිට 14 වන දින දක්වා පාකිස්ථානයේ කරච්චි අගනුවර මූලික කරගනිමින් පැවැත්වීමට නියමිත අමාන් – 2023 (AMAN – 2023) බහු පාර්ශවික නාවික අභ්‍යාසය සඳහා පාකිස්ථානු නාවික හමුදාව විසින් රටවල් 110 ක නාවික හමුදාවන් වෙත ආරාධනය කර අත.

AMAN – 2023 අභ්‍යාසය මඟින් ඉන්දියානු සාගර කලාපයේ සාමය හා ආරක්‍ෂාව පවත්වා ගැනීම මූලිකව අපේක්‍ෂා කෙරේ. ඒ අනුව, මෙම නාවික අභ්‍යාසය වරාය අදියර (Harbour phase) සහ මුහුදු අදියර (Sea phase) වශයෙන් අදියර දෙකක් යටතේ පැවැත්වීමට නියමිතව ඇති අතර, එහිදී සාගරික ආරක්‍ෂක අභ්‍යාස, මානුශීය සහන සැලසීමේ අභ්‍යාස, නෞකා අතර මුහුදේදී භාණ්ඩ හුවමාරුව සඳහා නෞකා සූදානම් වීම, නෞකා සංග්‍රාමික පෙළහැඩයන් ඔස්සේ ගමන් කිරීම, වෙඩි තැබීමේ අභ්‍යාස, නෞකා යාත්‍රා කරමින් තිබියදී එම නෞකා පරික්‍ෂා කිරීම සඳහා සිදු කරනු ලබන නෞකා හා යාත්‍රා වෙත ප්‍රවිශ්ඨ වීම සෝදිසි කිරීම හා අත්අඩංගුවට ගැනීමේ අභ්‍යාස (Visit Board Search & Seizure – VBSS) ඇතුළු නාවික අභ්‍යාස රැසක් සඳහා සමුදුර නෞකාව සහභාගීවීමට නියමිතව ඇත.

කළාපීය හා කළාපීය නොවන විදෙස් නාවික හමුදාවන් රැසක් සහභාගීවන මෙවැනි බහුපාර්ශවික සාගරික අභ්‍යාස සඳහා සහභාගී වීම මගින් ශ්‍රී ලංකා නාවික හමුදාවට කළාපීය නාවික හමුදාවන් සමඟ අන්තර් ක්‍රියාකාරීත්වය සහ අන්‍යෝන්‍ය සහයෝගීතාවය වර්ධනය කර ගැනීම, සාගරික මෙහෙයුම් සම්බන්ධ නව දැනුම, ක්‍රමෝපායයන් හා අත්දැකීම් හුවමාරු කර ගැනීම, නව අභියෝග හඳුනාගැනීම සහ ඒ සඳහා සාමුහිකව විසදුම් සෙවීමට හැකිවීම වැනි ප්‍රතිලාභ රැසක් හිමි වනු ඇත.

තවද, සමුදුර නෞකාව කොළඹ වරායෙන් පිටත්වීමට පෙර එම නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් ඩීඑම්ඩීසී බංඩාර විසින් බටහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති රියර් අද්මිරාල් රෝහිත අබේසිංහ සහ අධ්‍යක්‍ෂ නාවික මෙහෙයුම් කොමදෝරු බුද්ධික ලියනගමගේ සමඟ අභ්‍යාසය සම්බන්ධයෙන් අදහස් හුවමාරුවක් සමුදුර නෞකාව මතදී සිදුකෙරුණු අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමුදුර නෞකාවේ අණදෙන නිලධාරී විසින් බටහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති වෙත සමරු තිළිණයක් පිරිනැමීමද සිදුකෙරිණි.

 

 

 

 

SLNS Samudura leaves for Pakistan to attend ‘AMAN’ – 2023

 

SLNS Samudura today (31st January 2023) left for the Port of Karachi from Colombo to take part in the multinational naval exercise AMAN hosted by the Pakistan Navy. At the directives of Commander of the Navy, the ship is scheduled to take part in the 08th edition of ‘AMAN’ representing Sri Lanka Navy. The departing ship was sent off amidst customary naval traditions at the port of Colombo.

 

This year’s exercise has been organised on the theme ‘Together for Peace and Security’ and it will be held in Karachi from 10th to 14th February. Further, navies from 110 countries have been invited to join the multinational naval exercise.

 

Meanwhile, the exercise is primarily focused on maintaining peace and security in the Indian Ocean region and it encompasses both Harbour and Sea Phases. Besides, SLNS Samudura is expected to attend a series of naval exercises including maritime security, counter piracy and humanitarian assistance, Replenishment at Sea (RAS), Manoeuvre and Formation, Firing Practices and Visit Board Search & Seizure (VBSS) exercises in ‘AMAN’ – 2023.

 

Taking part in this nature of naval exercises would open new avenues to the Sri Lanka Navy to build inter-operability with regional and extra-regional partners, exchange best practices and procedures in maritime operations and undertake new challenges in maritime domain and collectively find solutions to overcome those issues.

 

Meanwhile, the Commanding Officer of SLNS Samudura Captain DMDC Bandara exchanged views with regard to the exercise with the Deputy Area Commander Western Naval Area, Rear Admiral Rohitha Abeysinghe and Director Naval Operations, Commodore Buddhika Liyanagamage on board SLNS Samudura, before the departure. Marking the significance of the occasion, the Commanding Officer of SLNS Samudura presented a memento to the Deputy Area Commander.

Post Views: 9
Previous Post

යල කන්නයට අවශ්‍ය යුරියා පොහොර මිල දී ගැනීම සඳහා රුපියල් බිලියන 10ක් වෙන් කරයි – ඇමැති අමරවීර

Next Post

පළාත් පාලන ඡන්ද විමසීමට විශේෂ පැමිණිලි ඒකකයක් – පැෆ්රල් සංවිධානය

editor

editor

Next Post

පළාත් පාලන ඡන්ද විමසීමට විශේෂ පැමිණිලි ඒකකයක් - පැෆ්රල් සංවිධානය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

18 June 2025
වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

18 June 2025
ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

රත්නපුර – කොළඹ ප්‍රධාන මාර්ගයේ බිහිසුණු අනතුරක්

18 June 2025
ද. ගාසාවට ඊශ්‍රායලයෙන් ප්‍රහාර – 51දෙනෙකුට අධික පිරිසක් මිය ගිහින්

ද. ගාසාවට ඊශ්‍රායලයෙන් ප්‍රහාර – 51දෙනෙකුට අධික පිරිසක් මිය ගිහින්

18 June 2025

Recent News

ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

18 June 2025
වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

18 June 2025
ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

රත්නපුර – කොළඹ ප්‍රධාන මාර්ගයේ බිහිසුණු අනතුරක්

18 June 2025
ද. ගාසාවට ඊශ්‍රායලයෙන් ප්‍රහාර – 51දෙනෙකුට අධික පිරිසක් මිය ගිහින්

ද. ගාසාවට ඊශ්‍රායලයෙන් ප්‍රහාර – 51දෙනෙකුට අධික පිරිසක් මිය ගිහින්

18 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

18 June 2025
වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

18 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved