• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ස්ටීම් අධ්‍යාපන ක්‍රමය මෙරට අධ්‍යාපන පද්ධතියටත් ඇතුළත් කරනවා – අධ්‍යාපන ඇමති සුසිල්

29 March 2023
in දේශීය
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

ස්ටීම් අධ්‍යාපනය ඔස්සේ පාසල් දරුවන්ට මාර්තු 31 වන දා සිට ලබා දීමට අධ්‍යාපන පරිවර්තනීය ක්‍රියාවලිය ඔස්සේ තමන් අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ස්ටීම් අධ්‍යාපනය මේ වන විට ඇමරිකාව ප්‍රමුඛ ලොව පුරා රටවල් 96ක පමණ භාවිත වන ඉතා සාර්ථක අධ්‍යාපන ක්‍රමවේදයක් වශයෙන් අධ්‍යාපනඥයන්ගේ ඉහළ අවධානයට යොමු වී ඇති බවත් විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව හා ගණිතය යන විෂය හතර මූලික කරගෙන ස්ටෙම් නමින් (STEM- Science, Technology, Engineering, Mathematics) ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික විද්‍යා පදනම විසින් 1999 වසරේ දී එරටට හඳුන්වා දුන් මෙම නව අධ්‍යාපන ක්‍රමවේදය අද වන විට සංවර්ධනය වී කලා විෂයන් ද ඇතුළත් ව ස්ටීම් අධ්‍යාපනය නමින් (STEM- Science, Technology, Engineering, Arts, Mathematics) ලොව පුරා ප්‍රචලිත ව ඇති බවත් අමාත්‍යවරයා පැවසී ය.

ලොව අංක එකේ අධ්‍යාපන ක්‍රමය පවතින ෆින්ලන්තයේ පවතින්නේ ද මෙම ස්ටීම් අධ්‍යාපන ක්‍රමවේදය බවත් අප රට තව මත් ඊට අනුගත ව නැති නිසා එම අධ්‍යාපන ක්‍රමයේ සාර්ථකත්වය මැන බැලීමට 15 වයස් සීමාවේ පසු වන දරුවන්ට වාර්ෂික ව පවත්වන පීසා නම් වූ ජාත්‍යන්තර තක්සේරුකරණ පරීක්ෂණය (PISA- Program for International Students Assessments) සඳහා පෙනී සිටීමට මෙරට දරුවන්ට අවස්ථාව නොලැබෙන බවත් පැවසූ අමාත්‍යවරයා ඇමරිකා එක්සත් ජනපදය තුළ ස්ටීම් අධ්‍යාපනය වසර 20ක් ක්‍රියාත්මක වීමෙන් පසු ව එරට ජාතික ආදායමෙන් 62%ක් නියෝජනය කරන්නේ ද ස්ටෙම්-ස්ටීම් අධ්‍යාපන ක්‍රියාවලියෙන් බිහි වූ නවෝත්පාදකයන් ඇතුළු නිර්මාණශීලී පුරවැසියන් බවත් මෙහි දී සඳහන් කළේ ය.

අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පන්ති කාමරයට සීමා නොකර කෞතුකාගාර, මින් මැදුරු වැනි විවිධ ස්ථාන හා පරිසරය සමග මුසු වී ප්‍රායෝගික නිරීක්ෂණ සහ අද්දැකීම් ලැබීමට අපේ දරුවන්ට ද අවස්ථාව සලසා දිය යුතු බවත් ජාතික විද්‍යා මධ්‍යස්ථානයක් බිහි කර පාසල් දරුවන්ට පැමිණ භාවිත කිරීමට අවකාශ සලසමින් නැනෝ තාක්ෂණය, ජෛව තාක්ෂණය, ජාන තාක්ෂණය වැනි නැගී එන විෂයන් පාසල් දරුවන්ට ද විවර කළ යුතු බවත් නව ස්ටීම් අධ්‍යාපන ක්‍රමවේදය තුළ මොඩ්‍යුලර් භාවිතය ඊට මනා රුකුලක් වන බවත් ප්‍රකාශ කළේ ය.

දක්ෂ ගුරුවරුන්ගෙන් සමන්විත ඉහළ මට්ටමේ මානව සම්පතක් අප සතු නිසා මෙම අධ්‍යාපන පරිවර්තනය සිදු කිරීම එතරම් අපහසු නොවන බවත් දරුවන්ගේ ම අදහසක් වූ ‘ස්ටීම් පාසලෙන් දකිමු – වැඩ කරමු – අනාගතයට පිය නගමු’ තේමාව ඔවුන් ජයගන්නා ආකාරය අපට දැකගත හැකි වනු ඇති බවත් කී අමාත්‍යවරයා ඉදිරියේ දී අධ්‍යාපන අමාත්‍යාංශය, ජාතික විද්‍යා පදනම, විද්‍යා හා තාක්ෂණ මධ්‍යස්ථාන, විශ්වවිද්‍යාල පද්ධතිය සහ පුහුණු ආයතන සමග සහසම්බන්ධ ව පළමු වතාවට මෙරට ක්‍රියාත්මක කරනු ලබන මෙම ස්ටීම් අධ්‍යාපන වැඩසටහන මගින් උසස් අධ්‍යාපනය හා සාමාන්‍ය අධ්‍යාපනය අතර ඇති පරතරය අවම කෙරෙනු ඇතැයි ද එමගින් 21 වෙනි සියවසේ අභියෝග ජයගත හැකි තාර්කික චින්තනයෙන් හෙබි දරුවන් පිරිසක් බිහි කිරීමට අපේක්ෂා කරන බවත් පැවසී ය. එසේ නොවුණහොත් දැනට ද ක්‍රියාත්මක ‘පන්ති කාමරයට උපකාරක පන්තියට ගොස් දේශන අසා පාඩම් කර මතක තබාගෙන විභාගෙට ලියන’ යල් පැනගිය විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමවේදයෙන් ගැලවීමට නොහැකි වනු ඇතැයි ද හෙතෙම පැවසී ය.

Post Views: 9
Previous Post

සියලුම ලියාපදිංචි ආගමික ස්ථාන වෙත සුර්යය බලයෙන් විදුලිය – ඇමැති විදුර

Next Post

මන්ත්‍රී දුමින්දගේ උපන් දිනය වෙනුවෙන් පා අහිමි අයට කෘත්‍රීම පාද ලබා දෙයි

editor

editor

Next Post

මන්ත්‍රී දුමින්දගේ උපන් දිනය වෙනුවෙන් පා අහිමි අයට කෘත්‍රීම පාද ලබා දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved