• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මානව සම්පත් සංවර්ධන අභියෝගය ජයගැනීමේ තීරණාත්මක සාධකය ගුරුවරයායි -අධ්‍යාපන අමාත්‍ය සුසිල්

8 October 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

තිරසර සංවර්ධන ඉලක්ක 17න් සිව්වැන්න වූ ‘ගුණාත්මක හා සමානාත්මතාවයෙන් යුත් අධ්‍යාපනයක්’ ලබා දීමේ අභියෝගය ශ්‍රී ලංකාව තුළ යථාර්ථවාදී ව සපුරාගැනීම උදෙසා ක්‍රියාත්මක නව පරිවර්තනීය අධ්‍යාපන ක්‍රියාදාමය තුළ ප්‍රධාන හා තීරණාත්මක කාර්යභාරයක් පැවරී ඇත්තේ ගුරුභවතුන් වෙත බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවති ‘ගුරු ප්‍රතිභා ප්‍රභා’ මැයෙන් වූ ගුරු හා විදුහල්පති ප්‍රණාම උළෙල අමතමිනි.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා රටේ සෑම ක්ෂේත්‍රයක ම කාලීන අභියෝගයක් ව පවතින බුද්ධිගලනය මගහරවාගැනීම සඳහා නිදහස් අධ්‍යාපනයේ අග්‍ර ඵලය ලෙසින් බිහි වූ බුද්ධිමතුන්ගේ වගකීම පිළිබඳ සිහිපත් කරමින් කියා සිටියේ නිදහස් අධ්‍යාපනයේ ප්‍රමුඛ ප්‍රතිලාභීන් ලෙස සමාජ වරප්‍රසාද භුක්ති විඳිමින් සිට අසීරු අවස්ථාවල රට හැර යන බුද්ධිමතුන්ගේ බුද්ධිය ඌනතා සහිතවූවක් බවයි.

ඔවුන්ගේ වගකීම වන්නේ එවන් මොහොතක රට හැර යාම නොව මෙරට රැඳී සිටිමින් අභියෝගයන්ට සාර්ථක ව මුහුණ දීමේ නිපුණතා ප්‍රදර්ශනය කිරීම බවත් න්‍යායාත්මක දැනුම ප්‍රායෝගිකත්වයට නංවන පන්ති කාමර මොඩ්‍යුලර් ක්‍රියාකාරකම් සහිත නව ස්ටීම් අධ්‍යාපන ක්‍රමවේද හා බද්ධ වූ අධ්‍යාපන ක්‍රමවේද තුළ එවන් නිපුණතා සහිත ගුණාත්මක දරු පරපුරක් බිහි කිරීමේ පරිවර්තනීය අධ්‍යාපන වෙනස්කම් ක්‍රියාවට නැංවීමේ දී දැනුම හා පුහුණු කුසලතා සහිත උපාධිධාරී ගුරුභවතුන්ගේ භූමිකාව අතිශය වැදගත් බවත් හෙතෙම පැවසී ය. ඉදිරියේ දී සමස්ත විද්‍යාපීඨ 19 ම ඒකාබද්ධ කර ස්ථාපිත කරනු ලබන අධ්‍යාපන විශ්වවිද්‍යාලය එම අරමුණු මුදුන් පමුණුවාගැනීමේ කේන්ද්‍රස්ථානයක් වනු ඇති බවත් සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසා සිටියේ ය.

අනාගත ඩිජිටල්කරණ ලෝකය තුළ අතරමං නොවී සිටීමේ ඉඩ ප්‍රස්ථා වත්මන් දරු පරපුරට උරුම කර දීමේ කාර්යභාරය තුළ පාසල් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය යථාවත් ව පවත්වාගෙන යාමට අවශ්‍ය දිවා ආහාර, පෙළපොත්, නිල ඇඳුම් ආදිය ලබා දීම මෙන් ම හැකි පමණ ගොඩනැගිලි පහසුකම් සංවර්ධනයට ද අවධානය යොමු කරන බව මෙහි දී කියා සිටි අමාත්‍යවරයා ඒ සියල්ල අභිභවා ගුරුභවතුන්ගේ සාධනීය මට්ටම ඉහළ නංවාගැනීමේ වැදගත්කම අවධාරණය කළේ ය.

එහි දී ගුරු වැටුප් ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටලු‍ සඳහා රටේ ආර්ථිකය හා ගළපාගත් නිශ්චිත ක්‍රමවේදයකට අනුව විසඳුම් ලබා දීමට ද ඉදිරියේ දී කටයුතු කරන බැව් පැවසූ අමාත්‍යවරයා වෙසෙසින් ම නව අධ්‍යාපන පරිවර්තන ක්‍රියාවලිය තුළ සිදු කෙරෙන වෙනස්කම්වල දී ඊට අනුගත ව සහයෝගය දෙමින් ක්‍රියා කරන විදුහල්පතිවරුන් ඇතුළු ගුරුභවතුන්ට සිය ප්‍රණාමය පුද කර සිටියේ ය.

ඔක්තෝබර් 5 වෙනිදාට යෙදෙන ලෝක ගුරු දිනයට සමගාමී ව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන මෙම ගුරු ප්‍රණාම උළෙලේ දී පාසල් මට්ටමින් මුහුණපාන විවිධ ගැටලු‍ සහ සංවර්ධනය කරගත යුතු තත්වයන් කෙරෙහි සංවේදී ව ඒවා විසඳාගෙන ශිෂ්‍ය ප්‍රජාවට අනුපමේය මෙහෙවරක් ඉටු කිරීමට දායක වූ පාසල් 26කට අයත් විදුහල්පතිවරුන් 21ක් සහ ගුරුභවතුන් 70ක් තෝරාගෙන ප්‍රණාම පිරිනැමීම සිදු විය. මේ අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන විජිත බේරුගොඩ හා අරවින්ද් කුමාර් මෙන් ම අධ්‍යාපන ලේකම් එම්. එන්. රණසිංහ යන මහත්වරුන්, අධ්‍යාපන නිලධාරීන් ගුරුවරුන්, විදුහල්පතිවරු ඇතුළු පිරිසක් එක් ව සිටියහ.

Post Views: 3
Previous Post

නෙළුම්තොට්ටුම ප්‍රදේශයේදී වන අලියකු කළ පහරදීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට

Next Post

ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනි මිය යයි

editor

editor

Next Post

ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනි මිය යයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

30 May 2025
නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

කොරෝනා මරණ 07ක්…

30 May 2025

Recent News

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

30 May 2025
නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

කොරෝනා මරණ 07ක්…

30 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved