26 July 2024
#දේශීය

එජාපය වැඩ කළේ ආණ්ඩුවේ උපදෙස් අනුවයි – කිරිඇල්ලගෙන් චෝදනා

එක්සත් ජාතික පක්ෂය විසින් සමගි ජන බලවේගේ ක්‍රියාකාරින්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගත්තේ ආණ්ඩුවේ උපදෙස් අනුව බව සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් නායක අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයේ මැතිවරණ කටයුතු දිනෙන් දින වර්ධනය වන නිසා එම ක්‍රියාදාමය පළුදු කිරිමේ අරමුණින් ආණ්ඩුවේ උපදෙස් අනුව එජාපය විසින් ඉහත ක්‍රියාමාර්ග ගත් බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන බව කිරිඇල්ල මහතා වැඩිදුරටත් පැවසීය.

සමගි ජන බලවේගය මෙම ක්‍රියාකාරින්ව ආරක්ෂා කිරිමට අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද හෙතෙම පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *