27 April 2024
#දේශීය

බිලියන 11ක් අවභාවිත කළ අයෙකු බලය ගන්න උත්සාහයක – අගමැති මහින්ද

මධ්‍යම සංස්කෘතික අරමුලෙහි මුදල් අවභාවිත කළ පුද්ගලයින්, මහජන සේවයට බව පවසමින් බලය ලබා ගැනීමට උත්සාහ දරමින් සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ  පවසයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මේ බව සඳහන් කළේ මහර, කඩවත ප්‍රදේශයේ ඊයේ (29) පැවති ජන හමුවක් අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා මෙසේද පැවසී

, “මම සංස්කෘතික අමාත්‍යාංශය ගැන සොයාබැලීමට කමිටුවක් පත්කළා. රුපියල් බිලියන 11ක අවභාවිතාවක් වෙලා තියෙනවා මධ්‍යම සංස්කෘතික අරමුදලෙන්. මේ අරමුදල තියෙන්නේ පන්සල්වලට හා ආගමික ස්ථානවලට උදව් කරන්න,“ 

මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල්වලින් පෝස්ටර් ඇලවීම වැනි විවිධ කටයුතු සිදුකර ඇතැයි ද පැවසු අග්‍රාමාත්‍යවරයා, පසුගිය ජනාධිපතිවරණයේ දී මිලියන 400ක මුදලක් කිසිදු අනුමැතියක් නොමැතිව නිදහස් කර ඇතැයි ද පැවසීය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මේ බව සඳහන් කර සිටියේ  අදාළ කමිටු වාර්තාව පදනම් කරගෙනය.

මේ අතර භාණ්ඩාගාර අනුමැතියෙන් තොරව ජංගම ගිණුම් 25 ක් ද පවත්වාගෙන ගොස් ඇතැයි පැවසු අග්‍රාමාත්‍යවරයා, මෙවැනි පුද්ගලයින් අද නායකත්වය ඉල්ලා සිටින බව ද කියා සිටියේය.

තවද අවිධිමත් ලෙස රැකියා රැසක් තරුණයින්ට ලබා දී ඇතැයි ද පැවසු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ  මහින්ද රාජපක්ෂ “විපක්ෂයක් පළමුවතාවට දෙකට කැඩිලා“ යැයි ද  පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *