27 April 2024
#දේශීය

එන්නත් ජාවාරමක් ඇති නමුත් පවිත්‍රා සම්බන්ධ නැතිලු..

කොවිඩ් – 19 වසංගතය පාලනයට සිදු කරන එන්නත්කරණ වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමේ අරමුණින් සමහර වෙබ් අඩවි සැලසුම් සහගතව අසත්‍ය ප්‍රචාර පතුරවන බව හෙලිව ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් හෝ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ සමීපතයින් හරහා මුදලට එන්නත් විකිණීමේ ජාවාරමක් පවතින බව හුවාදැක්වීමට සමාජ මාධ්‍ය ජාලා සහ වගකීම් රහිත වෙබ් අඩවි ඔස්සේ සමහර පාර්ශවයන් සිදුකරන ද්වේශ සහගත ප්‍රචාරයන් හෙළා දකින බව ඔවුන් පවසා සිටියේය.

නිසි ක්‍රමවේදයක් හරහා සිදුවන එන්නත්කරණ වැඩපිළිවෙල තුළින් එන්නත් මුදලට ලබාදීමේ හැකියාවක් කිසිසේත්ම නොමැති අතර කිසියම් පාර්ශවයක් විසින් කොවිඩ් – 19 රෝගය පාලනය කිරීම සඳහා වන එන්නත් මුදලට ලබාදෙන්නේ නම් ඒවා ව්‍යාජ එන්නත් වන බව මෙන්ම, එවැනි එන්නත් ලබාගැනීමෙන් වළකින ලෙස මහජනතාවට මෙයින් කාරුණිකව සෞඛ්‍ය අමාත්‍යංශය දැනුම් දී සිටි.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ පාර්ශවයෙන් එසේ පැවසුවද අප වෙත වාර්තා වන්නේ එන්නත් ජාවාරමක් ක්‍රියාත්මක වන බවයි. මේ වන විට සෞඛ්‍ය අමාත්‍යංශයේ එක කණ්ඩායමක් වශයෙන් ක්‍රියාත්මක නොවිමක් සිදුවන බවද අප වෙත ඉතා විශ්වාසයෙන් කිව හැකිය. කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ඇතැම් කණ්ඩායම් විසින් ඇමැතිවරිය මෙන්ම රාජ්‍ය ඇමැතිනි ද ගණන් නොගැන සිටිමට කටයුතු කරන බව වාර්තා වේ. මෙම දෙපලටම විරුද්ධව යම් ආකාරයේ මඩ ප්‍රචාර සිදුකරමින් ඇති බව ඔවුන්ගේ සමීපතයින් අප වෙත දැනුම් දී ඇත.

කෙසේ වෙතත් සෞඛ්‍ය ඇමැතිනිය මේ අවස්ථාවේදි ඔබ වෙත ඇති බලය නිසි ලෙස පාවිච්චි කර රටේ ජනතාවට සිදුවන මේ අසාධාරණය නිසි අයුරින් කටයුතු කරන මෙන් අප ද ඔබ වෙත පවසා සිටින්නේය. මන්ද සාධාරණව හා නිසි ක්‍රමයක් යටතේ සිදු නොවන මෙම එන්නත් වැඩපිළිවෙල නිසිඅයුරින් ඉටු කිරීමට තවමත් කාලය ඇත.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *