• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඡන්දේ ගන්න විතරක් කතා කරලා පළක් නෑ -අගමැති

15 August 2018
in සංවර්ධන

සිංහලකම හෝ බෞද්ධකම ගැන කතා කරමින් දේශපාලනයට ඡන්දය ගැනීමට පමණක් කටයුතු කිරීමෙන් පළක් නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අගමැතියවරයා මේ බව පැවසුවේ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශෛලමය ප්‍රාකාරය හා ශෛලමය පොකුණ විවෘත කිරීම සහ ලෝවාමහාපාසාදය ප්‍රතිසංස්කරණය සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට සහභාගි වෙමින් ඊයේ (14) එක්වෙමින්.

එහිදී අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ චීනයට, එංගලන්තයට, ප්‍රංශයට තම සංවර්ධනය ආරම්භ වූ ආකාරය පිළිබදව ආඩම්බරයෙන් පැවසීමට හැකියි නම් අපිට ශ්‍රී ලාංකිකයන් ලෙස අපේ ශිෂ්ඨාචාරය ආරම්භ වූ ආකාරය පිළිබඳව ලෝකයට පැවසිය හැකි විය යුතුයි.

එහිදී අග්‍රාමාත්‍යවරයා මෙසේ අදහස් පල කර සිටියේය ” අපේ ඉතිහාසය පිළිබඳ කතා කිරීමේදී බොහෝ දෙනෙක් පවසන්නේ පාසලේ ඉතිහාසය උගන්වා නැති බවයි. එංගලන්තය, ඇමරිකාව පිළිබද මා සොයා බැලූ විට දැනගත්තේ එම රටවලද පාසල් විෂයක් හැටියට ඉතිහාසය උගන්වන මට්ටම අඩු බවයි. නමුත් ඔවුන්ගේ රූපවාහිනි නාලිකා, ආදිය නරඹන විට ඒවායේ ඔවුන්ගේ ඉතිහාසය පිළිබඳ වැඩසටහන් තිබෙනවා. දෙවන ලෝක යුද්ධය පිළිබඳ වැඩසටහනක් මා මෑතකදී රූපවාහිනියේ දුටුවා. මේ ආදී වශයෙන් ඔවුන්ගේ ෙඓතිහාසික තොරතුරු හෝ චිත්‍රපටි බොහෝමයක් දැකගන්න පුළුවන්. ඔවුන් ඉතිහාසය පිළිබඳව උගන්වන්නේ ඒ ආකාරයටයි. ඉතිහාසයක් නැති ඇමෙරිකාවක් ඔවුන්ගේ ඉතිහාසය ගැන වැඩසටහන් කරනවා.
ලොව ශ්‍රේෂ්ඨතම පුදගලයා බිහි කලේ ඉන්දියාවයි. ඒ බුදුරජානන් වහන්සේයි. ඉන්දියාව, තම ශ්‍රේෂ්ඨත්වය නොදන්නා බව වරෙක නේරු මැතිතුමා සදහන් කර තිබෙනවා
මේ සියල්ල සලකා බලා ඓතිහාසික කරුණු කාරණා සොයා බලමින් අප ඉදිරියට යා යුතුයි. විශ්වවිද්‍යාලවල ඉතිහාසය උගන්වන මහාචාර්යවරුන් සහ තවත් කණ්ඩායමක් සමඟ එක්ව සකස් කළ වාර්තාවක් මා විසින් ඉල්ලූවා. ඔවුන් එය සකස් කර තිබෙනවා. එහි සඳහන් යෝජනාවක් වන්නේ ඉතිහාසය පිළිබද ආයතනයක් ලංකාවේ ආරම්භ කිරීමයි. Institute of History මේ පිළිබඳව ඔවුන් සමඟ සාකච්ඡා කර එය පාර්ලිමේන්තුව පනතක් මගින් නීතිගත කිරීමට මා බලාපොරොත්තු වනවා. ඉදිරිපත් කිරීමට මා බලාපොරොත්තු වෙනවා.
අපි ඉතිහාසය ගැන තේරුම් ගෙන රට දැනුවත් කළ යුතුයි. මේ ගත වෙන්නේ අපේ පාලන කාලයේ තුන් වන වසරයි. මේ කාලය තුලදි අපි මෙම වැඩකටයුතු වලට මූලික අඩිතාලම දමා තිබෙනවා. දැන් එය ඉදිරියට ගෙන යා යුතුයි. ලංකාව යනු කුමක්දැයි අපි ලෝකයට පැවසිය යුතුයි. සයිප්‍රස් සහ ග්‍රීසිය පිළිබඳව ඉතිහාසය අපි දන්නවා. නමුත් ලාංකික අපට ඊටත් වඩා ඉතිහාසයක් උරුමයි. ඒ නිසා දේශපාලන වැඩ කටයුතු කරන අතරේ ලංකාවේ යනු කුමක්ද ? සහ අපේ උරුමය කුමක්ද යන්න දැන ගැනීමට කාලය වෙන් කර ගමු.
මහාචාර්ය කණින්හැම් මහතාගේ වාර්තාව ලැබීමෙන් පසු මහාවිහාර ව්‍යාපෘතිය පමණක් නොව ජේතවනාරාමය අභයගිරිය යන සිද්ධස්ථාන වල කටයුතු ද සිදු කරනවා. හැකිනම් ඉන්දියාව සමඟ වැඩ කටයුතුද කිරීමට ද බලාපොරොත්තු වෙනවා. මෙම කටයුතු සිදු කළ මධ්‍යම සංස්කෘතික අරමුදලටත් එහි අධ්‍යක්ෂකතුමාටත් මම ස්තුති වන්ත වෙනවා.
මේ කටයුතු සියල්ල කිරීමට හැකි වුයේ පුද්ගලයන් දෙදෙනෙකු නිසායි. එක් පුද්ගයෙක් වන්නේ අනුරාධපුරයේ ඊඑල්පී හුරුල්ලේ ඇමතිතුමා. එතුමා රෝලන්ඩ් සිල්වා මැතිතුමා සමඟ මේ වැඩසටහන ආරම්භ කළා. එදා එය ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිතුමා අනුමත කරමින් මෙම මූලික වැඩකටයුතු සිදු නොවුයේ නම් අද අප කාටවත් මේ අවස්ථාව ලැබෙන්නේ නෑ. ඒ නිසා මෙම කටයුතු ඉදිරියට මෙහෙයවීමෙන් අපේ ඉතිහාසය පිළිබඳව ලෝකයද දැනුවත් කිරීමට අවශ්‍ය කටයුතු , මේ වසර 03 අවසන් වීමට පෙර සිදු කිරීමට හැකිවීම පිළිබඳ මාගේ සතුට ප්‍රකාශ කරන්නට කැමතියි. යැයි අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

 

 

Post Views: 6
Previous Post

ජයවර්ධනපුර සරසවිය හා මාර්තු 12 ව්‍යාපාරය අතර අවබෝධතා ගිවිසුමක්

Next Post

ව්‍යාපාරිකයින් එක්ව ශ්‍රී ලංකා ආර්ථිකය ශක්තිමත් කරනවා – ඇමැති රිෂාඩ්

editor

editor

Next Post

ව්‍යාපාරිකයින් එක්ව ශ්‍රී ලංකා ආර්ථිකය ශක්තිමත් කරනවා - ඇමැති රිෂාඩ්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved