• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

ඡන්දේ ගන්න විතරක් කතා කරලා පළක් නෑ -අගමැති

15 August 2018
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සිංහලකම හෝ බෞද්ධකම ගැන කතා කරමින් දේශපාලනයට ඡන්දය ගැනීමට පමණක් කටයුතු කිරීමෙන් පළක් නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අගමැතියවරයා මේ බව පැවසුවේ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශෛලමය ප්‍රාකාරය හා ශෛලමය පොකුණ විවෘත කිරීම සහ ලෝවාමහාපාසාදය ප්‍රතිසංස්කරණය සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට සහභාගි වෙමින් ඊයේ (14) එක්වෙමින්.

එහිදී අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ චීනයට, එංගලන්තයට, ප්‍රංශයට තම සංවර්ධනය ආරම්භ වූ ආකාරය පිළිබදව ආඩම්බරයෙන් පැවසීමට හැකියි නම් අපිට ශ්‍රී ලාංකිකයන් ලෙස අපේ ශිෂ්ඨාචාරය ආරම්භ වූ ආකාරය පිළිබඳව ලෝකයට පැවසිය හැකි විය යුතුයි.

එහිදී අග්‍රාමාත්‍යවරයා මෙසේ අදහස් පල කර සිටියේය ” අපේ ඉතිහාසය පිළිබඳ කතා කිරීමේදී බොහෝ දෙනෙක් පවසන්නේ පාසලේ ඉතිහාසය උගන්වා නැති බවයි. එංගලන්තය, ඇමරිකාව පිළිබද මා සොයා බැලූ විට දැනගත්තේ එම රටවලද පාසල් විෂයක් හැටියට ඉතිහාසය උගන්වන මට්ටම අඩු බවයි. නමුත් ඔවුන්ගේ රූපවාහිනි නාලිකා, ආදිය නරඹන විට ඒවායේ ඔවුන්ගේ ඉතිහාසය පිළිබඳ වැඩසටහන් තිබෙනවා. දෙවන ලෝක යුද්ධය පිළිබඳ වැඩසටහනක් මා මෑතකදී රූපවාහිනියේ දුටුවා. මේ ආදී වශයෙන් ඔවුන්ගේ ෙඓතිහාසික තොරතුරු හෝ චිත්‍රපටි බොහෝමයක් දැකගන්න පුළුවන්. ඔවුන් ඉතිහාසය පිළිබඳව උගන්වන්නේ ඒ ආකාරයටයි. ඉතිහාසයක් නැති ඇමෙරිකාවක් ඔවුන්ගේ ඉතිහාසය ගැන වැඩසටහන් කරනවා.
ලොව ශ්‍රේෂ්ඨතම පුදගලයා බිහි කලේ ඉන්දියාවයි. ඒ බුදුරජානන් වහන්සේයි. ඉන්දියාව, තම ශ්‍රේෂ්ඨත්වය නොදන්නා බව වරෙක නේරු මැතිතුමා සදහන් කර තිබෙනවා
මේ සියල්ල සලකා බලා ඓතිහාසික කරුණු කාරණා සොයා බලමින් අප ඉදිරියට යා යුතුයි. විශ්වවිද්‍යාලවල ඉතිහාසය උගන්වන මහාචාර්යවරුන් සහ තවත් කණ්ඩායමක් සමඟ එක්ව සකස් කළ වාර්තාවක් මා විසින් ඉල්ලූවා. ඔවුන් එය සකස් කර තිබෙනවා. එහි සඳහන් යෝජනාවක් වන්නේ ඉතිහාසය පිළිබද ආයතනයක් ලංකාවේ ආරම්භ කිරීමයි. Institute of History මේ පිළිබඳව ඔවුන් සමඟ සාකච්ඡා කර එය පාර්ලිමේන්තුව පනතක් මගින් නීතිගත කිරීමට මා බලාපොරොත්තු වනවා. ඉදිරිපත් කිරීමට මා බලාපොරොත්තු වෙනවා.
අපි ඉතිහාසය ගැන තේරුම් ගෙන රට දැනුවත් කළ යුතුයි. මේ ගත වෙන්නේ අපේ පාලන කාලයේ තුන් වන වසරයි. මේ කාලය තුලදි අපි මෙම වැඩකටයුතු වලට මූලික අඩිතාලම දමා තිබෙනවා. දැන් එය ඉදිරියට ගෙන යා යුතුයි. ලංකාව යනු කුමක්දැයි අපි ලෝකයට පැවසිය යුතුයි. සයිප්‍රස් සහ ග්‍රීසිය පිළිබඳව ඉතිහාසය අපි දන්නවා. නමුත් ලාංකික අපට ඊටත් වඩා ඉතිහාසයක් උරුමයි. ඒ නිසා දේශපාලන වැඩ කටයුතු කරන අතරේ ලංකාවේ යනු කුමක්ද ? සහ අපේ උරුමය කුමක්ද යන්න දැන ගැනීමට කාලය වෙන් කර ගමු.
මහාචාර්ය කණින්හැම් මහතාගේ වාර්තාව ලැබීමෙන් පසු මහාවිහාර ව්‍යාපෘතිය පමණක් නොව ජේතවනාරාමය අභයගිරිය යන සිද්ධස්ථාන වල කටයුතු ද සිදු කරනවා. හැකිනම් ඉන්දියාව සමඟ වැඩ කටයුතුද කිරීමට ද බලාපොරොත්තු වෙනවා. මෙම කටයුතු සිදු කළ මධ්‍යම සංස්කෘතික අරමුදලටත් එහි අධ්‍යක්ෂකතුමාටත් මම ස්තුති වන්ත වෙනවා.
මේ කටයුතු සියල්ල කිරීමට හැකි වුයේ පුද්ගලයන් දෙදෙනෙකු නිසායි. එක් පුද්ගයෙක් වන්නේ අනුරාධපුරයේ ඊඑල්පී හුරුල්ලේ ඇමතිතුමා. එතුමා රෝලන්ඩ් සිල්වා මැතිතුමා සමඟ මේ වැඩසටහන ආරම්භ කළා. එදා එය ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිතුමා අනුමත කරමින් මෙම මූලික වැඩකටයුතු සිදු නොවුයේ නම් අද අප කාටවත් මේ අවස්ථාව ලැබෙන්නේ නෑ. ඒ නිසා මෙම කටයුතු ඉදිරියට මෙහෙයවීමෙන් අපේ ඉතිහාසය පිළිබඳව ලෝකයද දැනුවත් කිරීමට අවශ්‍ය කටයුතු , මේ වසර 03 අවසන් වීමට පෙර සිදු කිරීමට හැකිවීම පිළිබඳ මාගේ සතුට ප්‍රකාශ කරන්නට කැමතියි. යැයි අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

 

 

Post Views: 2
Previous Post

ජයවර්ධනපුර සරසවිය හා මාර්තු 12 ව්‍යාපාරය අතර අවබෝධතා ගිවිසුමක්

Next Post

ව්‍යාපාරිකයින් එක්ව ශ්‍රී ලංකා ආර්ථිකය ශක්තිමත් කරනවා – ඇමැති රිෂාඩ්

editor

editor

Next Post

ව්‍යාපාරිකයින් එක්ව ශ්‍රී ලංකා ආර්ථිකය ශක්තිමත් කරනවා - ඇමැති රිෂාඩ්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලිට්‍රෝ ගැන දැන් ලැබුණු ආරංචිය

ලිට්‍රෝ ගැන දැන් ලැබුණු ආරංචිය

1 July 2025
සීට් බෙල්ට් නීතිය අද ඉදන්

සීට් බෙල්ට් නීතිය අද ඉදන්

1 July 2025
ඊශ්‍රායල ප්‍රහාරයෙන් 60කට වැඩි පිරිසක් මරුට

ඊශ්‍රායල ප්‍රහාරයෙන් 60කට වැඩි පිරිසක් මරුට

1 July 2025
බස් ගාස්තුව ගැන තීරණය දවස් 2 කින්

බස් ගාස්තුව ගැන තීරණය දවස් 2 කින්

1 July 2025

Recent News

ලිට්‍රෝ ගැන දැන් ලැබුණු ආරංචිය

ලිට්‍රෝ ගැන දැන් ලැබුණු ආරංචිය

1 July 2025
සීට් බෙල්ට් නීතිය අද ඉදන්

සීට් බෙල්ට් නීතිය අද ඉදන්

1 July 2025
ඊශ්‍රායල ප්‍රහාරයෙන් 60කට වැඩි පිරිසක් මරුට

ඊශ්‍රායල ප්‍රහාරයෙන් 60කට වැඩි පිරිසක් මරුට

1 July 2025
බස් ගාස්තුව ගැන තීරණය දවස් 2 කින්

බස් ගාස්තුව ගැන තීරණය දවස් 2 කින්

1 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලිට්‍රෝ ගැන දැන් ලැබුණු ආරංචිය

ලිට්‍රෝ ගැන දැන් ලැබුණු ආරංචිය

1 July 2025
සීට් බෙල්ට් නීතිය අද ඉදන්

සීට් බෙල්ට් නීතිය අද ඉදන්

1 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved