27 July 2024
#දේශීය

ජයවර්ධනපුර සරසවිය හා මාර්තු 12 ව්‍යාපාරය අතර අවබෝධතා ගිවිසුමක්

මාර්තු 12 ව්‍යාපාරය නියෝජනය කරන පිරිසිඳු දේශපාලනයක් සඳහා වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සාමූහකයේ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු විවාදයන්හීදී අවශ්‍යවන පර්යේෂණාත්මක තොරතුරු ලබාදීම සඳහා වන අවබෝධතා ගිවිසුමකට අද (15) අත්සන් තැබිණ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය නියෝජනය කරමින් උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, පිරිසිඳු දේශපාලනයක් සඳහා වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සාමූහිකය නියෝජනය කරමින් පා.ම ආශු මාරසිංහ, පා.ම තාරක බාලසූරිය හා පා.ම එම්.තිලකරාජ් යන මහත්වරුන්ද මාර්තු 12 ව්‍යාපාරය නියෝජනය කරමින් පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතාද මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීය.

එම ගිවිසුමට අත්සන් තැබීමෙන් පසු මාධ්‍යය ඇමතූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසූවේ ” මෙය ජාතික කර්තව්‍යයක් බවයි. තවද ජාතික දේශපාලනයේ නියැලෙන මහජන නියෝජිතයින්ගේ දැනුම හා කුලසලතා වර්ධනය කිරීම සඳහා වන පාඨමාලා ආරම්භ කිරීම සඳහා ඇති අවස්ථා සම්බන්ධයෙන් ඉදිරියේදී සොයාබලන බවයි ” මහාචාර්යවරයා පැවසීය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *