27 April 2024
#දේශීය

මේ ආණ්ඩුව ස්වදේශිකයා ආරක්ෂා කළේ නෑ – විමල් කියයි

ස්වදේශිකයා ආරක්ෂා කිරීම වෙනුවෙන් මේ පරගැති ආණ්ඩුව කිසිදු පියවරක් ගෙන නොමැති බව  ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.  ඒ මහතා පසුගිය 02 වනදා  ‘ජනබලය කොළඹට’ ජනහමුමාලාවේ කොලොන්නාව සණස ශාලාවේ පැවති ජනහමුව අමතමින් කියා සිටියේ වත්මන් ආණ්ඩුව අවුරුදු තුන පුරා ගනු ලැබුවේ විදේශිකයා පිනවීම සඳහා වන  පියවරයන් බවයි.

එහිදී වීරවංශ මහතා වැඩිදුරටත් මෙසේ අදහස් පල කර සිටියේය ” ඉන්දියානු රජයේ ආධාර යටතේ උතුරේ ඉදිවන නිවාසවලින් 40%ක පදිංචි කරන්නේ දකුණු ඉන්දියානු දෙමළ ජනතාව. අපට කොලේ වැහුවාට අද ඉන්දියාවේ ප‍්‍රමුඛ පෙළේ මාධ්‍ය සියල්ල අනාවරණය කර තිබෙනවා, ‘දෙසැම්බරයේ එට්කා ගිවිසුම අත්සන් කරනවා’ කියා. එට්කා ගිවිසුම අත්සන් කළාට පසුව මෙරට රැකියා වෙළදපොළ ඉන්දියානු ශ‍්‍රමිකයන්ට මුළුමනින්ම විවෘත වෙනවා. යැයි මන්ත්‍රීවරයා පැවසිය. 
 
 
 

Leave a comment

Your email address will not be published. Required fields are marked *