මේ ආණ්ඩුවට රටේ ගොවියට වඩා පිටරට ගොවියා විශේෂ බවත්, අද වනවිට ආණ්ඩුව ජනතාවගෙන් කප්පම් ගන්නා මට්ටමට පත්ව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ ඊයේ (21) “සසුනට අරුණ” වැඩසටහන යටතේ තිස්සමහාරාම ආසනයේ බැරගම 4 ඇල විශූද්ධාරාම විහාරස්ථානයේ ඉදිකරනු ලැබූ දහම්පාසල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
අද වනවිට පාරිභෝගික භාණ්ඩ මිල හිතුමනාපෙට ඉහළ යන බවත්, ආණ්ඩුවට ඒ කිසිවක් පිලිබදව වගක්වත් නැති බවත් පැවසූ විපක්ෂ නායකවරයා ආණ්ඩුවට දෙයියන්ගේ හාල් කැවී ඇතැයිද කීය.
මේ අන්තනෝමතික පාලනය තුළ සමස්ත ගොවිජනතාව අනාථවී ඇති බව කී ඒ මහතා මේ ආණ්ඩුව බිහිවී ඇත්තේ ජනතාව වනසා දැමීමට බවත් කීය.