27 April 2024
#ව්‍යාපාර

කෘෂිකාර්මික ප්‍රවර්ධනය වෙනුවෙන් CPOPC මගින් ජාලගත සම්මන්ත්‍රණයක් !

ලොව පුරා කුඩා වතු හිමියන් ට සිය අත්දැකීම් හා දැනුම එකිනෙකා සමග හුවමාරු කරගැනීමට අවස්ථාව ලබා දෙමින් විවිධ වැඩසටහන් සංවිධානය කරන ‘ඔයිල් පාම් නිෂ්පාදක රටවල් සම්බන්ධ කවුන්සිලය (CPOPC)’ ආසියා පැසිෆික් කලාපය, මධ්‍යම ලතින් ඇමරිකාව සහ අප්‍රිකානු මහාද්වීපයේ කුඩා වතු හිමියන් අනුගමනය කරන තිරසාර කෘෂිකාර්මික පිළිවෙත් අනෙකුත් රටවල ද ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කරනු ලැබූ වෙබිනාර් වැඩසටහනක් පසුගිය දා පැවැත්විණි.

එහි දී පැපුවා නිව්ගිනියාවේ කුඩා ඔයිල් පාම් වතු හිමියන්ගේ නියෝජිත කෙප්සන් පුස්පිටා, ඉන්දුනීසියාවේ කුඩා ඔයිල් පාම් හිමියන්ගේ නියෝජිත ජෝනෝ අල්බාර් බුර්හාන් සහ CPOPC සංවිධානයේ නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂ ඩුපිටෝ ඩී. සිමමොරේ යන මහත්වරු මෙම අවස්ථාව ඇමතූ හ.

ගෝලීය ඔයිල් පාම් වගාව පිළිබඳ අදහස් හා තොරතුරු ලබාගැනීම සඳහා ඔයිල් පාම් වගාකිරීමේ ක්‍රියාවලියේ සියලු ම ක්ෂේත්‍රවල වැවිලිකරුවන්, ව්‍යාපාරිකයින් සහ ඊට අදාල අනෙකුත් ක්ෂේත්‍රවල කීර්තිමත් පුද්ගලයින් විසින් සම්මන්ත්‍රණය මෙහෙයවීය. කථිකයෝ සාර්ථකත්වයට පත් වී ඇති කුඩා වතු හිමියන්ගේ ජීවන අත්දැකීම් පිළිබඳව මෙන් ම වගා කටයුතුවල දී ගොවියන්ට ඇතිවන ප්‍රායෝගික ගැටලු සහ අත්දැකීම් සම්බන්ධව ද සම්මන්ත්‍රණයට සහභාගි වූ පිරිස සමග තොරතුරු බෙදා ගත්හ. මෙම ද සම්මන්ත්‍රණ වැඩසටහන මගින් ඉදිරියේදී ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කළ හැකි යහපත් කෘෂිකාර්මික පිළිවෙත් ගණනාවක් පිළිබඳව කතිකා කෙරුණු අතර, තිරසාර, පරිසර හිතකාමී ඔයිල් පාම් වගාවක් තුළින් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගා ගත හැකි ආකාරය පිළිබඳව ද කතිකා කෙරිණි.

ඉන්දුනීසියාවේ ඔයිල් පාම් නිෂ්පාදනය පිළිබඳ සිය ප්‍රවීණත්වය හා අත්දැකීම් බෙදා ගනිමින්, ඉන්දුනීසියාවේ ඔයිල් පාම් කුඩා වතු හිමියන්ගේ සංගමයේ ජාත්‍යන්තර සබඳතා සහ මහජන සංවර්ධන අංශයේ සාමාජිකයෙකු වන ජ්‍යෝනෝ ඇල්බර් බුර්හාන් මහතා යහපත් කෘෂිකාර්මික භාවිතයන් තුළින් කුඩා වතු හිමියන්ට ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව දැනුවත් කළේ ය. ඉන්දුනීසියාවේ ඔයිල් පාම් නිෂ්පාදනයේ ආර්ථිකමය සහ සුබසාධනමය බලපෑම් පිළිබඳව අවධානය යොමු කරමින් බුර්හාන් මහතා ප්‍රකාශ කළේ, ඉන්දුනීසියාවේ ඹයිල් ෆාම් වගාව හෙක්ටයාර මිලියන 16.38ක භූමි ප්‍රමාණයක් දක්වා විහිදී ඇති බවත්, එරට කුඩා වතු හිමිකරුවන් ඔයිල් පාම් වගාකර ඇති ඉඩම්වලින් විශාල ප්‍රතිශතයකට හිමිකම් කියන බවත් ය. එමෙන් ම ඔහු පැවසූ පරිදි ඔයිල් පාම් යනු ඉන්දුනීසියාව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවකගේ ජීවනෝපාය බවට පත් වී ඇති ව්‍යාපාරික ක්ෂේත්‍රයක් වන අතර, එය ඔවුන්ගේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 3.5%ක් පමණ වේ. ඉන්දුනීසියාවේ ග්‍රාමීය ආර්ථිකය සැලකිය යුතු ලෙස ඔයිල් පාම් වගාව මගින් බලගැන්වෙන බව ද බුර්හාන් මහතා සඳහන් කළේ ය. 2019 වසරේ ඔක්තෝම්බර් මාසයේ දී ඉන්දුනීසියාවේ කටුපොල් කිලෝවක සාමාන්‍ය මිල ඇමරිකානු ඩොලර් 0.11 ක් වූ අතර, 2021 වසරේ ඔක්තෝබර් මාසය වන විට එය ඇමරිකානු ඩොලර් 0.20 දක්වා මිල වැඩි වූ බවත්, එමගින් කුඩා වතු හිමියන්ට වැඩි වාසි හිමිවූ බවත් පැවසුවේ ය. එමෙන්ම ඒ මහතා යහපත් කෘෂිකාර්මික පිළිවෙත්වල ඇති වැදගත්කම ද එහි දී මතු කළේය.

ඉන්දුනීසියාවේ රජය විසින් කළමනාකරණය කරනු ලබන කුඩා වතු හිමියන්ගේ වැඩසටහන පිළිබඳ අදහස් දැක්වූ බුර්හාන් මහතා, ඉන්දුනීසියා රජය එරට කුඩා වතු හිමියන්ට පැරණි කටු පොල් ගස් ඉවත් කර නැවත වගා කිරීමේ වැඩසටහනක් සඳහා හෙක්ටයාරයකට රුපියල් මිලියන 30 ක මුදලක් ලබා දුන් බව පැවසුවේ ය. එම නැවත වගා කිරීමේ වැඩසටහනේ ප්‍රතිලාභය ලෙස ජෛව ඉන්ධන නිෂ්පාදනය වැඩි කිරීම සඳහා එය යොදා ගත් බව ඔහු සඳහන් කළේය.

තම අත්දැකීම් බෙදා ගනිමින්, මැලේසියාවේ කුඩා වතු හිමියන්ගේ ජාතික සංගමයේ නියෝජ්‍ය සභාපති අස්මි හසන් මහතා රටේ ආර්ථික වර්ධනයට දායක වන ඔයිල් පාම් වගාවේ ඉල්ලුම හා සැපයුම ආශ්‍රිත ක්‍රියාවලිය පිළිබඳව අදහස් දැක්වුවේ ය.

මැලේසියාවේ ඔයිල් පාම් කර්මාන්තයේ සංවර්ධනය සඳහා එරට රජයේ දැඩි සහයෝගය ලැබෙන බවත්, රටේ දරිද්‍රතාව අවම කර ගනිමින් කුඩා වතු හිමියන්ගේ සුබසාධනය වැඩිදියුණු කිරීමට උපකාරී වන ප්‍රතිපත්ති මාලාවක් එහි දී ක්‍රියාත්මක වන බවත් හසන් මහතා ප්‍රකාශ කළේය. කුඩා වතු හිමියන්ට ඔයිල් පාම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සහයෝගය ලබා දෙමින් මැලේසියානු රජය විසින් අරමුදල් සැපයීම සිදුකරන අතර, වගා කටයුතු සඳහා කුඩා ඉඩමක් ද ලබා දෙන බව ඒ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.

 

 

Council of Palm Oil Producing Countries (CPOPC) holds 2nd small holders outreach webinar towards promoting good agricultural practices

The Council of Palm Oil Producing Countries (CPOPC) recently held a webinar to highlight the importance of promoting good agricultural practices of small holder farmers in the Asia Pacific, Central Latin America and Africa. The CPOPC provides a platform for smallholder networks to share their experience and knowledge and learn from each other.
Addressing these opportunities through a webinar, was Kepson Puspita, a representative of oil palm smallholders from Papua New Guinea, Djono Albar Burhan, a representative of the oil palm smallholders in Indonesia and Dupito D. Simamora, CPOPC Deputy Executive Director.

A panel was assembled, consisting of eminent personalities from all areas of the palm oil cultivation process – planters, business and academia – to provide views, opinions and assessments of the global palm oil cultivation landscape. The speakers presented all topics relating to smallholder sustainability, sharing real stories, real-life issues and experiences. The webinar showcased a number of good agricultural practices that can be implemented in Sri Lanka, going forward, and presented a number of reasons as to how the cultivation of palm oil can be sustainable, environmentally friendly, boost national growth, and ensure further economic stability.

Sharing his expertise on palm oil production In Indonesia, Djono Albar Burhan from The International Relations and People Development Department in Indonesia-Oil Palm Smallholder Association, touched on the benefits to smallholders through good agricultural practices. Looking at the economic and welfare impacts of Palm oil production in Indonesia, Mr. Burhan stated that Indonesia consists of 16.38 million hectares with smallholder farmers owning a big percentage of palm oil land. Palm oil is a big player, relied on by millions of people across Indonesia, contributing to 3.5% of their GDP, significantly improving the rural economies. He further stated that in October 2019, the price of Fresh fruit branches (FFP) was USD 0.11 per kilo for smallholders in average, and as of October 2021, the price increased up to USD 0.20 per kilo, thereby positively affecting smallholders allowing them to further implement good agricultural practices.

Mr. Burhan spoke of the smallholder program managed by the Government of Indonesia, which provides 30 million rupiah per hectare to smallholders across Indonesia for a replanting program to switch from old palm oil trees to new ones. He mentioned that the benefit of the replanting program is that it is integral towards increasing the implementation of biofuels, which in turn requires an adequate supply of fresh fruit branches (FFB). In a bid to increase domestic palm oil consumption, the Indonesian government’s usage of biodiesel entered the B30 phase in 2018. Currently ‘B30’ absorbs 10 million of CPO, therefore, to reach B40, increased productivity of smallholders is required. Another important agricultural practice Mr. Burhan spoke of is followed by smallholders in Indonesia, which is improving the intensification versus the extensification. Intensification has a huge potential to increase palm oil yields by optimizing production and productivity without opening more land for cultivation. Addressing these needs creates a huge opportunity to produce more palm oil through an intensification program.

Also sharing his experience, Azmi Hassan – Deputy President of National Association of Smallholders Malaysia touched on the role of supply and demand in palm oil cultivation contributing towards economic growth.

Mr. Hassan explained that the development of palm oil in Malaysia is strongly supported by the government and is based on a policy that helps small holder farmers improve their welfare in turn reducing poverty levels in the country. Smallholders are given a small plot of land as part of an organized model financed by the government allowing them to start palm oil production.

He further mentioned that in order to increase the oil palm yield, good planting material is required for then which you will obtain a good FFB which you can sell to the mill and obtain the maximum oil which in return increases sustainable power production. All smallholders operate under a licensed model which they have to buy from the licensed nursery operator. He highlighted that in Malaysia there are 840 industry operators licensed under MPOB and under the licensing regulation nursery, important legitimacy of land is a requirement.
Sharing his expertise on good agricultural practices, Mr. Hassan emphasized on the importance of good fertilizer practice which in turn ensures good agricultural practices. For this, soil conservation needs to be carried out to ensure efficient fertilizer usage thereby reducing soil erosion and sludge deposit in ditches which in return result in water contamination due to pesticides. It is important to use fertilizer recommended procedural agricultural practices to obtain maximum benefit and minimize nutrient loss. Further, in Malaysia, zero manning practices and the policy on those common practices by smaller connected under the national environment act no burning is permitted.

The next webinar organised by CPOPC “Smallholders- Drivers of Prosperity and Sustainabilty” will be held on 14th December 2021 at 3pm CET. The Council of Palm Oil Producing Countries (CPOPC) aims to continue engaging the palm oil industry to present the importance and benefits brought about by palm oil cultivation, including the empowerment of smallholder farmers and the securing of the livelihoods, thereby reducing poverty by enhancing the national GDP. Highlights of the speeches focused on the development of sustainable palm oil in Sri Lanka, emphasizing the need to provide support for oil palm smallholders from stakeholders which include the Governments of palm oil producing countries such as Indonesia and Malaysia. The forum was organized with the intention of sharing the voices of the small holder farmers who are the fundamental players of the palm oil industry, thereby allowing for other countries to adopt such practices.

Leave a comment

Your email address will not be published. Required fields are marked *