• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මේ අරගලය ඉස්කෝලේ නෙමෙයි.. ගෝඨා අයියාව ඉස්සරහාට දාලා හැංගෙනවා – නීතිඥ හර්ෂණ නානායක්කාර

13 April 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සැමන් මිල අඩුකරන්න, පරිප්පු මිල අඩු කරන්න, ජාතිය අමතපු ජනාධිපති මේ ව්‍යසනයේදී තමන්ගේ අයියාව ඉස්සරහාට දාලා ඇඟ බේරා ගන්නා බව ජාතික ජන බලවේගයේ ජාතික කමිටු සාමාජික, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (13) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී ඒ මහතා මෙසෙ අදහස් පල කලේය ” ජාතික ජන බලවේගය වශයෙන් වසර ගණනාවක් කියූ දේ අද රටක් පිළිඅරගෙන තිබීම ගැන අපිට සන්තෝෂයි. තනියම ප්‍රශ්න විසඳන්න බැහැ, ජනතාවත් කොටසක් භාරගන්න ඕනෑ බව අපි දිගටම කීවා. ජනතාව අද සටන ඒගොල්ලන්ගේ අතට රැගෙන තිබීම විශාල සතුටක්, ආඩම්බරයක්. ගෝඨා ගෙදර යන්න, හොරකම් කරපුවා ආපහු දීලා යන්න, ආදී සටන් පාඨ යම් කාලයක අපි තනිවම කියපු ඒවා. රටට ඇත්තටම ආදරේ මිනිස්සු දැන් එළියට ඇවිල්ලා. පක්ෂයක් වශයෙන් අපි ඒ ගැන ආඩම්බර වුණත් සටන අපේ කරගන්න හෝ අපේ නම දාගන්න හෝ සූදානම් නැහැ. මේක ජනතා අරගලයක්. අපේ සහයෝගය දීමයි අපි කරන්නේ. මීට පෙර අවස්ථා කිහිපයකදීම කීවා වගේ ව්‍යවස්ථාවෙන් ලබාදී තිබෙන භාෂණයේ නිදහස, රැකියා ස්ථානයේ නිදහස, වැනි මූලික අයිතීන් ආරක්ෂා කළ යුතු බව අපි කීවා. මේ සිදුවීම් වීමට කලින් අපි කියූ දේ ගෝල්ෆේස් පිටියේ පමණක් නොවෙයි හැමතැනම කරගෙන යනවා. භය නැතිව ඒ දේ කරගෙන යන්න. ව්‍යවස්ථාවෙන් දී තිබෙන අයිතිය කිසිදු පාලකයෙක් බන්දේසියක තියලා දුන් ඒවා නොවෙයි. ජනතාව වසර ගණනාවක් අරගල කරලා ලබාගත් අයිතීන්. අවුරුදු පහක් බලයට එන ආණ්ඩුවකට ඒවා අයින් කරන්න හැකියාවක් නැහැ.
අගමැතිතුමා කළ ප්‍රකාශය ගැන අපිට කනගාටුයි. තමන් කැමති මතයක් දැරීමේ මූලික අයිතියට තර්ජනය එල්ල කරන ප්‍රකාශයක් ඒ කළේ. අසූ අට – අසූනවය මතක් කරලා දරුවන්ව බේරා ගන්න කියලා අම්මලාට කීවා. එතුමාට යන්න හැකියාවක් නැති නිසා, ගෝල්ෆේස් පිටියට කාවහරි යවලා බලන්න. එතනට ඇවිල්ලා ඉන්නේ නිකම්ම තරුණ තරුණියෝ නොවෙයි. අම්මලා, තාත්තලා, නැන්දලා, මාමලා පවුල් පිටින් ඉන්නේ. ඒ අරගල භූමිය ප්‍රචණ්ඩකාරී තැනක් නොවෙයි. ආදරය පිරුණු තැනක්. මහින්ද රාජපක්ෂට තාමත් කියන්න තියෙන්නේ අසූ අට – අසූ නවය සහ යුද්ධය ගැන විතර නම්, මේ රටේ ජනතාවට එයත් එක්ක කතා කරන්න මොනවාද තිබෙන්නේ.

සැමන් මිල අඩුකරන්න, පරිප්පු මිල අඩු කරන්න, ජාතිය අමතපු ජනාධිපති මේ ව්‍යසනයේදී තමන්ගේ අයියාව ඉස්සරහාට දාලා ඇඟ බේරා ගන්නවා. මේවා ඉස්කෝලේදී සිදුවන රණ්ඩු බේරාගන්න හොඳ ක්‍රියාමාර්ග. මේක රටක්. රාජපක්ෂට ඒවගේ හැංගිලා ඉන්න බැහැ. හැංගිලා ඉන්න තැනින් එළියට ඇවිත් ජාතිය අමතන්න. ප්‍රශ්න විසඳන හැටි කියන්න. නැත්නම් මිනිසුන්ට කියන්න තිබෙන්නේ “ගෝඨා ගෝ හෝම්” කියලා තමයි. කොන්ද කෙලින් තියාගෙන ඉස්සරහාට ඇවිල්ලා, ජනතාවගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න. බැරිනම් ඔබ ගෙදර යන්න.

මේ රටේ ජනතාවගේ ඉල්ලීම අන්තිම සාධාරණයි කියලා මම හිතනවා. ජනතාවගේ ව්‍යවස්ථාපිත අයිතීන් වෙනුවෙන් පෙනී සිටි අරගලකරුවන් සම්බන්ධයෙන් රටපුරාම නීතිඥවරුන් නොමිලේ පෙනී සිටියා. ඒ නීතිඥ ප්‍රජාවට නීතිඥයෙක් වශයෙන් මම ස්තුතිවන්ත වෙනවා. ඔවුන් දේශපාලන පක්ෂයකින් සල්ලි ගෙවලා එවූ නීතිඥවරුන් නොවෙයි. ජනතාව වෙනුවෙන් සේවය කරන්න ඉදිරියට ආ නීතිඥවරුන්. ඒ නීතිඥ ප්‍රජාව ගැන අපි ආඩම්බර වෙනවා. ඊයේ (12) ඒ නීතිඥවරුන් පෙළපාළියකින් ගෝල්ෆේස් පිටියට ගිහින් සහයෝගය දුන්නා. අසාධාරණයට විරුද්ධව නැගී සිටින ඔබලාගේ ව්‍යවස්ථාපිත අයිතීන් වෙනුවෙන් නීතිඥ ප්‍රජාව ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙනවා.

ගෝල්ෆේස් පිටියේ අරගලකරුවන්ගේ අරගලය දියාරු කරන්න ජාතිවාදී සහ ම්ලේච්ඡ ආකාරයෙන් ගෙනියන ප්‍රචාරයන් අපි දැක්කා. එතැන ඉන්න කාන්තාවන්ට නින්දා කරන ආකාරය අපි දැක්කා. ඒ අරගල භූමිය ඉතාමත්ම ආදරයෙන් පිරුණු තැනක්. ඒකාධිපතීන් භයවෙන්නේ ජනතාව එකතු වෙනවාට. වෛරය වෙනුවට, ආදරය පතුරවනවාට ඒකාධිපතීන් හොඳටම භයයි. රාජපක්ෂවරුන්ගෙන් අපට දැන් පේන්නේ ඒ භය. අරගලකරුවන්ට ලැබෙන ආහාරපාන ත්‍රිවිධ හමුදාව, පොලීසිය එක්ක බෙදා ගන්නවා. එතැන ප්‍රචණ්ඩත්වයක් නැහැ. යම් යම් පුද්ගලයන් යොදවා, චීවරධාරීන් යොදවා, ගවුම් අඳින කලාකාරයන් යොදවා ප්‍රචණ්ඩකාරී තත්වයන් ඇතිකරන්න උත්සාහ කරන බව අපි දැක්කා. නමුත් ඒ දේ සිද්ධ වෙන්නේ නැහැ. ජාතිවාදය, ආගම්වාදය බලය ගැනීම වෙනුවෙන් හොඳට පැතිරූ ආණ්ඩුවට ඒ පාරේම තව වතාවක් යන්න බැහැ. ජනතාව ඒ බව කියා දීලයි තිබෙන්නේ.

වර්තමාන මහ බැංකු අධිපති ටික ටික ඇත්ත කියනවා. අනික් රජයේ සේවකයන්ටත් අපි කියන්නේ ඇත්ත කියන්න කියලයි. දැන් රටේම ජනතාව එකතු වී ඉන්නේ ගෑස් අඩුවට ඉල්ලන්න වත්, පාන් ඉල්ලන්නවත්, රස්සාවක් ඉල්ලන්නවත් නොවෙයි. දැන් ඒ කාලය පැන්නා. මොනවා දියවු කිව්වත්, මේ ආණ්ඩුව අසමත්. ඔවුන්ට අවශ්‍ය වෙන්නේ මොන ක්‍රමයකින් හරි බලය රඳවා ගන්න. තවදුරටත් මේ රටේ ජනතාව ඒකට ඉඩ දෙන්නේ නැහැ. මේක දේශපාලන පක්ෂයකට අයත් අරගලයක් නොවන බව මතක තියාගන්න. මේක රටේ ජනතාවට අයත් අරගලයක්. ජනතාව එකතු වෙන්න ඕනෑ අරගලයක්. ඔක්කෝම එක සටන් බිමකට එකතු වෙන්න ඕනෑ.

ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ මහත්වරුන්ටත් අපි කියන්නේ ඔය යුනිෆෝම් එක ඇතුළේ ඉන්න මනුස්සයාට අපි ආදරෙයි. ඔබලාට ඉහළින් එන නියෝග ඔබලා පිළිපදින්න ඕනෑ. නමුත් නීති විරෝධී නියෝග කවුරුත් පිළිපදින්න ඕනෑ නැහැ. කිසිදු රජයේ සේවකයෙක් ඒ නියෝග පිළිපදින්න ඕනෑ නැහැ. ආණ්ඩුව විසින් ගැටුම් ඇති කරන්න හදන කල්ලිවලට අහුවෙන්න එපා කියලා අපි ඉල්ලා සිටිනවා. අපිට මේ අරගලය දිනන්න පුළුවන් ආදරයෙන් පමණයි. රටේ හැමතැනම ඒ වෙනුවෙන් එකතු වෙන සෙනග බලන්න. ජාතික ජන බලවේගයේ අපිත්, සිවිල් සංවිධානත්, විවිධ ක්‍රියාකාරිකයිනුත්, මහජන අරගලයේ ඉන්නවා. ඒ නිසා බොරු බිය වැද්දීම්වලට අපි සැලෙන්නේ නැහැ. විශ්වාසය නැති ආණ්ඩුවක් බලයේ සිටීමෙන් ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ගෝඨාභය ඇතුළු මේ ආණ්ඩුව බලයේ ඉන්න සෑම මොහොතකම අපේ රට දරුණු ආර්ථික බිඳ වැටීමකට ලක්වෙනවා. තවදුරටත් ඊට ඉඩ දෙන්න බැහැ. අපි පවත්වන පාගමන ජතික ජන බලවේගයට බලය දෙන්න කියන එකක් නොවෙයි. ගෝඨාභය ඇතුළු පවුලෙන් සහ හොර නඩයෙන් රට බේරා ගන්න කියලයි අපි කියන්නේ. සාමකාමී සහ ආදරයෙන් පිරුණු අරගලයක් හරහා අපට මේ ආණ්ඩුව ගෙදර යැවිය හැකියි. සියලු උද්ඝෝෂණවලට සහයෝගය දෙන අතර මේ මස 17, 18, 19 දිනවල පැවැත්වෙන පාගමනට සහයෝගය දෙන්න කියලා ඉල්ලා සිටිනවා. යැයි නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා වැඩිදුරටත් පැවසිය.

 

Post Views: 1
Previous Post

ඖෂධ හිඟයට කළමනාකරණයට සැලසුම් – සෞඛ්‍ය අමාත්‍යංශය

Next Post

ඔබ සැමට සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා !

editor

editor

Next Post

ඔබ සැමට සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025

Recent News

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved