මෙවර අයවැය ලේඛණය ඳිළිදු ජනතාවට හා විවිධ ආර්ථික පීඩාවන්ට පත් වුණ ජනතාවට විශේෂ අවධානය යොමු වූ අයවැය ලේඛණයක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.
මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, ඊයේ (23) පාර්ලිමේන්තුවේදී දෙවන වර අයවැය කියවීමේ විවාදයේදීය.
මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කළ කථාව සම්පූර්ණයෙන්ම ;
ගරු සභාපතිතුමනි, චන්දිම වීරක්කොඩි මන්ත්‍රිතුමාගේ කථාවෙන් පසුව කථා කිරීමට ලැබීම හොඳයි. මොකද එතුමා නොදන්නා කරුණු කිහිපයක් ගැන කථා කළා වගේම එතුමා අද පවතින මේ රටේ ආර්ථික අර්බුදයේ දිග පළල ගැන අවබෝධයකින් කථා කළා. එතුමාගේ කථාවේ ආරම්භයේදීම අද රටේ විවිධ ජන කොට්ඨාශ මුහුණ දෙන ගැටළු කිහිපයක් පිළිබඳව කථා කළා. මේ සියල්ලම තමයි අපි නිරාකරණය කරන්න උත්සාහ කරන්නේ. ඒ එක්කම එතුමා මගෙන් ඇහුවා, රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් අපි කරපු සාකච්ඡා තුළ මේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මැතිවරණ පැවැත්වීම පිළිබඳව සාකච්ඡා වුණා කියලා. එහෙම සාකච්ඡාවක් වුණේ නැහැ. ඇත්තටම රාජ්‍යතාන්ත්‍රිකව සියළුම රටවල් අද උත්සාහ කරන්නේ, ලංකාවේ ඇති වෙලා තිබෙන ආර්ථික අර්බුදයට සහ මේ රටේ ජනතාව මුහුණ දෙන ගැටළුවලට ඔවුන්ට කොහොමද මැදිහත් වවීමක් වෙන්නේ ඒවා විසඳන්න කියලා. හැබැයි අතීතයේ අමතක වුණ කණ්ඩායම් හැටියට අපි කථා කරන්න හොඳ නැහැ. ඔබතුමා අද මේ මැතිවරණ පිළිබඳව කථා කළාට, ඒ තුළින් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කථා කළාට ගරු මන්ත්‍රිතුමා ඔබ ආපස්සට ගොස් මාස 6 ක් 7ක් ගොස් බලන්න. ඔබතුමාටවත් පාරෙ බැහැල යන්න පුළුවන් තත්වයක් මේ රටේ තිබුණේ නැහැ. ඒ ප්‍රජාතන්ත්‍රවාදය ම්ලේච්ඡත්වයට අරගෙන ගිය රටක් බවට පත් වුණා. ම්ලේච්ඡත්වයට ත්‍රස්තවාදයට අරගෙන ගිය රටක්. මේ රටේ කලු පැල්ලමක් ගෙනාපු වර්ෂයක් බවට 2022 අවුරුද්ද පත් වුණා. ඒ හින්ද ඔබතුමාට එදා පාරෙ බැහැලා සාමාන්‍ය පුරවැසියෙක් හැටියට යන්න බැරි වුණාට ඔබ තුමා අද මේ රජයට විරුද්ධ මතයක් දැරුවට ඔබතුමාට රැස්වීම් තියලා රජය විවේචනය කිරීමේ අයිතිය ලබා දීල තියෙනවා. හැබැයි දේශපාලනික වශයෙන් අද මේ පාර්ලිමේන්තුව ස්ථාවර වෙලා තියෙනවා. මේ රටේ අද අපි කළ යුතු කාරණය වන්නේ මොන දේශපාලන මතයක් තිබ්බත්, අද මේ රටේ ජනතාව මුහුණ දී තිබෙන ගැටළුවලට අවශ්‍ය විසඳුම ලබා දෙන්න. ඒ හින්ද ගරු මූලාසනාරූඩ මන්ත්‍රිතුමනි ඒ ජනතාවට අද තියෙන මූලිකම ප්‍රශ්නය ඒ ආර්ථික ගැටළුව. පන්ති භේදයකින් තොරව, ආදායම් භේදයකින් තොරව, අද මේ රටේ ජනතාව මුහුණ දීලා තියෙන්නේ ආර්ථික අර්බුදයකට. මෙන්න මේකට අපි විසඳුමක් ලබා දෙන්නේ නැතිනම්, ඒකට විසඳුම ලබා දීමට හැකි කණ්ඩායමත් ඉන්නේ මේ පාර්ලිමේන්තුව ඇතුළෙ. අපිත් උත්සාහ කරනවා නම්, ඔබතුමාල උත්සාහ කර ගන්නවා නම් මේ තුළ තමන්ගේ දේශපාලන මඩිය තර කර ගන්න එතැන ජනතාව බලාපොරොත්තු වන විසඳුම එන්නේ නැහැ මන්ත්‍රිතුමා. ඒක ඔබතුමා හොඳට තේරුම් ගන්න කියා මා විශ්වාස කරනවා. ඔබතුමා උගත් මන්ත්‍රිවරයෙක් හැටියට.
ඒ වගේම ගරු මූලාසනාරූඩ මන්ත්‍රිතුමනි, අපේ රටේ අද ආර්ථික ප්‍රතිසංස්කරණ රාශියක් සිදු වෙනවා. මේ ආර්ථික ප්‍රතිසංස්කරණ කරන්නේ මේ අපි ඇද වැටී තිබෙන අර්බුධයෙන් ගොඩ එන්න සහ නැවත මෙවැනි අර්බුදයක් ඇති නොවෙන්න අව්‍යශ්‍ය ප්‍රතිසංස්කරණ මේ කරන්නේ. විශේෂයෙන් මේ ප්‍රතිසංස්කරණ වල අරමුණ වෙලා තිබෙන්නේ සාමාන්‍ය ජනතාව පීඩාවට පත් කිරීමට නොවේ. නමුත් ජනතාවට කෙටි කාලීනව මේ පවතින ආර්ථික අර්බුධයට අමතරව කෙටි කාලීනව විශාල බරකට මුහුණ දෙන්න සිදු වෙනවා. අපි හැම දෙනාම කථා කරනවා මේ ආර්ථික ප්‍රතිසංස්කරන, නැවත ආර්ථීකය ස්ථාවර කිරීම ශක්තිමත් කිරීම වේදනාකාරී ක්‍රියාවලියක්. මේක අමතක කරලා කවුරුත් කටයුතු කරන්නේ නැහැ. කටයුතු කළ යුතුත් නැහැ. හැබැයි මෙම පාර්ලිමේන්තුව තුළ මේ අය වැය ලේඛණ සම්බන්ධයෙන් මොන ආකාරයෙන් අදහස් ඉදිරිපත් වුණත් මන්ත්‍රීතුමනි, විරුද්ධව මත දරපු කිසිම කෙනෙක් මීට අමතරව කළ යුතු යෝජනා සම්බන්ධයෙන් කථා කරලා නැහැ. ආයතන 2 ක් ප්‍රතිව්‍යුහගතකරණයට විරුද්ධව කථා කරනවා මිසක් ඊට අමතරව මීට වඩා හොඳ යෝජනා කවුරුත් ලබා දෙන්න කටයුතු කළේ නැහැ.
ගරු මූලාසනාරූඩ මන්ත්‍රිතුමනි, අපේ රටේ 2022 අවුරුද්දේ රාජ්‍ය ආදායම රු. බි. 1,464 යි. අපේ රටේ පුනරාවර්ථන වියදම රු. බි. 2,748 යි. අපේ රටේ රාජ්‍ය ආදායම මෙන් දෙගුණයක් තිබෙනවා පුනරාවර්ථන වියදමක් අපිට පියවා ගන්න. ඒ වගේම රාජ්‍ය ආදායමෙන් 2021 පොළී ගෙවීම් 72% ක් වැය කළා. වැටුප් ගෙවීම් වෙනුවෙන් රාජ්‍ය ආදායමෙන් 58% ක වියදමක් තිබෙනවා. ඒ වගේම සුභසාධන කටයුතු සහ අනෙකුත් පැරවරුම් වෙනුවෙන්, ඒ කියන්නේ විවිධ ආයතන පාඩු ලැබුවහම රාජ්‍ය භාණ්ඩාගාරයේ මැදිහත් වීම අවශ්‍ය නම් ඒ වෙනුවෙන් අපි 47% ක් වියදම් කර තිබෙනවා. අපේ රටේ සමස්ථ ආදායම රාජ්‍ය වියදමත් සමඟ බලන විට වියදම 2.4 ගුණයකින් වැඩියි. ඒ අවුරුද්දේ අයවැය හිඟය 11.6% යි අපේ රටේ නිෂ්පාදනයට සාපේක්ෂව. මෙන්න මේක තමයි මේ රටේ ආර්ථික අර්බුදයේ දිග පළල ගරු සභාපතිතුමනි.
අපි විවිධ ප්‍රතිසංස්කරණ මීට මාස කිහිපයකට පෙර සිදු කළාට පසුව, අපේ බදු ආදායමට අමතර මුදලක් එකතු වෙලා තිබෙනවා. 2020 අවුරුද්දේ සම්පූර්ණ බදු ආදායම රු. බි. 1,373 යි. ආදායම 2021 අවුරුද්දේ රු. 1,464 යි. 2022 අවුරුද්දේ ජනවාරි සිට ඔක්තොමබර් දක්වා රු. බි. 1,586 ක් අපි එකතු කරගෙන තිබෙනවා. ආදායමක් ලබලා තිබෙනවා. ඒක 2021 ට සාපේක්ෂව රු. බි. 1,155 යි. අපි මේ කළ ප්‍රතිසංස්කරණ තුළ මේ වන විට 2021 ට මේ කාලයට සාපේක්ෂව 37% ක වැඩි වීමක් ආදායම වැඩි වීමක් සිදු කර තිබෙනවා.
මේ ආදායම අපි වියදම් කරන්නේ එකක්, මේ රටේ විශේෂයෙන්ම දිළිදු ජනතාවට වැඩි අවධානය යොමු කරලා. මේ අයවැය ලේඛණයත් ඒ දිළිඳු සහ විවිධ ආර්ථික පීඩන වලට පත් වුණ ජනතාවට වැඩි අවධානය යොමු කරල තියෙන අයවැයක් බවට බවට පත් වෙනවා ගරු සභාපතිතුමනි.
විශේෂයෙන්ම අපේ රටේ මේ පවතින ආර්ථික තත්වය තුළ දුෂ්කරතාවයට පත් වුණ ජනතාවට සහන සළසන්න, ඒ වාගේම මේ රටේ ආර්ථික සුරක්ෂිතතාවය සහ ජිවනෝපාය යථාවත් කරන්න, සමෘද්ධි දීමනාව දෙන්න, වැඩිහිටි ජනතාවට මූල්‍යාධාර ලබා දෙන්න, අඩු අදායම්ලාභී ආබාධිත ජනතාවට මූල්‍යාධාර ලබා දෙන්න, වකුගඩු රෝගීන් වෙනුවෙන් මූල්‍යාධාර ලබා දෙන්න, ත්‍රිපෝෂ වැඩසටහන ක්‍රියාත්මක කරන්න, උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන ඒ දරුවන්ට අවශ්‍ය අතිරේක සහයෝගය ලබා දෙන්න, ගර්භනී මවරුන්ට පෝෂණ දීමනාව ලබා දෙන්න, පාසල් ආහාර වැඩසටහන ක්‍රියාත්මක කරන්න, පෙර පාසල් දරුවන් වෙනුවෙන් කෙරෙන උදෑසන ආහාර වැඩසටහන ක්‍රියාත්මක කරන්න මේ කාරණාවලට පමණක් රජය රු. බි. 187 ක් සාමාන්‍යයෙන් අපි ගෙවන සුභසාධන දීමනාවලට අමතරව වෙන් කර තිබෙනවා. මේ වෙන් කිරීම සිදු කර තිබෙන්නේ අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ලබා දී තිබෙන උපදෙසත් වන්නේ රටේ මූල්‍ය ප්‍රතිසංස්කරණය සිදු කරන්න. ඒසේ සිදු කරද්දි පහළ ආදායම් මට්ටම් ලබන ජනතාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්න කියලා.
ගරු සභාපතිතුමනි, අපේ රටේ ආර්ථික අර්බුදයෙන් මිදුනේ නැතිනම් මේ රටේ පැවත්ම ඉතාම භයංකාර තැනකට යනවා. ඒ නිසා මේක දේශපාලන දෘෂ්ඨිකෝනයෙන් බලන්නේ නැතිව කළමනාකරණයක් කළ යුතු තැනක්. අපි යම් ප්‍රගතියක් ලබලා තිබෙනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පත් වුනාට පස්සේ, මේ පාර්ලිමේන්තුව තුළ ඡන්දයෙන් එතුමා තෝරා පත් කර ගත්තට පස්සේ අපි පැවති රජයට වඩා වෙනස් ප්‍රතිසංස්කරණ සිදු කළා. මේ ප්‍රතිසංස්කරණ වල ප්‍රතිපලය කිසියම් ආකාරයකට යහපත් මට්ටමකට රට පවත්වාගෙන යන්න අවශ්‍ය පසුබිම නිර්මාණය කරලා තිබෙනවා. එයින් අපි නැවතත් අදහස් කරන්නේ නැහැ ජනතාව මුහුණ දී තිබෙන සියළු ප්‍රශ්න වලට අපි විසඳුම් ලබා දී තිබෙනවා කියා. ඒක ඉතාම කෙටි කාලයක් තුළ කරන්න බැහැ. අපි ඒකට විවිධ රටවල්වල අපිට හිතවත් පාර්ශ්වයන්ගෙන් මූල්‍ය සහයෝගය ලබා දෙන ආයතනවලින් ඒ සහයෝගය ලබා ගැනීම අවශ්‍යයයි. අපි ඒ වෙනුවෙන් විශාල වැඩ කොටස් රාශියක් කරලා තියෙනවා.
ගරු සභාපතිතුමනි, මේ පාර්ලිමේන්තුව තුළ දිගින් දිගටම කථා කළා, කොහොමද මේ රටේ මූල්‍ය විනයක් පවත්වාගෙන යන්න වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නේ කියලා. අතීතයේ මොන කාරණා නැති වුණත් අපි ලබන අවුරුද්ද වෙද්දි මේ වන කොට සාකච්ඡා කරනවා, විශේෂයෙන් රජය බලාපොරොත්තු වෙනවා, රාජ්‍ය මූල්‍ය පනත අළුතින් ගෙන ඒන්න ඒ් සඳහා අවශ්‍ය සංශෝධන ගේන්න. ඒකියන්නේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත වර්තමානයටත් අනාගතයටත් කිසිඳු නියමිත කළමනාකරණයකින් රාජ්‍ය මූල්‍ය පද්ධතිය පවත්වාගෙන යාමට අවශ්‍ය අන පනත් නීතිරීති වෙනස් වීම ලබන අවුරුද්ද ඇතුළත සිදු කරන්න අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කරනවා. මේ වන විට ඒ සාකච්ඡා පවත්වාගෙන යනවා. මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට පුළුවන් ඒ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලාට පසුව සංශෝධන කළ යුතු නම්, ඒ සම්බන්ධයෙන් අදහස් හා යෝජනා ලබා දෙන්න. ඒවාගේම අපි බලාපොරොත්තු වෙනවා දූෂණ විරෝධී පනතක් මේ පාර්ලිමේන්තුවට හඳුන්වා දෙන්න. ඒ තුළ අද විවිධ කාරණා නිසා විවිධ චෝදනා ඒල්ල වුණ ගොඩක් ප්‍රශ්නවලට විසඳුම් ලැබේවි. හැබැයි ඒවා ජාත්‍යන්තර මට්ටමේ ඉතා සාර්ථක පරිපාලනයක් කරන රටවල්වලට සමගාමීව ගමන් කරන තැනකට අපි අරගෙන ඒන්න ඔ්නි. එහෙම වුනොත් අපි මේ අලුත් ආර්ථිකයක් හදල, මේ ජනතාව මුහුණ දෙන ගැටළුවලින් මුදාගන්න අව්‍ශ්‍ය වාතාවරණය හැදීමට අපට දායක වෙන්න පුළුවන්.
එ් වගේම අද පුවත්පත් වල වාර්තා කරලා තිබුණා, දේශීය ණය ගෙවීම ගැන රාජය ක්‍රියාත්මක විය යුතුයි කියලා. දේශිය ණය නොගෙවා සිටීමට කිසිම වෙලාවක රජය සාකච්ඡා කරලා නැහැ. ඒ ගැන කිසිම තැනක කථාවෙලා නැහැ. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය එකක් කිසිම අවස්ථාවක කථා වෙලා නහැ. ඒ නිසා මෙම ගරු සභාවෙන් මම ඉල්ලනවා කරුණු සොයා බලන්නේ නැතිව, සත්‍ය වටහාගන්නේ නැතිව ප්‍රකාශ නිකුත් කරන්න එපා. මේ පවතින ආර්ථික අර්බුදය තුළ තවදුරටත් සැක මතු වන කරුණු ඉදිරිපත් වුනොත් අපි තවදුරටත් පහළට යනවා. ඒ හින්දා ඒගැන ඉතාමත් වගකීමෙන් කටයුතු කරන්න කියලා මේ සභාවෙන් ඉල්ලා සිටිනවා.
අපි විශ්වාස කරනවා, ඊයේ දිනයේ මෙම රජයයට ඒකතු වූ කණ්ඩායම වගේම විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ කණ්ඩායම පාර්ලිමේන්තුව තුළ මෙම අයවැය ලේඛණය අවසාන වශයෙන් සමමත කරගැනීමට අවශ්‍ය හොඳ යෝජනා විවේචන පමණක් නොවේ ඉදිරි ගමන සාර්ථක කර ගත යුතු යෝජනා මේ රජයට ලබා දෙයි කියලා. බොහොම ස්තුතියි. යැයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.