27 April 2024
#ක්‍රීඩා

ජම්පර් අදින්න අය අද ඉන්නේ පාර්ලිමේන්තුවේ

ජම්පර් අදින්න අය අද ඉන්නේ පාර්ලිමේන්තුවේ බව මුදල් අමාත්‍යංශ අධීක්ෂණ මන්ත්‍රී අනුරාධපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අනුරාධපුරයේ පැවති මාධ්‍ය හමුවකදීය,

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

ඒකාධිපති පාලනයක් ලංකාවට නම් අවශ්‍යය නෑ, ඉඩි ආමීන්ලා, හිට්ලර්ලාගේ පාලනයක් මේ ලංකාවට ඕන නෑ,ලංකාවේ මහජන ජන්දයෙන් තමයි නායකයෝ පත් වෙන්නේ.මේක පාකිස්ථානයක් නෙමෙයි.ඒකාධිපති පාලනයක්, මිල්ටරි පාලනයක් ලංකාව ආවොත් කවදාවත් මේ රටට අනාගතයක් නෑ.තියෙන දේවලුත් නැති වෙලා යනවා.මේ ලංකාවට හිට්ලර්- බට්ලර් ලා අවශ්‍යය නෑ.හිට්ලර් -බට්ලර් කියන්නේ මිනීමරුවෝ, ඒ වගේ අය මේ ලංකාව පාලනයට ඕන නෑ.මේක බෞද්ධ රටක්, මේ රට පාලනය කරන්න සුදුසුම නායකයා බෞද්ධ නායකයෙක් පමණයි.මේ බෞද්ධ රට නියම බෞද්ධ නායකයෙකුට පාලනය කරන්න දුන්නොත් තමයි අපිට අනාගතයක් තියෙන්නේ.

මේ වන විට පාතාලය හිස එසවීමක් සිදු වෙලා තියෙනවා.කොහොම මේ දේවල් ඇති වෙනවාද කියලා හිතාගන්න බැරි වෙලා තියෙනවා. ජනාධිපතිතුමන්, අගමැතිතුමන් විශේෂ කණ්ඩායමක් පත් කරලා කඩිනම් විසදුමක් ගන්න ඕන කියලා තීන්දුවක් අරගෙන තියෙනවා.මේ පාතාලය නැත්තටම නැති කරන්න රජය කටයුතු කරනවා.පාතාලය හිස එසෙව්වොත් රටේ තියෙන ආර්ථික ප්‍රශ්න වලට වඩා මහා විශාල ප්‍රශ්න ඇති වෙනවා, රට නැත්තටම නැති වෙලා යනවා.

මා ඇතුළු පාර්ලිමේන්තුවේ 225 දෙනාම අද ආර්ථිකයේ සිදුව තිබෙන විනාශයට උත්තර දෙන්න ඕන.හිටපු ජනාධිපතිතුමන්, වර්ථමාන ජනාධිපතිතුමන්, අගමැතිතුමා, කැබිනට් මණ්ඩලය ඇතුළු සියලු දෙනාම උත්තර බදින්න ඕන.අපි එකාට එකා නෑ,හොඳ වැඩක් කරන්න ඉඩ දෙන්නේ නෑ.මේ ඉන්න අයත් හොඳ වැඩක් කරන්නේ නෑ,ඒක තමයි තියෙන ප්‍රධානම ප්‍රශ්නය.අද බලන්න දේශපාලඥයින්ට චෝදනාවන් එල්ල වෙනවා.

මගේ දරුවෝ දෙන්නා යන්නේ කොළඹ ප්‍රසිද්ධ පාසලකට, මගේ දරුවෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ දරුවෝ දෙන්නෙක් ඒ කියලා ඒ පාසලේ අනෙක් ළමයි දන්නවා.මගේ පුතෙකුගෙන් යාලුවෙක් ඇහුවලු “ඔයාගේ තාත්තත් ඇලෝසියස්ගෙන් සල්ලි ගත්තාද” කියලා, මගේ පුතා කිව්වලු “ඇලෝසියස්ගේ ණය ගෙවන්න මගේ තාත්තා ළඟ සල්ලි තියෙනවා ” කියලා.දැන් හැමෝම පාර්ලිමේන්තු මන්ත්‍රී දිහා බලන්නේ හොරෙක් , අල්ලස්කාරකේ, කොමිස් කාරයෙක් දිහා බලන විදිහට.ඇලෝසියස්ගෙන් සල්ලි අරගෙනලු මන්ත්‍රීවරු 118 ක්, මම නම් ඒ කාළයේ ලංකාවේ හිටියේ නෑ මම හිටියේ මක්කම ගිහින්. ජම්පර් අදින්න ඕන අය තමයි පාර්ලිමේන්තුවේ ඉන්නේ.මම එදා ගරු අගමැතිතුමාට කිව්වා, ඔබතුමන් අලුත් අධිකරණයක් පිහිටෙව්වා දැන් ඉක්මනට නඩු අහන්න ඕන කියලා.නමට මේවා කරනවා කියලා කිව්වට විතරක් වැඩක් නෑ කියලා.

කලින් හිටපු ජනාධිපතිතුමන්, ඇමතිවරු, මන්ත්‍රීවරු අද අපේ යහපාලන රජයේ ටොප් ටෙන් කියන නාමය විනාශ කර ගෙන තියෙනවා.මේ කවුරු හරි කමක් නෑ, හොරකම් කෙරුවා නම් ජම්පරේ අන්දලා හිරේ යවන්න.නැත්නම් අපිටත් දේශපාලනය කරන්නත් ලැජ්ජයි.අද ඩොලරයේ මිල ඉහළ යන්න හේතුවත් හරි ප්‍රථිපත්තතියක් නැති එකයි.මම බොහෝම දුකෙන් කථා කරන්නේ අද දේශපාලනයට සිදු වෙලා තියෙන තත්වය ගැන.යැයි මන්ත්‍රීවරයා කියා සිටියේය.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *