• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බනින අයට අමතකයි .. වැඩිපුර ආණ්ඩු කළේ අපියි – රාජ්‍ය ඇමැති දුමින්ද

15 March 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පහුගිය කාළයේ වැඩිම ආණ්ඩු බලයේ හිටිය පක්ෂය අප බවත් බනින හැමෝටම අමතක වෙලා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, සූර්ය බල, සුලං හා ජල විදුලි ජනන සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රට හදන සෞභාග්‍යයේ දැක්ම බලගන්වමින් වාරී සෞභාග්‍යා ජාතික වැඩසටහන යටතේ ග්‍රාමීය වැව්- අමුණු සංවර්ධනය කිරීමට සමගාමීව අනුරාධපුර මිහින්තලය වෙරුප්පන්කුළම වැව සංවර්ධනය කිරීමේ කටයුතු සමාරම්භ කරමින්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යයවරයා,

ගොවි ජනතාවට අවශ්‍යය කරන ශක්තිය හා සහයෝගය ලබා නොදුනහොත් අපි බලාපොරොත්තු වෙන ඉලක්ක කරා යන්න අපිට බැරි වෙනවා.අද අපේ ගොවීන්ට යම් විශ්වාසයක් තියෙනවා,තමන්ගේ ගොවි තැනට සාධාරණයක් වෙයි කියලා.ඒ නිසා තමයි අපනයනයන් වැඩි කරන්නත්, ආනයන ටික අඩු කරන්නත් අපි කටයුතු කරන්නේ. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියත් මේක කළා, කරපු වේගය වැඩි නිසා ඒ වෙලාවේ දේශපාලන වශයෙන් තවත් පිරිසක් ඒක විවේචනය කරපු නිසයි, පෝලීං ගැන, නොයෙකුත් දේවල් ගැන කථා කරලා එදා සිරිමාවෝ මැතිණියට ආණ්ඩුවත් නැති වුණා, හැබැයි අද අපි කියනවා එදා සිරිමාවෝ මැතිණියගේ ප්‍රථිපත්තිය අපි උහුලන් හිටියා නම්, දරාගෙන හිටියා නම්, අපි ඒක පිළිගත්තා නම් අද වෙන කොට එහෙම නම් අපි සිංගප්පූරුවටත් එහා දියුණු වෙලා, හැබැයි අද අපිට ආයේ සිද්ධ වෙලා තියෙනවා අවුරුදු 30 කට පමණ පසුව නැවත වතාවක් එදා අතීතයේ තිබුණ ප්‍රථිපත්තිය හොඳයි,ඒක හරි අපිට වැරදුනා කියලා කියන්න අපිට සිද්ධ වෙලා තියෙනවා.එහෙම හරි කමක් නෑ, අවුරුදු 25-30 කට පස්සේ හරි ආයේ පාරක් අපිට වෙච්ච වැරැද්ද හදාගෙන අලුත් ගමනක් යන්න පුළුවන් නම් අඩුම තරමේ නූපන් දරුවන්ටවත් මේ රට හොඳ ශක්තිමත් රටක් බවට පත් කර ගන්න පුළුවන්කම ලැබෙයි.ඒ නිසා අපි විශ්වාස කරනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ නායකත්වය යටතේ අපනයන සීමා කරලා, අපේ රටේ වවන්න පුළුවන්, අපේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් සියලුම දේ, මම කොයිම වෙලාවකවත් කියන්නේ නෑ, අපිට 100% ක්ම ස්වයංපෝෂිත වෙන්න පුලූවන් කියලා.එහෙම කිව්වොත් ඒක බොරුවක්.මොකද සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ කාලෙන් කාලෙට එක ආණ්ඩුවක් පත් වුණාම එක දේකින් ස්වයං පෝෂිත කරනවා,ඒ ආණ්ඩුව පැරදිලා තවත් ආණ්ඩුවක් බලයට ආවම අර ව්‍යාපෘතිය නවත්තලා තවත් එකකින් ස්වයංපෝෂිත කරනවා.ඇමතිවරු මාරු වුණාමත් එහෙමයි, හොඳ වැඩේ නවත්තලා තමන් තවත් වැඩක් පටන් ගන්නවා.එහෙම ගත්තම නම හදා ගන්න වැඩ කරලා තියෙනවා මිසක් රට හදන්න වැඩ කරලා නෑ, ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ බලාපොරොත්තුව වෙලා තියෙන්නේ මෙන්න මේ කියන සැලසුම් ටික හදන්න.ආණ්ඩු මාරු වුණත්, ඇමතිවරු මාරු වුණත් රජයේ යම් යම් දේවල් වල ප්‍රථිපත්ති එකක් වෙන්න ඕන, ආණ්ඩු වලට වෙනම ප්‍රථිපත්ති වැඩපිළිවෙලවල් තියෙන්න ඕන,හැබැයි පොදුවේ රටක් විදිහට ගත්තාම පොදු ප්‍රථිපත්තියක් තියෙන්න ඕන, ඒ නිසා තමයි අපේ අසල්වැසි ඉන්දියාව ඇතුළු දියුණු රටවල් ආණ්ඩු මාරු වුණාට, නායකයෝ මාරු වුණාට රට ඉස්සරහට යන්නේ.රට වැටෙන්නේ නෑ, ඒකට හේතුව තමයි එන එන පුද්ගලයා මත නෙමෙයි, රටේ ආර්ථික ප්‍රථිපත්තිය,කෘෂිකාර්මික, අධ්‍යාපන, සෞඛ්‍ය ප්‍රථිපත්ති වැනි රටේ ජනතාවට බලපාන සුවිශේෂී ප්‍රථිපත්ති ආණ්ඩුවෙන් ආණ්ඩුවට පුද්ගලයාගෙන් පුද්ගලයාට මාරු වෙන්නේ නෑ, ඒ නිසා තමයි කොච්චර මැතිවරණ තිබ්බත් කොච්චර වෙනස් වූ නායකයෝ ආවත්,ඒ රටවල් ඉස්සරහට යන්නේ,හැබැයි අපේ ගත්තම ආණ්ඩුවෙන් ආණ්ඩුවට, ඇමතිවරයාගෙන් ඇමතිවරයාට ප්‍රථිපත්ති වැඩපිළිවෙල මාරු වෙන නිසා අපිට එක අරමුණක- එක බලාපොරොත්තුවක ගමනක් යන්න බෑ.
රටකට ප්‍රථිපත්තියක් වැඩපිළිවෙලක් තියෙනවා නම් අපිට වෙන කාගෙවත් උදව් ඕන නෑ,රට තුළම සිටින දේශීය ව්‍යාපාරිකයෝ අපේ ගොවි මහත්තුරු,සියලු දෙනත් එක්ක අපිට මේ රට නැගිට්ටවන්න පුළුවන්කම තියෙනවා.අපි විශ්වාස කරනවා මේක තමයි ඒකට හොඳම කාළය.අපි හැමෝම කියනවා හැට නව ලක්ෂයක් ඡන්දය දුන්නා, තුනෙන් දෙකක බලයක් දුන්නා, ආයේ විරුද්ධ වෙන්න විපක්ෂයක් නෑ, මීට වඩා හොඳ කාළයක් ආයේ කවදාවත් එන්නේ නෑ.එහෙම නම් මේක තමයි රට හදනවා නම් හදන්න තියෙන කාළය, වෙනස් කරනවා නම් වෙනස් කරන්න තියෙන කාළය, අලුත් කරනවා නම් අලුත් කරන්න තියෙන කාළය.රට හදන්න අපි හැමෝම එකතු වුණොත් මැතිවරණ කාළයේ දිනන කෙනා දිනනවා පරදින කෙනා පරදිනවා හැබැයි අපි මැතිවරණයෙන් පස්සේ අපි හැමෝම එකා වගේ අත්වැල් බැඳ ගත්තොත් අපිට මේ අවුරුදු 05 ත් වැඩියි මේ රට හදන්න.අපි අවංකව එකතු වුණොත්, අපි හදවතින් එකතු වුණොත් , ඕනකමින් එකතු වුණොත් එහෙම මේ අවුරුදු 05 තුළ විශාල වෙනස්කම් කරන්න පුළුවන්කම තියෙනවා.ඒ නිසා ඔබතතුමන්ලා හැමෝටම අපි ආරාධනා කරනවා ඒ ගමනේ කොටස්කාරයෝ පංගුකාරයෝ වෙන්න කියලා.

අපි හැමෝම රට හදනාවට කැමතියි,හැබැයි බොහෝ දෙනෙක් අපි ගමට ආවේ නැත්නම් බනිනවා, දැක්කේ නෑ, මළ ගෙදර ආවේ නෑ,දැන් ඕකත් ප්‍රශ්නයක් අපිට රට හදන්න, මේක බේරෙන්න කියන කථාවක් නෙමෙයි, මේ රට හදනා නම් ප්‍රථිපත්තිය තමයි අපි ඉස්සරලා හදාගන්න ඕනකම තියෙන්නේ.හැබැයි අපිට දේශපාලඥයෝ විදිහට අපේ කාළයෙන් වැඩි වේලාවක් මළ ගෙවල් වලට, ඇවිදින්න, දුක සැප බලන්න යන්න සිද්ධ වෙලා තියෙනවා.ජනතාව අපිව පත් කරන්නේ අවුරුදු 05 කට, අවුරුදු 05 කට පත් කරලා කප්පරක් වැඩ අපෙන් බලාපොරොත්තු වෙනවා,හැබැයි ඊටත් වඩා ගමට එන එක බලාපොරොත්තු වෙනවා.මට අදත් ගමකින් කිව්වා ඇමතිතුමා මුකුත් නොකළත් කමක් නෑ, දකින්න තිබ්බොත් ඇති කියනවා, ගමට ආවොත් ඇති කියනවා.වැඩක් කරන්න ඕන නෑ, මාසෙකට පාරක් ඇවිත් යන් නකියනවා,දැන් මේ දෙකම කොහොමද බේරා ගන්නේ. ගමේ මූණ පෙන්න ගන්නත් ඕන, ඒ වගේම රටේ ප්‍රථිපත්ති හදන්නත් ඕන,අපි දේශපාලඥයොන්ගේ වගකීම මොකක්ද කියලා තේරුම් ගන්න ඕන, අපි දැන් ගම් මට්ටමේ වැඩ කරන කොට ග්‍රාමීය කමිටුවක් අපි හදලා තියෙනවා.ඒ කමිටුවේ සියලු රජයේ නිළධාරීන් ඉන්නවා,අපි බලාපොරොත්තු වෙනවා ඒ නිළධාරීන් තමන්ගේ රාජකාරිය හරි ආකාරව ඉෂ්ඨ කරයි කියලා.වෙනදා වැව හදන එකයි, පාර හදන එකයි, පැලේ බෙදන එකයි,වැසිකිලි පෝච්චි බෙදන එකයි මේ හැමදේම තෝරන්නේ දේශපාලඥයෝ, බෙදන්න එන්නෙත් දේශපාලඥයෝ, අඩුපාඩු හොයන්න එන්නෙත් දේශපාලඥයෝ, හැබැයි මේකට වෙනම නිළධාරී මණ්ඩලයක් ඉන්නවා,ඒ දේට වගකියන්න ඕන පිරිසක් ඉන්නවා.මම නම් සියලු ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් දුන්නේ මගේ පක්ෂයක් තියෙනවා, ආණ්ඩුවට පක්ෂයක් තියෙනවා, පැරදුන පක්ෂ ගොඩාක් තියෙනවා, හැබැයි මේ ආණ්ඩුවෙන් හදන්න දුප්පත් ගෙයක් හොයනවා නම් හොයන්න ඕන චක්‍රලේඛණ අනුව දුප්පත්කම කියන එක විතරයි,ඒ ශ්‍රී ලංකා දුප්පතෙක් කියන එක නෙමෙයි,පොහොට්ටුවේ දුප්පතෙක් කියන එක නෙමෙයි,අපි හොයන්න ඕන සමෘද්ධිය දෙන්න ඕන කාටද? දුප්පතාගේ මොන ගේද අපි හදන්න ඕනකම තියෙන්නේ, දැන් අලුතින් අපි ලක්ෂ 20 ක් වෙන් කරලා සමෘද්ධිය එක්ක ගේ හදන ගමන් ව්‍යාපාරයක් කරන්න ව්‍යාපාරික ස්ථානය හැදෙන වැඩේදී අපි තෝරා ගන්න ඕන අපිව නියෝජනය කරන කෙනාම නෙමෙයි,ඒ වැඩේට වඩාත් සුදුසු ගමේ ව්‍යාපාරයක් කරන්න පුළුවන් කෙනෙක් තෝරා ගත යුතුයි.රජයේ නිළධාරීන් මොනම හේතුවක් නිසාවත් මගේ පක්ෂයේවත්, මගේ නියෝජතයා කියලවත්, ආණ්ඩු පක්ෂයේ කියලවත්, ආණ්ඩුවේ නියෝජිතයා කියලාවත් ඒ අය කියන කියන දේවල් කරන්න යන්න එපා. දැන් අපි මේ වැඩේ වෙනස් කරලා හදන්න ඕනකම තියෙනවා. 1948 ඉඳන් තිබුණ ආණ්ඩු වලින් දුප්පත් අයගේ ගෙවල් හැදුවා, හැම ආණ්ඩුවකින්ම හැදුවානේ, පහුගිය කාළයේ වැඩිම ආණ්ඩු බලයේ හිටිය පක්ෂයත් අපි, අපි තමයි වැඩියෙන්ම ආණ්ඩු කලේ, හැබැයි අපි නේද වැඩියෙන්ම බණින්නෙත් එක එක්කෙනාට, අවුරුදු විසි ගණනක් අපි ආණ්ඩු කරලා සමහර අය පහුගිය අවුරුදු 05 ට බණිනවා. හැබැයි අමතකයි ඒ අයට වැඩියෙන්ම ආණ්ඩු කලේ අපි කියලා. පහුගිය අවුරුදු පහේද සේරම කෙළවුණේ, නෑනේ, අපි එහෙනම් කොච්චර කාළයක් ආණ්ඩු කළාද? ඒ නිසා අපි දැන් ක්‍රියාත්ම වෙන්න ඕනකම තියෙන්නේ හරි දේ කරන්න.අපි එදා ඉඳන් ගෙවල් ටික හදන කොට වුණත් හරිම අයගේ ගෙවල් ටික හැදුවා නම් අද මේ රූපවාහිනි නාලිකා වලට පෙන්නන් ඉතුරු වෙලා තියෙය්ද ඉටි කොළ ගහපු ගෙවල්, තහඩු ගහගෙන හිටපු ගෙවල්, අපි චක්‍රලේඛණ අනුව, ප්‍රථිපත්ති අනුව හැබෑම දුප්පතා තේරුවා නම් දුප්පතුන් ටික නැති වෙලා තියෙන්න ඕන දැන් යැයිද පැවසීය.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මිහින්තලය ආසන සංවිධායක හිටපු පළාත් සභා අමාත්‍යය සරත් ඉලංගසිංහ, තිරප්පනය ප්‍රාදේශීය සභාවේ සභාපති රොෂාන් ඉලංගසිංහ යන මහත්වරුන් ඇතුලු දේශපාලන නියෝජතයින් ඇතුලු රාජ්‍යය නිළධාරීන් හා ගොවි සංවිධාන නියෝජිතයින්, ප්‍රදේශවාසීන් එක්ව සිටියහ.

 

තිසර සමල් – අනුරාධපුර

Post Views: 0
Previous Post

ශ්‍රී ලංකා ධජයේ රූපය අනිසි ලෙස භාවිතා කිරීම ගැන බිජිං තානාපති කාර්යාලයේ අවධානය

Next Post

මද්‍රාසා පාසල් රටේ සමගියට බාධාවක්නම් එයට මැදිහත්වන්න රජයට පුළුවන් – අධ්‍යාපන ඇමැති

editor

editor

Next Post

මද්‍රාසා පාසල් රටේ සමගියට බාධාවක්නම් එයට මැදිහත්වන්න රජයට පුළුවන් - අධ්‍යාපන ඇමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved