27 April 2024
#දේශීය

ශ්‍රී ලංකා ධජයේ රූපය අනිසි ලෙස භාවිතා කිරීම ගැන බිජිං තානාපති කාර්යාලයේ අවධානය

චීනයේ නිෂ්පාදිත “නොලිස්සන පාපිස්ස” මත ශ්‍රී ලංකා ධජයේ රූපය අනිසි ලෙස භාවිතා කිරීම පිළිබඳව දැනගන්නට ලැබි ඇති බව බීජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

මෙම තොරතුර ලද වහාම, තානාපති කාර්යාලය චීනයේ විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත දැනුම් දී, ශ්‍රී ලංකා ධජය අනිසි ලෙස භාවිතා කරමින් පාපිසි සහ එවැනි නිෂ්පාදන නිෂ්පාදනය නතර කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලා තිබේ.

තානාපති කාර්යාලය විසින් ඇමසොන් වෙබ් අඩවිය මත මෙම නිෂ්පාදන අලෙවි කළ සමාගමෙන් ශ්‍රී ලංකාවේ ධජය භාවිත කරමින් මෙම පාපිසි සහ එවැනි නිෂ්පාදන විකිණීම වහාම නතර කරන ලෙස ලිපියක් මගින් ඉල්ලා සිටින ලදී. මේ වන විට එම දැන්වීම ඇමසොන් වෙබ් අඩවියෙන් ඉවත් කර තිබේ.

මෙම තානාපති කාර්යාලය මේ පිළිබඳව සමීපව අධීක්‍ෂණය කරමින් සිටින අතර, ශ්‍රී ලංකාවේ ධජය සහිත ඕනෑම නිෂ්පාදනයක් නිෂ්පාදනය කිරීම හා විකිණීම අත්හිටුවීම සඳහා චීනයේ අදාළ බලධාරීන් හරහා සුදුසු පියවර ගනු ඇති බව බිජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *