27 April 2024
#දේශීය

මද්‍රාසා පාසල් රටේ සමගියට බාධාවක්නම් එයට මැදිහත්වන්න රජයට පුළුවන් – අධ්‍යාපන ඇමැති

වෛරය, ක්‍රෝධය, විරසකය වපුරනව නම් රටේ එකමුතුභාවයට තර්ජනයක් වෙමින් මද්‍රසා පාසල් පවත්වාගෙන යනවා නම් ඒවාට මැදිහත්වීමට රජයට අයිතියක් තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසූයේ බත්තරමුල්ල නෙළුම් මාවතේ පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතමිනි.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ මද්‍රාසා ආයතන 2000කට ආසන්න ව නැත්නම් සංඛ්‍යාත්මක ව 1965ක් විතර මේ ‍රටේ ක්‍රියාත්මක වෙන බවයි.

මේවා පිළිබඳ දැඩි ක්‍රියාමාර්ග ගැනීමට, මේවා මොනවා ද, උගන්වන්නේ මොනවාද, කවුද? වගේ දේවල් සොයා බලන්නට යහපාලන රජය කිසිම උත්සාහයක් නොගත් බවත් පිටරටින් 600ක් විතර ආවා ඒ කාලය තුළ. ආරක්ෂක ලේකම් ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා එයට ඉඩ නොදුන් බව හෙතෙම පැවසිය.

ඒ කාලේ ආගමන විගමන නිලධාරීන් සහ බුද්ධි අංශය අතර හොඳ සබඳතාවක් තිබු බවද අමාත්‍යවරයා කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ‍පැවසූයේ, “මේ ආයතනවලට ඇවිත් උගන්වන්න කවුරු හරි වීසා බලපත්‍රයක් ඉල්ලනව නම් ඒ අයගේ ඉතිහාසය විස්තර සහිත ව සොයා බැලුවා. ඒ සියල්ලක් ම යහපාලන රජය අහෝසි කළා. ගුවන්තොටුපළේ දී ම ඒ අයට වීසා ලබා දීමට යහපාලන රජය කටයුතු කළා. කිසිම ප්‍රශ්නයක් අහන්නේ නැතුව, විමර්ශනයක් කරන්නේ නැතුව ක්ෂණික ව ගුවන්තොටුපළේ දී ම වීසා දුන්නා. ඒවයින් තමයි මේක මේ විදියට ව්‍යාප්ත වුණේ. මං දැක්ක විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරයෙක්, යහපාලන රජය සමයේ හිටපු ඇමතිවරයෙක් කියලා තියෙනවා මේවා පාලනය කිරීම නීති විරෝධීයි කියලා. එය පාලනය කිසිම ආකාරයකින් නීති විරෝධී නැහැ. වෛරය, ක්‍රෝධය, විරසකය වපුරනව නම් රටේ එකමුතුභාවයට තර්ජනයක් වෙමින් මේ මද්‍රසා පාසල් පවත්වාගෙන යනවා නම් ඒවාට මැදිහත්වීමට රජයට අයිතියක් තිබෙනවා පමණක් නොවෙයි එය රජයේ යුතුකමක් ද වෙනවා. මේ පිළිබඳ තීන්දු ගන්න කියලා රජය නියෝග දීලා තිබෙනවා. යනුවෙන් ද පැවසී ය.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *