27 April 2024
#දේශීය

එනසහල් පෙට්ටි සොරකම් කල තිදෙනෙකු අත්අඩංගුවට

කොළඹ, CICT පරිශ්‍රය තුළදී ඊයේ (28) අළුයම කාලයේදී එහි තිබු බහාලුමක් බිඳ එනසහල් පෙට්ටි 09 ක් සොරාගත් බවට සැකකරන තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

මෙලෙස සොරා ගත් එනසහල්වල වටිනාකම රුපියල් 2,500,000 ක් වන බවට පැමිණිලි ලැබි ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අදාල සැකකරුවන් තිදෙනෙකු හා සොරකම් කරන ලද එනසාල් පටවා තිබු කන්ටේනර් රථයක් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 35, 37 සහ 39 වයස්වල පසුවන ඉපලෝගම, බණ්ඩාරගම හා නිකදළුපොත ප්‍ර දේශවල පදිංචිකරුවන් වේ.

සැකකරුවන් අද (29) අලුත්කඩේ ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. සිද්ධිය සම්බන්ධයෙන් කොලඹ වරාය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *