වැල්ලවාය, ඇල්ලවල දිය ඇල්ල ආසන්නයේ දිය නෑමට ගිය තිදෙනෙකු අද (20) පස්වරුවේ මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.
මිය ගිය තිදෙනාගේ මෘත ශරීර ප්‍ර දේශවාසින් සහ පොලිස් නිලධාරින් එක්ව ගොඩට ගෙන ඇති අතර පසුව වැල්ලවාය රෝහල වෙත යොමු කර තිබේ.
මිය ගිය තිදෙනා එක පවුලේ අය වන අතර ඔවුන් වයස 38 ක් වු පිරිමි පුද්ගලයෙකු වු අතර වයස අවුරුදු 15 ක් වු පිරිමි දරුවා, වයස අවුරුදු 11 ක වු ගැහැණු දරුවා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ඇත.











