27 April 2024
#දේශීය

හෙට රට හදන්නෙත් රට දකින්නෙත් එජාපය පමණක් බව රනිල් කියයි

රට දකින්නෙත්, හෙට රට හදන්නෙත් තම පක්ෂය පමණක් බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (20) එම පක්ෂයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනකට එක්වෙමිනි.

එහිදී අදහස් දැක්වූ වික්‍රමසිංහ මහතා පැවසුවේ තමාට රට හදන්න 2003 දී ලැබුණු බවත් එදා මේ රට සහල්වලින් ස්වයංපෝෂිත කළ බවයි.
එසේම සුවසැරිය ආරම්භ කළ බවත් පාසල් සිසුන්ට ටැබ් දෙද්දි එළියෙනුයි ඇතුළෙනුයි විරුද්ධය දැක්වුනා වඳවෙනවා කියා එම නිසා ඒ වැඩපිළිවෙල නැවැත්තුවා.

මේ වන විට අධ්‍යාපනය වඳවෙලා තියෙන බවත් අද වන විට එජාපය එක් මන්ත්‍රීවරයෙක් වෙනකම් පරාජය වු බව හෙතෙම පැවසිය.

ඒත් අද අපට හෙට හදන්න පුළුවන් කියලා ඔප්පුවී හමාර බවත් ඉන්න දේශපාලන ව්‍යාපාරවලින් හෙට දකින්නෙත් හෙට හදන්නෙත් එක්සත් ජාතික පක්ෂය කියලා කියන්න කැමතියි බව රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *