• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මෙරට ව්‍යවසායකත්වය නඟා සිටුවීම වෙනුවෙන් ICTA ජාත්‍යන්තරයේ ඇගයීමට

3 October 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ගෝලීය ව්‍යවසායකත්ව ජාලය (GEN) මඟින් සංවිධාන කළ GEN Compass Awards 2023 හි අවසන් වටය සඳහා තේරී පත් වීමට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සමත් වෙයි.

2022 වර්ෂයේ පැවැති ගෝලීය ව්‍යවසායකත්ව සතිය සංවිධාන කරමින් අත් කර ගත් සාර්ථකත්වය සහ ඵලදායීත්වය මෙලෙස ඇගයීමට ලක් වීමට හේතු වී තිබේ. මෙරට ව්‍යවසායකත්වය සහ නවෝත්පාදනයන් පෝෂණය කිරීම සහ තාක්ෂණය මත පදනම් වූ ආර්ථික වර්ධනයක් ඇති කිරීම සඳහා ICTA හි කැපවීම මෙම ඇගයීම හරහා අවධාරණය කරයි.

ලොව පුරා ව්‍යවසායකයින්ට සහාය දැක්වීම, ව්‍යවසායකත්වය නඟා සිටුවීම මෙන් ම ඒ වෙනුවෙන් කැපවී සිටින පුද්ගලයින් සහ සංවිධාන ඇගයීම ගෝලීය ව්‍යවසායකත්ව ජාලය මඟින් සිදු කෙරේ.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් මෙම ගෝලීය ව්‍යවසායකත්ව සතිය සංවිධාන කරනු ලැබුවේ ප්‍රථම වරට වන අතර එවැනි තත්ත්වයක් තුළ මෙසේ ජාත්‍යන්තර ඇගයීමකට ලක් වීම විශේෂත්වයකි.

ව්‍යවසායකයින් සහ නවෝත්පාදන සවිබල ගැන්වීම සහ ආරම්භක ව්‍යාපාර ආර්ථික පද්ධති පෝෂණය කිරීම අරමුණු කර ගනිමින් සෑම වසරක ම නොවැම්බර් මාසයේ දී මෙම සතිය ලෝකයේ රටවල් විශාල ප්‍රමාණයක පැවැත්වේ.

ගෝලීය ව්‍යවසායකත්ව සතිය තරුණ පරම්පරාව අතර ව්‍යාපාර සඳහා පෙළඹවීමක් ඇති කරන වේදිකාවක් ලෙස ද අන්තර්ජාතිකව හඳුනාගෙන තිබේ.

2022 වසරේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් එම ගෝලීය ව්‍යවසායකත්ව සතිය සංවිධාන කිරීමේ සත්කාරකත්වය ලබා තිබුණේ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයයි.

ඒ අනුව ඉකුත් වසරේ නොවැම්බර් මස 14 සිට 20 දක්වා දිවයිනේ ස්ථාන ගණනාවක දී අදාළ ක්ෂේත්‍රයේ ආයතන, සංවිධාන, සමාගම් සහ පුද්ගලයින්ගේ සහභාගිත්වයෙන් ව්‍යවසායකත්ව, නවෝත්පාදන, ආරම්භක ව්‍යාපාර ආර්ථික පද්ධති, අධ්‍යාපන, ඩිජිටල් අන්තර්කරණ සහ ප්‍රතිපත්ති යන අංශ යටතේ සමුළු, සම්මන්ත්‍රණ, වැඩමුළු, සාකච්ඡා, දැනුවත් කිරීම් ඇතුළු ක්‍රියාකාරකම් රැසක් පවත්වන ලදී.

දේශීය ව්‍යවසායකයින්, ආයෝජකයින්, පර්යේෂකයන් සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් අතර සහයෝගීතාවයෙන් හා සම්බන්ධතා ශක්තිමත් කරමින් රට පුරා විවිධ කර්මාන්තයන්හි යෙදී සිටින නව්‍ය ව්‍යවසායකයින් ඇගයීම හා සවිබල ගැන්වීම ද මෙහි දී සිදු කර ඇත.

මෙම ව්‍යවසායකත්ව සතිය තුළ දී නව ව්‍යාපාර ආරම්භ කිරීමට සැලසුම් කරන මෙන් ම විවිධ බාධාවලට මුහුණ දී සිටින ව්‍යවසායකයින්ට ඔවුන්ගේ ව්‍යාපාර වැඩි දියුණු කර ගැනීමට අවශ්‍ය පුහුණුව, උපදෙස් හා සබඳතා ඇති කර ගැනීමේ අවස්ථාවන් ද උදා කර දෙන ලදී.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා සමාගම් ආරම්භය, ලියාපදිංචිය, බදු ආදිය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළු ද පාසල් දරු දැරියන්, විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්, තරුණ තරුණියන් සඳහා ව්‍යවසායකත්වය පිළිබඳ දේශන මාලා ද සමාජයීය හා තාක්ෂණික ව්‍යවසායකත්වය පිළිබඳ දැනුවත් කිරීමේ මාර්ගගත සැසි ද මේ යටතේ පවත්වා තිබේ.

සමස්තයක් ලෙස 2022 ගෝලීය ව්‍යවසායකත්ව සතිය තුළ දිවයිනේ ප්‍රදේශ 12ක් ආවරණය කරමින් ක්‍රියාකාරකම් 111ක් පැවැත්වීමටත්, 3000කට අධික පිරිසකට ප්‍රතිලාභ ලබා දීමටත් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයට හැකි විය. මෙම ක්‍රියාකාරකම්වල දී රටවල් 11ක් සමඟ සහයෝගීතාවයෙන් කටයුතු කිරීමට අවස්ථාව ලැබුණු අතර මෙරට තුළ ගෝලීය ව්‍යවසායකත්ව සතිය සංවිධානයේ දී අත්වැල් බැඳ ගත් සංගම්, සංවිධාන ඇතුළු හවුල්කරුවන් සංඛ්‍යාව 60කට අධිකයි.

වසර 3ක කාලයක් සඳහා ශ්‍රී ලංකාවේ මෙම ගෝලීය ව්‍යවසායකත්ව සතිය සංවිධාන කිරීමේ සත්කාරකත්වය ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයට පැවරී ඇති අතර එළඹෙන නොවැම්බරයේ දී 2023 ගෝලීය ව්‍යවසායකත්ව සතිය පැවැත්වීමට නියමිතයි. මෙරට ව්‍යවසායකයින්, නවෝත්පාදන සවිබල ගැන්වීමේ ක්‍රියාවලියේ කොටස්කරුවකු වෙමින් 2023 ගෝලීය ව්‍යවසායකත්ව සතිය හා අත්වැල් බැඳ ගැනීමට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සියලු පාර්ශව වෙත ඇරයුම් කර සිටියි.

Post Views: 13
Previous Post

“කැරකෙන රෝදේ“ ප්‍රසංගය සහ උපහාර උළෙල පැවැත්විණි

Next Post

මට විදුලි බිලක් ආවේ නෑ … බිල ගෙවු සනත්ට ස්තුතියි – මන්ත්‍රී නාමල්

editor

editor

Next Post

මට විදුලි බිලක් ආවේ නෑ ... බිල ගෙවු සනත්ට ස්තුතියි - මන්ත්‍රී නාමල්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved