• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අද අප මේ කැපවන්නේ ඔබට සුරක්ෂිත දියුණු රටක් නිර්මාණය කරන්න -අගමැති

7 January 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අභියෝග හමුවේ වුවත් අද අප මේ කැපවන්නේ ඔබට සුරක්ෂිත දියුණු රටක් නිර්මාණය කරන්න යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (06) පෙරවරුවේ කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල සිසු දියණියන්ගේ අයිතියට පත් කිරීමෙන් අනතුරුව පැවැති උත්සව සභාව අමතමිනි.

මලියදේව බාලිකාවේ විදුහල්පතිනිය ඇතුළු ආචාර්ය මණ්ඩලය හා සිසු දියණිවරු අග්‍රාමාත්‍යතුමා ඇතුළු සම්භාවනීය අමුත්තන් පළමුව මහත් ගෞරවයෙන් උත්සව අවස්ථාවට පිළිගත් අතර නව තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීම සංකේතවත් කරමින් අග්‍රාමාත්‍යතුමා සමරු ඵලකය නිරාවරණය කළේ ඉන් අනතුරුවය.

නව ගොඩනැගිල්ල නිරීක්ෂණය කළ අග්‍රාමාත්‍යතුමා, එහි වූ පංති කාමරයකට පීත්ත පටියක් කපමින් ඇතුළු වූයේය.

මලියදේව බාලිකාවට වසර 75ක් පිරීම නිමිත්තෙන් රු.25 වටිනා විශේෂ සමරු මුද්දරයක් හා මුල්දින කවරයක් අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් නිකුත් කිරීම ද මෙහි දී සිදුවිය. තැපැල්පති රංජිත් ආරියරත්න මහතා විසින් මෙම විශේෂ සමරු මුද්දරය අග්‍රාමාත්‍යවරයාට පිළිගන්වන ලදි.

කොවිඩ් වසංගතයට පාසල් වසා දැමූ කාලය තුළ දරුවන් ජංගම දුරකථනවලට ඇබ්බැහිවීමේ අනතුර පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා, තාක්ෂණය හොඳට මෙන්ම නරකට ද ඉවහල්වන බැවින් නිවැරදි මග සොයා ගැනීමට දරුවන් දැනගත යුතු බවත් ඔවුන් ගැන දෙමාපියන් මෙන්ම ගුරුවරුන් ද අධ්‍යනයෙන් පසුවිය යුතු බවත් අවධාරණය කළේය.

උත්සව සභාවෙන් පිටතට එන අවස්ථාවේ දී මලියදේව බාලිකා විද්‍යාලයේ මාධ්‍ය ඒකකයේ දැරියන් හමුවූ අග්‍රාමාත්‍යවරයා “ඔයාලට තිබෙන අඩුපාඩු මොනවාදැයි” දරුවන්ගෙන් විමසා සිටියේය. “අපට කැමරා නැහැ” යැයි දැරියන් කී විට අග්‍රාමාත්‍යවරයා ඒ මොහොතේම අධ්‍යාපන ඇමති දිනේෂ් ගුණවර්ධන මහතාට ඔවුන්ගේ අඩුපාඩු බලා එය ඉටු කර දෙන්නැයි ඉල්ලා සිටියේය.

 

කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයේ දී අග්‍රාමාත්‍යතුමා කළ සම්පූර්ණ කතාව මෙසේය.

දියණිවරුනි,
ඔබ ඉගෙනුම ලබන කුරුණෑගල මලියදේව බාලිකාව දැනුමෙන් කුසලතාවෙන් පිරිපුන් අභිමානවත් පරපුරක් රටට දායද කරන පාසලක් බව ප්‍රථමයෙන් කියන්න ඕනේ. අධ්‍යාපනය පැත්තෙන් ගත්තත් ක්‍රීඩාව පැත්තෙන් ගත්තත් මලියදේව බාලිකාව ඉදිරියෙන් ඉන්න බව අපි දන්නවා. ඒ නිසා මේ මලියදේව බාලිකාවේ දැරියන් ගැන අපි හැමෝටම ආඩම්බරයක් තියෙනවා.
මේ අවස්ථාවට එන්න මට උනන්දුවක් ඇතිවුණේ මේ දරුවන්ට කරන ගෞරවයක් හැටියටයි. අද ඔබට ලැබුණු මේ නව ගොඩනැගිල්ල ඔබේ පාසලට ලැබුණු හොඳම තෑග්ගක්.
අපි දරුවන්ගෙ දක්ෂතා අගය කරනවා වගේම ඒ දක්ෂතා මත ඉදිරියට යන්න අවශ්‍ය පහසුකම් සලසන්න ඕන. එවිටයි දරුවන් දිරිමත් වෙන්නෙ. දරුවන් තමයි අපේ අනාගතය.
ඇතැම්විට ඔබ දන්නෙ නැතුව ඇති අපේ රටේ පාසල් දස දහසකට වැඩි සංඛ්‍යාවකින් වැඩිම පාසල් ප්‍රමාණයක් තියෙන්නෙ කුරුණෑගල දිස්ත්‍රික්කයේ බව. මේ දිස්ත්‍රික්කයේ ජාතික පාසල් 30ක් ඇතුළු රජයේ පාසල් 873ක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ පාසල්වල ඉගෙන ගන්න දරුවො ජාතික තලයේ දී විභාගවලින් සෑම වසරක දිම ඉතා විශිෂ්ට දක්ෂතා පෙන්වනවා.
පසුගිය අවුරුදු කිහිපය ගත්තම පහේ ශිෂ්‍යත්වයෙන් ඉහළම සමත්වීමේ ප්‍රතිශතය පෙන්නල තියෙන්නේ කුරුණෑගල දරුවෝ. ඔබට එය ආඩම්බරයක්. ඒ විතරක් නෙමෙයි සාමාන්‍ය පෙළ , උසස් පෙළ විභාගවලිනුත් ඉහළම දක්ෂතා පෙන්වමින් කුරුණෑගල දරුවො සමත්වුණා. ඔබේ පාසලත් ඒ අතර ඉදිරියෙන්ම සිටිනවා.

ආදරණීය දැරියනි,
ඔබේ පාසල් කාලය තමයි ජීවිතයේ වටිනාම කාලය. මේ ඉන්න ගුරුභවතුන් ඔබට අධ්‍යාපනය පමණක් නෙවෙයි විෂය බාහිර ක්‍රියාකාරකම්වල යෙදෙන්නත් අවස්ථාව ලබා දෙනවා. අනාගත අභියෝග ජයගන්න නම් අධ්‍යාපනය වගේම විෂය බාහිර ක්‍රියාකාරකම්වලිනුත් ඔබ සන්නද්ධ විය යුතුයි.
ඒ නිසා මේ පාසලේ දරුවන් විෂය බාහිර ක්‍රියාකාරකම්වලිනුත් ඉදිරියෙන්ම ඉන්න බව දැනගත්තම මම තවත් සතුටු වුණා. දැනගන්න ලැබුණ විදියට අපේ ජාතික කාන්තා පාපන්දු කණ්ඩායමේ 06 දෙනෙක්ම ඔබේ විද්‍යාලයෙන් බිහි වූ ඔබේ සහෝදරියන්.
ඒ විතරක් නෙමෙයි දැල්පන්දු ඇතුළු බොහෝ ක්‍රීඩාවල ජාතික තලයට ගිය ක්‍රීඩිකාවන් මෙන්ම අපේ රටේ පළමු ක්‍රීඩා කථිකාචාර්යවරිය බිහිවන්නෙත් මේ විද්‍යාලයෙන්.
ඒ වගේම සෞන්දර්ය විෂයටත් ඔබ එකසේ සමත්කම් දක්වනවා.
නැටුම් ගැයුම් තරගවල ජාතික තලයේ ජයග්‍රහණ ලබන ඔබට සෞන්දර්ය විෂයට අදාළ ගොඩනැගිල්ලක තියෙන අඩුපාඩුවත් අධ්‍යාපන ආමාත්‍යාංශය විසින් ඉදිරියේ දී මගහැර දෙනු ඇතැයි මම විශ්වාස කරනවා.

දයාබර දරුවනි,

තරුණ බෞද්ධ සංගමයේ අදහසකට එදා සිසුවියන් 69 දෙනෙකුගෙන් හා ගුරුවරියන් 4 දෙනෙකුගෙන් ආරම්භ වූ මෙම පාසල අද වනවිට ශිෂ්‍යාවන් 4500 කට ආසන්න පිරිසකට සෙවන දෙන රටේ ප්‍රමුඛතම බාලිකා පාසලක්.
මේ තැනට මේ පාසල ගොඩ නැගුනේ නිකම්ම නෙමෙයි. විදුහල්පතිවරු, ගුරුවරු, දෙමාපියෝ, ආදි ශිෂ්‍යාවෝ ඒ වෙනුවෙන් විවිධ කැපකිරීම් කරලා තියෙනවා. අද ඔබ අභිමානයෙන් මේ පාසලෙන් අධ්‍යාපනය ලබන්නේ ඒ අතීත කැපකිරීම් මත බව අමතක කරන්න එපා. ඒ වගේම තමයි ඔබටත් අද දිනයේ වගකීමක් තිබෙනවා ඒ අභිමානය අනාගතයට රැගෙන යන්න.
ඔබ සතුව ඇති බලය තමයි දැනුම. දැනුම ලැබෙන්නේ අධ්‍යාපනයෙන්. දැනුමෙන් පෝෂණය වෙනව කියන්නේ කිසිවෙකුටත් අත නොපා ඔබලාට දෙපයින් නැගී සිටීමට ලැබෙන අවස්ථාවක්. දුප්පත් පොහොසත් උගත් නූගත් කිසිදු බේදයකින් තොරව තමන්ගෙ දරුවන් දැනුමෙන් පෝෂණය කරන්න දෙමාපියන් කැප වෙන්නේ ඒ නිසයි.
කොවිඩ් වසංගතය සමඟ නැවතුණ පාසල් අධ්‍යාපනය අපි ක්‍රමානුකූලව ආරම්භ කළේ ඔබේ අනාගතය මෙන්ම රටේ අනාගතය ගැන කල්පනා කරලයි. හැබැයි එදා කොවිඩ් වලට ගෙදර නැවතුන දරුවන් ජංගම දුරකථනයට ඇබ්බැහිවෙලා කියලා දෙමාපියන් මැසිවිලි නගනවා.වෛද්‍යවරු පවා මේ ගැන අනතුරු අගවලා තියෙනවා. හොඳට වගේම නරකටත් තාක්ෂණය ඉවහල් වෙනවා. ඒ නිසා දරුවෝ දැනගන්න ඕනේ වැරදි මඟ නොයා තාක්ෂණයෙන් අපිට ලබාගන්න තියෙන හරි දේවල් සොයා යන්න. දෙමාපියන්ටත් ගුරුවරුන්ටත් වගකීමක් තියෙනවා දරුවන්ට නිවැරදි දේ කියා දෙමින් ඔවුන්ව අධ්‍යනය කරන්න.

ආදරණීය දරුවනි,
අධ්‍යාපනය සඳහා මෙතෙක් කිසිදු රජයක් වෙන් නොකරපු මුදලක් අපි මෙම වර්ෂයේ වෙන්කරල තියෙනවා. ගුරුවරුන්ගේ වැටුප් ගැටලුවට පවා සාධනීය විසදුමක් ලබාදෙන්න අපිට හැකිවුණා. අපි හැම දෙයක්ම කරන්නේ දරුවන් ගැන හිතලා. ඒ නිසා දරුවන්ට අධ්‍යාපනය ලැබීමේ අයිතිවාසිකම තහවුරු කරන්න අපි අවුරුදු 18ට අඩු දරුවන් සේවයේ යෙදවීම නීතියෙන්ම දැන් තහනම් කරලා තියෙන්නෙ.
ඒ විතරක් නෙමෙයි පාසල් නොයන දරුවන් හඳුනාගෙන ඔවුන් පාසල් වෙත යොමු කරන්නත් අපි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා.
ඔබට ලැබෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගෙන සැබෑ දක්ෂයන් ලෙස ඉදිරියට එන්න. අභියෝග හමුවේ වුවත් අද අප මේ කැපවන්නේ ඔබට සුරක්ෂිත දියුණු රටක් නිර්මාණය කිරීමට බව සිහි තබාගන්නා ලෙස ඉල්ලමින් ඔබට සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.

ඔබ සැමට තෙරුවන් සරණයි! යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.

 

 

Post Views: 2
Previous Post

එක රටක් එක නීතියක් වෙනුවෙන් ආදීවාසී ජනතාවගේ අදහස් ලබා ගනි

Next Post

පාස්කු ප්‍රහාරයේ නඩුවෙන් මෛත්‍රිව නිදහස් නොකෙරේ

editor

editor

Next Post

පාස්කු ප්‍රහාරයේ නඩුවෙන් මෛත්‍රිව නිදහස් නොකෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved