27 April 2024
#දේශීය

එක රටක් එක නීතියක් වෙනුවෙන් ආදීවාසී ජනතාවගේ අදහස් ලබා ගනි

එක රටක් එක නීතියක්” සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් ඊයේ (6) දින මහියංගනය ආදීවාසී ගම්මානයේදී ආදීවාසී ජනතාවගේ අදහස් ලබා ගැනීම සිදුකරන ලදි.

එහිදී වැදිනායක ඌරුවරිගේ වන්නිලා ඇත්තෝ විසින් ජනාධිපති කාර්ය සාධක බලකාය වෙත තම ජන කොට්ඨාශය වෙනුවෙන් අදහස් සහ යෝජනා ලබා දීම සිදුකරන ලදි.

එක රටක් එක නීතියක් ස්ථාපිත කිරීම සඳහා ජනාධිපතිවරයාට ශක්තිය තිබෙන බවට විශ්වාසයක් තිබෙන බවත් කුමන බාධක පැමිණිය ද මෙම කර්තව්‍ය සාර්ථකව කරගැනීමට අවස්ථාව සැලසෙන ලෙස ඥානසාර හිමියන්ට තමන් ආශීර්වාද කරන බවද වැදි නායකයා අදහස් දක්වමින් පැවසීය.

මේ අවස්ථාවට “එක රටක් එක නීතියක්” සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති රාජකීය පණ්ඩිත පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි, සාමාජිකයන් වන මහාචාර්ය ශාන්තිනන්දන විජේසිංහ, ජේෂ්ඨ කථිකාචාර්ය සුමේධ වීරවර්ධන, නීතිඥ සංජය මාරඹේ, එරන්ද නවරත්න, පානි වෑවල යන මහත්වරුන් සහ කාර්ය සාධක බලකායේ ලේකම් ජීවන්ති සේනානායක මෙනවිය ඇතුළු පිරිසක් සහභාගී විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *