2026 ඔක්තෝබර් 13 වැනිදා දහවල් චාවකච්චේරි පොලිස් වසමේ යාපනය – චාවකච්චේරි මාර්ගයේ නයිට්ටි ප්රදේශයේදී සිදුවූ රිය අනතුරකින් යතුරුපැදියක ගමන් කළ තරුණයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
යාපනය දෙසට ධාවනය වූ යතුරුපැදියක රියදුරුට වේගය පාලනය කරගැනීමට නොහැකිවීමෙන්, ප්රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ලොරි රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති බව සඳහන් වේ.
අනතුරින් යතුරුපැදිකරු සහ පසුපැදිකරු බරපතළ තුවාල ලබා චාවකච්චේරි රෝහලට ඇතුළත් කරන අවස්ථාව වන විටත් මියගොස් සිට ඇත.
මියගිය දෙදෙනා වයස අවුරුදු 20ත් 23ත් අතර පසුවන චුන්නාකම් ප්රදේශයේ පදිංචිකරුවන් බව වාර්තා වේ.
අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් චාවකච්චේරි පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
















