ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව දියත් කර ඇති යුදමය වාතාවරණය හමුවේ, තුර්කි ගුවන් සීමාවට ඇතුළු වූ සිව්වන බැලැස්ටික් මිසයිලය ද සාර්ථකව විනාශ කිරීමට නේටෝ (NATO) ගුවන් ආරක්ෂක පද්ධති සමත්ව තිබේ. නැගෙනහිර මධ්‍යධරණී මුහුදේ ස්ථාපනය කර ඇති මෙම ආරක්ෂක පද්ධති මඟින් මිසයිලය විනාශ කළ බව තුර්කි රජය අද (30) නිල වශයෙන් තහවුරු කළේය.
මීට පෙර අවස්ථා තුනකදී ද මෙලෙස තුර්කි ගුවන් සීමාව උල්ලංඝනය කරමින් ඇතුළු වූ මිසයිල විනාශ කිරීමට නේටෝ බලකාය පියවර ගෙන තිබුණි. මෙම සිදුවීම් මාලාව හේතුවෙන් අන්කාරා පාලනය ඉරානයට දැඩි විරෝධය පළ කරමින් අවවාද කර ඇති නමුත්, ටෙහෙරානය පවසන්නේ මෙම මිසයිල දියත් කිරීම් සඳහා තමන්ගේ කිසිදු අනුමැතියක් හෝ සම්බන්ධයක් නොමැති බවයි.












