8 September 2024
#දේශීය

ඕස්ට්‍රේලියාවේ රැකියා දෙන බව පවසා මුදල් වංචා කල දෙදෙනෙකු අත්අඩංගුවට

බණ්ඩාරගම, බොල්ගොඩ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුමැතියකින් තොරව ඕස්ට්‍රේලියාව් රැකියා දෙන බවට මුදල් වංචා කල සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (08) පස්වරුවේ බණ්ඩාරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී රැකියා දෙන බවට පවසමින් සම්මුඛ පරික්ෂණයක් සිදු කරමින් සිට ඇත. සැකකරුවන් සන්තකයේ තිබි විදේශ ගමන් බලපත්‍ර 96 ක් සහ මුදල් රුපියල් 152,390 ක් ද පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගනු ලැබු සැකකරුවන් වයස අවුරුදු 40 ක් වන දෙහිවල සහ බටගොඩ ප්‍ර දේශවල පදිංචිකරුවන් වේ.

සැකකරුවන් අද (09) දින පානදුර මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලිසිය වැඩිදුර විමර්ශණ පවත්වනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *