පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත වූ පනත් කෙටුම්පත් දෙකක් සඳහා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (13) සිය සහතිකය සටහන් කළේය.
ඒ අනුව පසුගිය 07 වැනිදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගෙන සම්මත වූ ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පතට සහ සේවක අර්ථසාධක අරමුදල් (සංශෝධන) පනත් කෙටුම්පතට සහ ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පතට.
සේවක අර්ථසාධක අරමුදල් (සංශෝධන) පනත් කෙටුම්පත මගින් ඉන්දියාවේ සේවය කරන ශ්‍රී ලාංකේය ශ්‍රමිකයින්ට වයස අවුරුදු 58 ඉක්මවීමට පෙර සමාජ ආරක්ෂණ අරමුදලට දායකත්වය දැක්වූ මුදල් ලබාගැනීමට හැකිවන පරිදි අවශ්‍ය සංශෝධන සිදුකර ඇත. මීට ප්‍රථම ඉන්දියාවෙහි සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින් එරට නීතිමය ප්‍රතිපාදන අනුව අනිවාර්යයෙන්ම ඉන්දියානු සමාජ ආරක්ෂණ අරමුදලට දායකත්වය දැක්විය යුතු අතර ඔවුන් එරට සේවය නිමවා ආපසු පැමිණීමේදී සමාජ ආරක්ෂණ අරමුදලට දක්වන ලද දායක මුදල් ලබා ගැනීමට නම් වයස අවුරුදු 58ක් සම්පූර්ණ වන තෙක් සිටිය යුතුව තිබිණි.
ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත මගින් වයස අවුරුදු 18 සම්පූර්ණ වූ තැනැත්තන්ට කඩිනමින් ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව හිමිවීම සිදුවේ. මීට ප්‍රථම 1980 අංක 44 දරන ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ පනත අනුව ඡන්ද හිමියන් ලියාපදිංචි කරනු ලබන්නේ එක් එක් වර්ෂයේ ජුනි මස පළමු දිනට වයස 18 සම්පූර්ණ කළ තැනැත්තන්ට බැවින් එම දිනට පසු උපන්දිනය ඇති තරුණ පිරිස් සඳහා ඡන්ද අයිතිය හිමිවන්නේ ඉදිරි වර්ෂයේ මැයි 31 දිනට පසු යෙදෙන මැතිවරණයේදීය. එම තත්ත්වය මගහරවා ගැනීම පිණිස මෙම පනත් කෙටුම්පත ඉදිරිපත්විය.
ඒනුව 2021 අංක 22 දරන ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත සහ 2021 අංක 23 දරන සේවක අර්ථසාධක අරමුදල් (සංශෝධන) පනත අද (13) සිට බලාත්මක වේ.
Two Bills passed in the previous week endorsed by the Hon. Speaker
Hon. Mahinda Yapa Abeywardena, Speaker of Parliament endorsed the certificate on the Registration of Electors (Amendment) Bill and Employees’ Provident Fund (Amendment) Bill today (13) morning. The two Bills were taken up for debate in Parliament on the 07th.
The Employees’ Provident Fund (Amendment) Bill has been amended to enable Sri Lankan workers who are working in India to withdraw contributions to the Social Security Fund before the age of 58. Prior to the amendment, Sri Lankans working in India were required by law to contribute to the Social Security Fund of India and can only withdraw the contribution upon their retirement at the completion of 58 years.
The Registration of Electors (Amendment) Bill will enable persons who attained the age of 18 to cast their votes expeditiously. Prior to this, under the Registration of Electors Act No. 44 of 1980, voters are registered as persons who have attained the age of 18 years on the first day of June of each year. The youth who have a birthday after the said date will have the right to vote at the election which will be held after May 31 of the following year. The Bill was introduced to avoid the said limitation.
Accordingly, the Registration of Electors (Amendment) Act No. 22 of 2021 and the Employees Provident Fund (Amendment) Act No. 23 of 2021 will be in effect from today (13).