27 April 2024
#දේශීය

සිංගප්පූරුවේ මහාකරුණා බෞද්ධ සංගමයෙන් ඔක්සිජන් ජනන යන්ත්‍ර පරිත්‍යාගයක්

සිංගප්පූරුවේ මහාකරුණා බෞද්ධ සංගමය මඟින් රු.මි 150ක් වටිනා ඔක්සිජන් ජනන (Oxygen Concentrator) යන්ත්‍ර 250ක් කොළඹ 10, වෛද්‍ය සැපයුම් අංශයේදී ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා වෙත පරිත්‍යාග කරන ලදි.

සිංගප්පූරුවේ මහාකරුණා බෞද්ධ සංගමයේ කේ. ගුණරත්න නායක ස්වාමීන්වහන්සේගේ හා හෙන්ඩ්‍රි බේ මහතාගේ මූලිකත්වයෙන් මෙම පරිත්‍යාගය සිදු කරන ලදී.

මෙම අත්‍යාවශ්‍ය උපකරණ කොවිඩ් වසංගතය පවතින සමයේ අප රටට ලැබීම ඉතා අගය කළයුතු බව ද ග්‍රාමීය ප්‍රදේශවල රෝහල් සඳහා ඔක්සිජන් ජනන යන්ත්‍ර ලබා දීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සංවිධානය කරන ලෙස අදාළ නිලධාරීන්ට එම අවස්ථාවේදී රාජ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබා දෙන ලදී.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *