7 September 2024
#දේශීය

හෙරොයින් විකිණු අඹුදැමි දෙදෙනෙකු මාතලේ දි අත්අඩංගුවට

මාතලේ හා ඒ අවට ප්‍රදේශවලට හෙරෝයින් විකුණු බව කියන අඹු සැමි යුවලක් මාතලේ කිරිමැටියාව ප්‍රදේශයේදි 12දා අත්අඩංගුවට ගත් බව මාතලේ කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යංශය පවසයි.

මොවුන් දෙදෙනා කිරිමැටියාව ඇතුලු ප්‍රදේශවලට හෙරෝයින් බෙදා හැර ඇති බවත් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදි පිරිමි පුද්ගලයා සන්තකයේ මත්කුඩු මිලිගැම් 5088ක්ද කාන්තාව සන්තකයේ මත්කුඩු මිලිගැම් 5234ක්ද තිබු බවද පොලිසිය කියා සිටියේය.

මෙම අඹුසැමි දෙපළ මිට පෙර ද මත්කුඩු විකුණු චෝදනාව යටතේ බන්ධනාගාරගතව ඇප ලබා සිටියදි මෙසේ අත්අඩංගුවට පත්වු බවද පොලිසිය පැවසිය.

සැකකරුවන් මාතලේ මහේස්ත්‍රාත් අධීකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

මාතලේ කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ මෙහෙයවිම මත මාතලේ කොට්ඨාශය භාර 01 ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි අජිත් වංශනාථ මහතාගේ උපදෙස් පරිදි මාතලේ කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යංශයේ ස්ථානාධිපති ප්‍ර.පො.ප සුගත් බණ්ඩාර මහතාගේ අධික්ෂණයෙන් උ.පො.ප තේමියදාස,උ.පො.ප වනසිංහ,පො.සැ 1467 චමින්ද,පො.සැ 64904 සාන්ත,කා.පො සැ 5562 නිලන්ති,‍කා.පො.සැ 1209 වත්සලා,පො.කො 68332 විරකොන්,පො.කො 71250 හේමන්ත,පො.කො 74226 සරත් යන නිලධාරින් මෙම වැටලිම සිදු කළහ.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *