27 April 2024
#දේශීය

පදියතලාව රණවිරු සංසදයෙන් මියගිය රණවිරුවන් සිහි කොට අරන්තලාවේ දී පුණ්‍යානුමෝදනාවක්

දැයෙන් සමුදුන් වීරෝදාර රණවිරුවන් සිහිකොට පදියතලාව රණවිරු සංසදය මගින් අරන්තලාව භික්ෂු ස්මාරකය හා පිරිවෙන බෞද්ධ මධ්‍යස්ථානය තුලදී සාංඝිකමය පින්කමක් පසුගියදා සිදු කරනු ලැබීය.

මෙය 74 වන ජාතික නිදහස් දිනයට සමගාමීව පැවැත්විණි.

මෙම සාංඝිකමය උදේ සහ දහවල් දානමය පූජාව ශාස්ත්‍රපති පූජ්‍ය කිරිදිවැල සෝමරතන නාහිමිපාණන්ගේ අනුශාසකත්වයෙන් සහ රණවිරු සේවා අධිකාරියේ නැගෙනහිර පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂකගේ සම්බන්ධීකරණය තුළින් සිදු කරන ලදී.

මෙම පුණ්‍යානුමෝදන වැඩසටහන සදහා ශාස්ත්‍රපති පූජ්‍ය කිරිදිවැල සෝමරතන නාහිමිපාණන්, අම්පාර දිස්ත්‍රික් නිලධාරීනි හා පදියතලාව රණවිරු සංසදයෙහි රණවිරු සාමාජික සාමාජිකාවන් සම්බන්ධ විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *