බත්තරමුල්ල මාර්ගයේ පොල්වත්ත හන්දිය අසලදී ධාවනය වු කාර් රථයක් යතුරු පැදියක ගැටී දෙදෙනෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.
අද (02) සිදු වු මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 25 ක් හා 27 ක් වන මීගොඩ සහ යටියන්තොට ප්ර දේශයේ පදිංචිකරුවන්ය.
පොලිසිය පැවසුවේ අනතුරට සිදු වු කාර් රථය පොල්වත්ත හන්දියෙන් පොල්වත්ත මාර්ගයට හැරවීමේදී, පන්නිපිටිය දෙස සිට බොරැල්ල දෙසට ධාවනය වු යතුරු පැදියක් ඉහත කාර් රථයේ ඉදිරිපස ගැටී අනතුරුව යතුරු පැදිය පෙරළි ඉදිරියට ඇඳි ගොස් විදුලි රැහැන් කණුවක ගැටී අනතුර සිදුව ඇති බවයි.
අනතුරින් බරපතල තුවාල ලැබු යතුරුපැදිකරු හා පසුපැදිකරු කළුබෝවිල රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.
මෘත ශරීර කළුබෝවිල රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇත. අනතුර සිදු කල කාර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 05 ක ශරීර ඇපයක් මත මුදා හැර ඇත. මහරගම පොලිසිය සිද්ධිය සම්බන්දයෙන් වැඩිදුර විමර්ශන පවත්වනු ඇත.