27 April 2024
#දේශීය

චීන, රුසියානු තානාපතිවරුන් විදේශ ඇමති අතර හමුවක්

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි මෙටිරි, ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ජෙන්හොං මහතා ඉකුත් බදාදා (31) දින විදේශ අමාත්‍යංශයේදී හමු විය.

මෙහිදී විදේශ අමාත්‍යවරයා චීනය හා රුසියාව විසින් ශ්‍රී ලංකාවේ කොවිඩ් වසංගතය සමනය කීරීම සදහා දක්වන සහය පිළිබඳව දෙරටේ රජයන්ට ශ්‍රී ලංකාවේ රජය වෙනුවෙන් සිය කෘතඥතාව පිරිනැමුවේය.

එමෙන්ම ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටිමින් සහය දැක්වීම සම්බන්ධයෙන්ද අමත්‍යවරයා සිය සතුට ප්‍රකාශ කළේය.

දෙරටේ තානාපතිවරුන් වෙන් වෙන්ව හමු වු අමාත්‍යවරයා චීනය හා රුසියාව සමඟ ශ්‍රී ලංකාවේ මිත්‍ර සබඳතා හා ද්වීපාර්ශ්වික සහයෝගීතාව පිළිබඳව දිර්ඝ වශයෙන් සාකච්ඡා කළේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *