• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දෙකෝටි විසිලක්ෂයක් ජනතාව නොසන්සුන් – ජවිපෙ

14 July 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රට තුළ බරපතළ අරාජිකත්වයක්, අස්ථාවරත්වයක් නිර්මාණය වී තිබෙන අතර දෙකෝටි විසිලක්ෂයක් ජනතාව නොසන්සුන්කාරී තත්වයක සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසයි.

ඒ මහතා අද (14) පැවැති මාධ්‍ය හමුවේදී පවසා සිටියේ ඉදිරි පැය කිහිපය තුළ කුමක් සිදුවේදැයි අවිනිශ්චිතභාවයක සිටින බවයි.

එහිදී ඒ මහතා වැඩිදුරටත් මෙසේ අදහස් පල කලේය ” ජනාධිපතිවරයා කොහි සිටින්නේදැයි මේ වන විට ජනතාව දන්නේ නැහැ. කථානායකවරයා පවා ඒ බව දන්නේ නැහැ. මෙවැනි ව්‍යාකූලත්වයක් ඇතිවුණේ ජනාධිපතිවරයාගේ ජනතා ද්‍රෝහී ක්‍රියාමාර්ග හේතුවෙනුයි. මේ රටේ පොදු ජනතාව පසුගිය 09වැනිදා අරගලයෙන් ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පන්නා දැමුවා. ව්‍යවස්ථානුකූලව එම ඉවත්වීම මේ දක්වා සිදුවී නැහැ. ජනාධිපතිවරයා ලෙස රටින් බැහැර වීමේදී හෝ අසනීප වීමේදී හෝ රාජකාරි කරගැනීමේ නොහැකියාවක් ඇතිවන විටදී ඔහු විසින් කථානායකවරයාට ඒ බව දන්වා සිටිය යුතුයි. ඒ අනුව ඔහු විසින් තමන්ගේ රාජකාරී පැහැර හැර තිබෙනවා. රාජ්‍ය සේවකයෙක් පැය 24ක් තමන්ගේ රාජකාරිය පැහැර හැරියහොත් ඔහු හෝ ඇය ධුරයෙන් පහ කරනු ලැබුවාසේ සලකනවා. රටේ ප්‍රධාන පුරවැසියා වන ජනාධිපතිවරයා දැන් සිටින තැනක් සොයා ගැනීමට නොහැකිව දවස් 05ක් පුරා රාජකාරිවලින් බැහැර වී සිටිනවා.

මෙවැනි තත්වයකදී ඔහු විසින් ධුරය දැරීම තවදුරටත් වලංගු නැහැ. ව්‍යවස්ථානුකූල බලය පැවරීම් තුළ පවා බරපතළ අර්බුදකාරී තත්වයක් තිබෙනවා. රනිල් වික්‍රමසිංහ තමන්ට වැඩබලන ජනාධිපති බලය පැවරූ බව කියනවා. තමන්ට මේ බව වාචිකව දැනුම්දුන් බව කථානායකවරයාත් ප්‍රකාශ කරනවා. නමුත් ඒ කිසිදු තැනකින් ඒ බව තහවුරු කරන ලියවිල්ලක් ඉදිරිපත් වී නැහැ. ඊයේ (13) පක්ෂ රැස්වීමේදී කථානායකවරයා ප්‍රකාශ කළේ තමන්ට එවැනි ලිඛිත දැනුම්දීමක් ලැබී නොමැති බවයි. වාචික දැනුම්දීමක් පමණක් ලැබී ඇති බව ඔහු කියා සිටියා. හෙට එම අස්වීමේ ලිපිය ලැබෙන බවත් එතෙක් රනිල් වික්‍රමසිංහට බලය පවරා ඇති බවත් ඔහු කියා සිටියා. ජනාධිපතිවරයාගේ මෙම ඉවත්ව යාම සැබැවින්ම ජනාධිපතිවරයා විසින් තමන්ගේ වගකීම් පැහැර හැරීමක් වනවා. මේ සිදු වී තිබෙන්නේ ඔහු ධුරයෙන් පලා යාමක්. එවැනි අවස්ථාවක නව ජනාධිපතිවරයෙක් පත්කරගන්න පාර්ලිමේන්තුවට අයිතියක් තිබෙනවා. මෙවැනි අත්දැකීම් ලෝකය තුළත් තිබෙනවා. බෙන් අලි ජනාධිපතිවරයා රටින් පලා ගියාට පසුව ඉල්ලා අස්වීමේ ලියුම් දුන්නේ නැහැ. ඊට පසුව එම පාර්ලිමේන්තුව රැස්වී නව ජනාධිපතිවරයෙක් පත්කර ගත්තා. අද අපේ රටේ තිබෙන්නේත් එවැනි තත්වයක්. ඉල්ලා අස්වීමේ ලිපියක් නැත්නම්, එවැනි නිල දැනුම්දීමක් සිදුකර නැත්නම්, වැඩබැලීම නිත්‍යානුකූලව සිදු වී නැත්නම් සිදුවී තිබෙන්නේ රාජකාරි පැහැර හැරීමක්. ධුරයෙන් ඉවත් වී යාමක්. ඒ නිසා කථානායකවරයා ව්‍යවස්ථානුකූලව මේ පිළිබඳව සොයා බැලීමක් කරන බව කිවුවා.

ධුරය අතහැර යාමක් සිදුවී තිබෙනවාද, ව්‍යවස්ථාවාවේ 38.2 වගන්තිය යටතේ අගවිනිසුරුවරයා සහ කථානායකවරයා අතර සාකච්ඡාවක් පවත්වා ධුරය හැරදා පලා ගිය ජනාධිපතිවරයා වෙනුවට නව ජනාධිපතිවරයෙක් කරගැනීම සඳහා සොයා බලන බව ප්‍රකාශ වී තිබෙනවා. සැබැවින්ම මේ ඇති වී තිබෙන්නේ එවැනි තත්වයක්. ඒ අනුව නව ජනාධිපතිවරයෙක් පත්කර ගන්න පාර්ලිමේන්තුවට ව්‍යවස්ථානුකූලව වගකීමෙක් පැවරෙනවා. ඒ අනුව මේ ඉල්ලා අස්වීමේ ලිපිය ලැබෙන තෙක් බලා සිටිය යුතු නැහැ. තව පැයකින්, අද දවස තුළ හෝ හෙට ලැබෙයි ලෙස බාල ගිරි දෝෂය මෙන් ලිපියක් ලැබෙන තෙක් රට අස්ථාවර කිරීමක් නොකළ යුතුයි. ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුවට වගකීමක් තිබෙනවා. හෙට රැස්වන පාර්ලිමේන්තුවේදී නව ජනාධිපතිවරයෙක් පත්කර ගැනීමට අපේක්ෂා කරනවා. මේ මොහොතේ රට පත්වී තිබෙන නොසන්සුන්කාරී තත්වය සමනය කරගැනීමට නම් වහාම එවැනි ක්‍රියාමාර්ගයකට යා යුතුව තිබෙනවා. එහි වගකීම පාර්ලිමේන්තුව සතුයි.

මේ නොසන්සුන්කාරී තත්වය තුළ ඊයේ (13) දවස තුළත් ඊට පෙරත් සිදුවූ අරගල තුළ ජනතාව අනුමත නොකරන සිදුවීම් සිදුවනවා අප දුටුවා. මේ අරගල ක්‍රියාමාර්ග තුළ විවිධ පාර්ශ්ව සම්බන්ධ වී සිටිනවා. මෙය පොදු ජන අරගලයක්. ඊයේ සවස පොල්වත්ත මංසන්ධියේදී ඇති වූ උද්ඝෝෂණයේදී හමුදා නිලධාරියෙකුගේ ආයුධයක් නැති වූ බව වාර්තා වෙනවා. මෙවැනි දේ සාමකාමී අරගලයක් තුළ සිදු නොවිය යුතුයි. එවැනි ආයුධ පැහැර ගැනීමක් මගින් ආරක්ෂක අංශවලට දැඩි ක්‍රියාමාර්ග ගැනීමට අවස්ථාවක් ලැබෙනවා. එවැනි තැනකට තල්ලු කිරීම කිසිසේත් අනුමත කළ නොහැකියි. ඒ වගේම අරගලය තුළ විවිධ අවස්ථාවන්හි ජනතාව අනුමත නොකරන, අරගලයේ පදනමට පටහැණි දේ සිදුකරමින් පවතිනවා. එවැනි දේ පොදු අරමුණේ ජයග්‍රහණයට බාධාවක්. එවැනි ක්‍රියාමාර්ග ජනතා විමුක්ති පෙරමුණ ලෙස අප මුළුමනින්ම හෙළාදකිනවා. එවැනි කටයුතුවලින් වළකින ලෙස අපි සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා.

ජනතා විමුක්ති පෙරමුණ ලෙස අප පසුගිය කාලය පුරාවටම ජනතාවගේ ඇත්ත ප්‍රශ්න වෙනුවෙන් හා ජනතාවට තමන්ගේ ගැටලු වෙනුවෙන් හඬනැගීමට ඇති අයිතිය වෙනුවෙන් පෙනීසිටියා. ඒ වෙනුවෙන් සටන් කළා. ඒ කිසිදු තැනකදී මෙවැනි ප්‍රචණ්ඩකාරී සිදුවීමක් සිදුවී නැහැ. උදේ සිට සවස 5-6 වන තුරු පොල්දූව හන්දියේ පැවති උද්ඝෝෂණයේදී අපේ සාමාජිකයින් ඊට සම්බන්ධ වී සිටියා. එවැනි හැසිරීමක් කිසිවෙකුගෙන් දැකගැනීමට ලැබුණේ නැහැ. ඒ වගේම ගෝල්ෆේස් පිටියේ මේ උද්ඝෝෂණ මාස කිහිපයක් පුරා පැවැත්වුණා. මෙවැනි දේ සිදුවූයේ නැහැ. මාධ්‍යවේදීන්ගේ කැමරා උදුරාගැනීමක්ද වාර්තා වුණා. මේ පොදු ජන අරගලය තුළ යම් පුංචි කණ්ඩායම් ජනතාව අනුමත නොකරන දේ කිරීමට උත්සාහයන් දරනවා. එවැනි සිදුවීමවලින් පොදු ජන අරගලයේ අරමුණ යටපත්වීමක් සිදුවනවා. මෙවැනි කිසිදු සිදුවීමකට අපේ සාමාජිකත්වය සම්බන්ධ වී නොමැති බවට සහතික වෙනවා. කවර හෝ පුද්ගලයෙක් දෙදෙනෙක් කරන වැඩ දඩමීමා කරගනිමින් ජනතා විමුක්ති පෙරමුණට එරෙහි මඩ ප්‍රහාර එල්ල කිරීමට විරුද්ධවාදීන් උත්සාහ කරනවා. ඉතාම සංවිධානාත්මකව, විනයානුකූලව, සාමකාමීව හා ප්‍රජාතන්ත්‍රවාදීව අපි අරගලවල යෙදී තිබෙනවා. හෙට දවසේත් අපේ භාවිතය වන්නේ එයයි.

ගෝඨාභය හා රනිල් විසින් ඇතිකරන ලද ව්‍යාකූල තත්වය පාවිච්චි කරමින් ජනතා විරෝධී මර්දනකාරී තත්වයක් ඇති කරන්න ආණ්ඩුව උත්සාහ ගනිමින් සිටිනවා. විශේෂයෙන් රනිල් වික්‍රමසිංහගේ ෆැසිස්ට් ක්‍රියාමාර්ග මගින් හදිසි නීතිය පනවා, ඇඳිරි නීතිය පනවා ජනතාවගේ අයිතිවාසිකම් බලහත්කාරයෙන් යටපත් කරන්න හදනවා. මර්දනය ක්‍රියාත්මක කරන්න පියවර ගනිමින් ඉන්නවා. අරගලකරුවන් අත්පත්කරගෙන සිටි ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය හා අග්‍රාමාත්‍ය කාර්යාලය වැනි පරිශ්‍රයන්ගෙන් ඉවත්වී තිබෙනවා. මෙවැනි තත්වයක් යටතේ තවදුරටත් හදිසි නීතිය හා ඇඳිරිනීතිය පනවා, හමුදාවට බලය පවරා ජනතා විරෝධය යටපත් කිරීමට උත්සාහ දැරීම කිසිසේත් අනුමත කරන්න බැහැ. ෆැසිස්ට් රනිල් වික්‍රමසිංහගේ මෙවැනි උත්සාහයන් පරාජය කළ යුතුයි. මේ නොසන්සුන්තාව පියමං කිරීම සඳහා ගෝඨාභය තමන්ගේ ඉල්ලා අස්වීම වහාම තමන්ගේ ඉල්ලා අස්වීම කථානායකවරයා වෙත එවිය යුතුයි. එම ලිපිය ලැබුණත් නොලැබුණත් මෙම අර්බුදකාරී තත්වයකදී ධුරයෙන් පලා ගිය ජනාධිපතිවරයෙක් විශ්වාස කළ යුතු නැහැ.

රනිල් හා ගෝඨාභය ඉවත් වීමෙන් හැර මේ ඇතිවී තිබෙන නොසන්සුන්කාරී තත්වය සමනයට පත් කළ නොහැකියි. මේ අරාජිකත්වය වෙනස් කළ හැක්කේ මේ දෙදෙනා ධුරයන්ගෙන් ඉවත් කර නව පත්වීම් කිරීමෙන් පමණයි. අරගල, උද්ඝෝෂණ හැමදාම පවත්වා ගෙන යාමේ වුවමනාවක් රටේ ජනතාවට නැහැ. ජනතාවගේ ඉල්ලීම වී තිබෙන්නේ මෙම තත්වය ඉක්මණින් අවසන් කර රට සාමාන්‍ය තත්වයට පත් කිරීමයි. මේ රට ලේ විලක් කිරීමෙන් තොරව ගෝඨාභය හා රනිල් තමන්ගේ ඉල්ලා අස්වීම් භාරදී රට යථා තත්වයට පත්කිරීමට පියවර ගත යුතුයි. ඒ වෙනුවෙන් පෙළගැසෙන ලෙස ජනතාවගෙන් ඉල්ලනවා. යැයි විජිත හේරත් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

Post Views: 16
Previous Post

කොළඹට හෙට අලුයම 5 තෙක් ඇඳිරි නීතිය

Next Post

ජනපති ගෝඨාභයගේ අස්වීම නීත්‍යානුකුලයි – කථානායක

editor

editor

Next Post

ජනපති ගෝඨාභයගේ අස්වීම නීත්‍යානුකුලයි - කථානායක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved