බ්‍රිතාන්‍යයේ කෙන්ට් (Kent) ප්‍රාන්තයේ මෙනින්ජයිටිස් රෝගය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් එරට සෞඛ්‍ය අංශ විසින් හදිසි මහජන සෞඛ්‍ය අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. කැන්ටර්බරි (Canterbury) ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවකින් ආරම්භ වූ බවට සැක කෙරෙන මෙම රෝගය හේතුවෙන් මේ වන විට 21 හැවිරිදි විශ්වවිද්‍යාල සිසුවෙකු සහ පාසල් සිසුවියක ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තහවුරු වූ සහ සැක සහිත රෝගීන් සංඛ්‍යාව 20 දක්වා ඉහළ ගොස් ඇත. රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා කෙන්ට් විශ්වවිද්‍යාලයේ සිසුන් 5,000කට පමණ එන්නත් ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කර ඇති අතර, ශරීරයේ අධික උණ, දැඩි හිසරදය සහ සමේ රතු පැහැති ලප ඇතිවීම වැනි රෝග ලක්ෂණ පිළිබඳව විමසිලිමත් වන ලෙස එක්සත් රාජධානියේ සෞඛ්‍ය ආරක්ෂණ ඒජන්සිය (UKHSA) මහජනතාවගෙන් ඉල්ලා සිටියි.














