ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සමෘද්ධි බැංකු සමිතියේ , සමාජ සංවර්ධන අංශය සංවිධානය කරන ලද, “දිරිලිය අභිමන්” කාන්තා ඇගයීමේ වැඩසටහනක් පසුගියදා පැවැත්විණි.
මෙහිදී, දිරිය කතුන් වෙනුවෙන් වෙන් වූ මෙම කාන්තා දින දේශීනය උකුවෙල ප්‍රාදේශීය ලේකම් එස්.එන්.කේ. සේරසිංහ මහත්මිය විසින් පැවැත්විණි.
මෙහිදි නොයෙක් අංශවලින් දිරිමත්ව ඉදිරියට පැමිණි කොට්ඨාසයේ දිරිය කතුන් 10 දෙනෙකු ඇගයීමට භාජනය කිරීමත්, කොට්ඨාසයේ පරිපාලන ප්‍රධානී ලෙස කටයුතු කරන ප්‍රාදේශීය මහ ලේකම් කාන්තා දිනය නිමිති කොටගෙන සුවිශේෂී ඵලකයක් ලබාදීමත් සිදුකරන ලදී.
මාතලේ මහේෂ් කිර්තිරත්න












