සාම්ප්‍රදායික මර්කේටර් සිතියම් මගින් අප්‍රිකාවේ භූමි ප්‍රමාණය කුඩාවට පෙන්වීමට එරෙහිව අප්‍රිකානු රටවල් ගෙන ආ යෝජනාවට එජාස අනුමැතිය ලැබුණු බව Al Jazeera English සහ එක්සත් ජාතීන්ගේ නිල පුවත් සේවා වාර්තා කරයි.
සම්ප්‍රදායිකව භාවිත වන ලෝක සිතියම්වල අප්‍රිකා මහද්වීපයේ සැබෑ භූගෝලීය ප්‍රමාණයට වඩා කුඩාවට නිරූපණය වන බවට පෙන්වා දෙමින්, අප්‍රිකානු ජාතීන් කිහිපයක් විසින් ඉදිරිපත් කරන ලද විශේෂ යෝජනාවලියක් සම්මත කර ගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය පියවර ගෙන ඇති බව Al Jazeera English වාර්තා කරයි.
සියවස් ගණනාවක් පුරා ලොව පුරා භාවිත කෙරුණු මර්කේටර් සිතියම් මගින් ධ්‍රැවීය ප්‍රදේශවල (උදාහරණයක් ලෙස ග්‍රීන්ලන්තය සහ උතුරු ඇමෙරිකාව) ප්‍රමාණය විශාල කර පෙන්වන අතරම, සමකාසන්නයේ පිහිටි අප්‍රිකානු මහද්වීපයේ සැබෑ භූමිප්‍රමාණය සැලකිය යුතු ලෙස කුඩා කර පෙන්වන බවට චෝදනා එල්ල විය. අප්‍රිකාවේ සැබෑ භූගෝලීය විශාලත්වය (චීනය, එක්සත් ජනපදය, ඉන්දියාව සහ සමස්ත යුරෝපය එකතු කළද අප්‍රිකාවට වඩා කුඩාය) නිවැරදිව නිරූපණය වන “Gall-Peters” වැනි ආකෘතීන් අධ්‍යාපනික සහ නිල කටයුතු සඳහා ප්‍රචලිත කිරීම සහ මහද්වීපික භූගෝලීය සාධාරණත්වය ඉටු කිරීම මෙම තීරණයේ ප්‍රධාන අරමුණයි.














