• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

Unity Plaza ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සාප්පු සංකීර්ණය බවට පරිවර්තනය වෙයි

6 November 2023
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් පිහිටා ඇති ප්‍රධානතම වාණිජ ගොඩනැගිල්ලක් වන Unity Plaza, සියලු තොරතුරු තාක්ෂණ අවශ්‍යතා එකම වහලක් යටින් සපුරා ගැනීමේ හැකියාව ප්‍රවර්ධනය කරන ප්‍රමුඛතම සාප්පු සංකීර්ණය බවට පරිවර්තනය වී ඇත.

Lanka Realty Investments Public Limited Company 2020 වසරේ දී Unity Plaza හි හිමිකාරිත්වය දරන On’ally Holdings PLC සමාගමේ 51%ක කොටස් හිමිකර ගැනීමෙන් අනතුරුව මෙම නව්‍යකරණය සිදු කෙරිණි. ඒ අනුව Unity Plaza වර්තමානය වන විට තාක්‍ෂණික කේන්ද්‍රස්ථානයක් ලෙස මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්තයකු බවට පත් ව ඇත.

Lanka Realty Investments PLC සමාගමේ ගාමක බලවේගයන් වන ආර්චි වර්මන් සහ හාර්ඩි ජමල්ඩීන් යන මහත්වරු, සමාගමේ විධායක අධ්‍යක්ෂිකා දර්ශනී සර්වේෂ්වරන් මහත්මිය ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සහ කළමනාකරණ කණ්ඩායම සමඟ එක්ව Unity Plaza හි අඛණ්ඩ වර්ධනය වෙනුවෙන් නිරන්තරයෙන් කැප වෙයි. එමෙන් ම ඔවුන්ගේ දැක්ම වන්නේ, නව්‍යකරණය පිළිබඳ ව රජයේ ප්‍රතිපත්ති සඳහා සහයෝගය ලබා දෙමින්, Unity Plaza මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය ආශ්‍රිත කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමයි.

මෙම සාර්ථක ගමන් මඟ වෙත විශ්වාසයෙන් යුතු ව සහය වූ සියලු දෙනාට Unity Plaza කළමනාකාරිත්වය ස්තුතිය පුද කර සිටියි. ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රයේ සංධිස්ථානයක් ලෙස හැඳින්විය හැකි Unity Plaza නවෝත්පාදන ප්‍රවර්ධනය සඳහා රාජ්‍ය හා පෞද්ගලික සහයෝගීතාවට හොඳ ම උදාහරණයකි.

1982 ජුනි 25 වන දින On’ally Holdings සමාගම විසින් Unity Plaza ආරම්භ කරන ලද අතර, On’ally Holdings සමාගම 1991 වසරේ දී කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තු ගත කිරීමෙන් පසු ශ්‍රී ලංකාවේ ප්‍රථම රාජ්‍ය-පෞද්ගලික හවුල් ව්‍යාපාරය බවට පත් විය. දිවංගත ඔනාලි ගුලම්හුසේන් මහතාගේ දූරදර්ශී චින්තනයට අනුකූලව නිර්මාණය කෙරුණු මෙම ව්‍යාපෘතිය නාගරික සංවර්ධන අධිකාරිය සමඟ අත්වැල් බැඳ ගනිමින් රාජ්‍ය-පෞද්ගලික සහයෝගීතාවේ සංකේතයක් බවට පත් විය.

මෑත කාලයේ දී නවීන පහසුකම්වලින් සමන්විත ව නවීකරණය කෙරුණු Unity Plaza සංකීර්ණය, අති නවීන තොරතුරු තාක්ෂණ සාප්පු සංකීර්ණයක් බවට පත් කර ඇති අතර, මෙය ශ්‍රී ලංකාවේ දිනෙන් දින විකාශනය වන තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය ආශ්‍රිත ව සේවා ලබා දෙන ප්‍රධාන අර්ධ තාක්ෂණික මධ්‍යස්ථානයක් ලෙස ස්ථාපනය වී ඇත.

Lanka Realty Investments සමාගමේ නව හිමිකාරිත්වය සහ මඟ පෙන්වීම යටතේ කැපී පෙනෙන පරිවර්තනයකට ලක් වී ඇති Unity Plaza වෙළෙඳ සංකීර්ණය, අලෙවිසැල්වලින් යුක්ත මහල් 5 කින් සහ නවීන කාර්යාල පහසුකම්වලින් සමන්විත මහල් 5කින් සමන්විත වන අයුරින් පුළුල් කර ඇති අතර, පාරිභෝගික හිතකාමී පහසුකම් රැසක් සමඟින් නවීකරණය කර ඇත.

නාගරික සංවර්ධන අධිකාරිය සමඟ ඇති උපායමාර්ගික සහයෝගීතාව මත ආයෝජන සහන හා බදු දිරිගැන්වීම් ඇතුළු ප්‍රතිලාභ රැසක් හිමි වී ඇති Unity Plaza මෑත කාලීන විවිධ අභියෝග හමුවේ පවා ස්ථාවර ආදායම් වර්ධනයක් වාර්තා කිරීමට සමත් වී ඇති අතර, ඒ අනුව 2020 වසරේ දී මිලියන 201ක් ලෙස වාර්තා වූ Unity Plaza හි වාර්ෂික ආදායම 2022 වසරේ දී රුපියල මිලියන 279 ක් දක්වා වර්ධනය වීමෙන් එහි සාර්ථකත්වය පිළිබිඹු කරයි.

Unity Plaza වර්තමානය වන විට මෙරට වෙළඳපොළ කොටස් 65%ක් පමණ ආවරණය කරන අතර, එය 90% දක්වා වර්ධනය කිරීම එහි නියාමන සමාගමේ අරමුණයි. ERP පද්ධති සහ උසස් කළමනාකරණ මෙවලම් මගින් විධිමත් කර ඇති Unity Plaza මෙහෙයුම් පද්ධතිය එහි අනාගත වර්ධනය සඳහා බෙහෙවින් ඉවහල් වී ඇත. ඒ අනුව ගෝලීය ඩිජිටල් ආර්ථිකය තුළ ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය තහවුරු කිරීම වෙනුවෙන් Unity Plaza සුවිශේෂී කාර්‍යභාරයක් ඉටු කරයි.

PR

Post Views: 5
Previous Post

MOP පොහොර මිල සියයට 50කින් අඩු කිරීමට කැබිනට් පත්‍රිකාවක්

Next Post

තවදුරටත් ගජමිතුරු දේශපාලන සූදු එපා. ක්‍රිකට් ගොඩනගන්න දක්ෂයන් සමඟ අවංකව පෙළ ගැසෙමු – විපක්ෂනායක සජිත්

editor

editor

Next Post

තවදුරටත් ගජමිතුරු දේශපාලන සූදු එපා. ක්‍රිකට් ගොඩනගන්න දක්ෂයන් සමඟ අවංකව පෙළ ගැසෙමු - විපක්ෂනායක සජිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

30 May 2025
නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

කොරෝනා මරණ 07ක්…

30 May 2025

Recent News

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

30 May 2025
නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

කොරෝනා මරණ 07ක්…

30 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved