27 April 2024
#දේශීය

තවදුරටත් ගජමිතුරු දේශපාලන සූදු එපා. ක්‍රිකට් ගොඩනගන්න දක්ෂයන් සමඟ අවංකව පෙළ ගැසෙමු – විපක්ෂනායක සජිත්

රටේ ලක්ෂ 220ක් වු ජනතාව හා බැදුණු ක්‍රිකට් ක්‍රිඩාවේ වර්තමානයේ පවතින දූෂිත අකාර්යක්ෂම හා අක්‍රමවත් පාලනය අවසන් කර සාධනීය වෙනසක් අපේක්ෂා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ අද (6) වර්තමාන ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට අත්ව ඇති ඉරණම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

ත් එම වෙනස රටටත් ක්‍රීඩාවටත් වඩා වාසිදායක ප්‍රශස්ත ප්‍රබුද්ධ ලෙස සිදුවිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ක්‍රිකට් ක්‍රීඩාවේ බිම්මට්ටම වන පාසල්, සංගම්, දිස්ත්‍රික් හා පළාත් මට්ටමේ පහසුකම් උදෙසා ක්‍රිකට් සතු මහා මුදල් සම්භාරය ආයෝජනය කළ යුතු බවත් ඒ සඳහා මුල් පෙළ සේම දෙවැනි තෙවැනි සිව්වැනි සහ පස්වැනි පෙළ නිර්මාණය කර ගමේ නගරයේ සිටින දක්ෂ ක්‍රීඩකයින්ට පවා කිසිදු භේදයකින් තොරව ඉහළම තලයට යා හැකි ක්‍රමවේදයක් සකස් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේ ම ගජමිතුරු ක්‍රමවේදය තුළ පෞද්ගලික හිතෛශී භාවයන් තුළ ක්‍රීඩකයන් ඉහළ තලයට ගිය කාලය අවසන් කර දූෂිත ක්‍රියා ඉවත් කර නිලවරණ විනිවිධභාවයෙන් යුක්තව වගකීමෙන් හා වගවීමෙන් ක්‍රියාත්මක විය යුතු බවත් දූෂිත පාලනයට විකල්පයක් ලෙස පැමිණිය යුත්තේ ක්‍රීඩාව ගැන දැනුමක් ඇති පිරිස මිස විවිධ පාර්ශ්වයන්ගේ අතකොලුවන් වන පුද්ගලයන් නොවන බව හෙතෙම පැවසීය.

දූෂිත කාලය අවසන් කර නිවැරදි ගමනක් යාමේදී විවිධ කමිටුවලට පත්වන පුද්ගලයන්ගේ සුදුසකම් හා ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධ දැනුම ප්‍රශ්න කළ යුතු බවත් ඒ සඳහා පැරණි ක්‍රීඩකයන්, අවංක පුද්ගලයන් හා දක්ෂ පරිපාලකයන්ගෙන් යුත් නව වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් එම වෙනස නිවැරදි විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේ ම ක්‍රිකට් පාලක මණ්ඩලේ සිදුවන වෙනස්කම් ජනාධිපතිවරයා නොදන්නා බවට වාර්තා වන බවත් මෙවැනි ආකාරයට මත දෙකක සිට කඹ ඇදිල්ල නතර විය යුතු බවත් මෙය දේශපාලන කඹ ඇදිල්ලක් නොකර ගත යුතු බවත් සියලු ක්‍රීඩාවලින් දේශපාලනය ඉවත් විය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

ක්‍රිකට් ක්‍රීඩාව සමඟ දේශපාලන සූදු ක්‍රියාත්මක නොකරන ලෙසත් යටිකූට්ටු කුමන්ත්‍රණ වැඩ නතර කර සමස්ත දේශපාලන තන්ත්‍රයම එකට එකතු වී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් නැවත නිර්මාණය කිරීමට එකතු වන ලෙසත් මේ අවස්ථාවේ දේශපාලන සූදුවක නිරත නොවන ලෙස ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට කියා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *