27 April 2024
#දේශීය

MOP පොහොර මිල සියයට 50කින් අඩු කිරීමට කැබිනට් පත්‍රිකාවක්

MOP හෙවත් බණ්ඩි පොහොර මිල තවත් සියයට 50කින් අඩු කිරීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (05) වලස්මුල්ල ඔමාර ගම්මානය දෙවන අදියරේ කෘෂිව්‍යවසායකත්ව ගම්මානයක් ලෙස සංවර්ධනය කිරීමේ කටයුතු අරඹමිනි.

දැනට රාජ්‍ය අංශයට අයත් පොහොර සමාගම් සතුව බණ්ඩි පොහොර මෙට්‍රික් ටොන් 28,600ක් ඇත. ඒ අනුව එම බණ්ඩි පොහොර පිරිවැය ගාස්තු අඩු කිරීම මගින් සියයට 50ක මිල අඩු කිරීමක් කළ හැකි බව රජයට අයත් බණ්ඩි පොහොර සමාගම්වල සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා පැවසීය.

ඒ අනුව බණ්ඩි පොහොර මිල සියයට 50කින් අඩු කිරීමට අදාල කැබිනට් පත්‍රිකාව මේ වනවිට අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවත්, ඊට ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ අනුමැතිය ලැබෙනු ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *