• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

විශ්ව ශක්තියෙන් ලෙඩ සුවකරන වෙදාගේ පොළී ජාවාරම හෙළිවෙයි

29 July 2020
in දේශීය

විශ්ව ශක්තියෙන් ලෙඩ සුවකරන බවට පවසා වසර ගණනක් තිස්සේ අසරණ රෝගීන් මුළා කළ එක්තරා ජාවාරම්කරුවකුගේ තවත් හොර ජාවාරමක් හෙළිවෙමින් පවතින බව නීති ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග වෙතින් දැනගන්නට ලැබේ.

ඔහු නමින් කැලුම් හර්ෂ වීරසිංහය. ඒ, මේ දිනවල කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක් හේතුවෙනි. සම්පත් බැංකුවේ තලාහේන ශාඛාවේ සිදු වී ඇති මුදල් ගනුදෙනු කීපයක් සම්බන්ධව රහස් පොලීසිය විසින් කරගෙන යනු ලබන විමර්ශනයේදී මේ කරුණු අනාවරණය වී තිබේ.

වාර්තා වන අන්දමට මෙම පුද්ගලයා තමන්ට විශ්ව ශක්තියෙන් ලෙඩ සුවකිරීමේ බලයක් ඇති බව පවසා කලක පටන් අසරණ රෝගී ජනතාව මුලාකරමින් මුදල් උපයා ඇති අතර, එම මුදල් තැන්පත් කර තිබූ සම්පත් බැංකුවේ තලාහේන ශාඛාවද නොමඟ යවමින් අයථා මුදල් ගනුදෙනු වල නිරත වී ඇති බව වාර්තා වේ.

බැංකුව නොමඟ යවමින් බැංකුවේ වෙනත් ගනුදෙනුකරුවන්ට නිතිවිරෝධී ලෙස මුදල් පොළියට දී ඇති මෙම පුද්ගලයා කෙරෙහි ඉව වැටුණු සම්පත් බැංකුව, දිවයිනේ කීර්තිමත් ම විගණන ආයතනයක් හරහා කළ විගණනයකින් මෙම ගනුදෙනු පිලිබඳ මූලික විස්තරයක් අනාවරණය කරගෙන ඇත.

ඉන්පසුව මෙය කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ අවස්ථාවේ දී තවත් ස්වාධීන විගණන ආයතනයක් විසින් කෙරුණු වෝහාරික විගණනයකින් පසුව මෙම ගනුදෙනු සම්බන්ධ තොරතුරු තහවුරු කරගෙන ඇත.

පරීක්ෂණ වලින් හෙළිවෙමින් පවතින ජාවාරම් චෝදනා වලින් ගැළවෙනු පිණිස මෙම හොර වෙදා දැන් එම ගනුදෙනු තමන්ගේ අනුදැනුමකින් තොරව සිදුවූ ඒවා බව පවසමින් සිටියි. එහෙත්, විගණන වාර්තා අනුව ඔහු සිය ගිණුමේ සිදුවූ සෑම ගනුදෙනුවක් සම්බන්ධවම පූර්ණ ලෙස දැනුවත් වී සිටි බව සැකයකින් තොරව සනාථ වී තිබේ. ඔහු දන්නේ නැතැයි කියන සෑම ගනුදෙනුවක් ගැනම ඔහුගේ ජංගම දුරකථනයට SMS පණිවිඩයක් මගින් දැනුම් දී ඇති බවත්, ඊට අමතරව සෑම මසකම අවසානයේ ගිණුම් වාර්තා ඔහුට තැපෑලෙන් ලැබී ඇති බවටත් මූලික පරීක්ෂණ වලින් අනාවරණය වී තිබේ. එබැවින්, මෙම ගනුදෙනු ගැන වගකීමෙන් නිදහස් වීමට ඔහුට හැකියාවක් නැත.

අධිකරණ උපදෙස් පරිදි පැවැත්වූ ස්වාධීන විගණන පරීක්ෂණයේ නිල වාර්තාව පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අදහස ලබන බ්‍රහස්පතින්දා (ජූලි 30) දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, එමගින් මෙම කූඨ ව්‍යාපාරිකයාගේ පොළී ජාවාරම ගැන සැබෑ තතු හෙළිවීමට නියමිතය. පිටු සිය ගණනකින් යුතු දීර්ඝ වාර්තාවක් වන මේ විගණනයේ පරීක්ෂණ කටයුතු කඩාකප්පල් කරනු පිණිස මෙම ජාවාරම්කරුවා කීපවිටක්ම උත්සාහ ගෙන තිබූ බව තතු දත් ආරංචි මාර්ග වාර්තා කරයි. මෙම විගණනය අතරමඟ නවතනු පිණිස සම්පත් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් මෙම ජාවාරම්කරුවා විටින් විට ගරු අධිකරණයෙන් ඉල්ලා සිටි අතර අධිකරණය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර සිටියේ මෙම ජාවාරමට බැංකු කළමනාකාරීත්වය වගකිව යුතු නැති බවට අධිකරණයේ විශ්වාසය තහවුරු කරමිනි.

අහිංසක මිනිසුන් රවටා මුදල් ගරාගන්නවා පමණක් නොව, එසේ උපයාගත් මුදල් පොළී කරමින් අහිංසක ජනතාවගේ දුක් ගින්දර විකුණාගෙන කන මෙවැනි කූඨ ව්‍යාපාරිකයන්ට නීතියෙන් උපරිම දඬුවම් ලබාදිය යුතු බවට අපි විශ්වාස කරමු.

නඩුව බ්‍රහස්පතින්දා (30) යළි කැඳවේ.

 

 

 

 

 

Post Views: 18
Previous Post

මම ත්‍රස්තවාදින් එකක් ගනුදෙනු කලේ නෑ – රිෂාඩ් කියයි

Next Post

කොරෝනා මරණ ලක්ෂ 6 කට වැඩි වෙයි .. වැඩිම මරණ සිදුව ඇත්තේ අමෙරිකාවේ

editor

editor

Next Post

කොරෝනා මරණ ලක්ෂ 6 කට වැඩි වෙයි .. වැඩිම මරණ සිදුව ඇත්තේ අමෙරිකාවේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved