27 April 2024
#විදෙස්

කොරෝනා මරණ ලක්ෂ 6 කට වැඩි වෙයි .. වැඩිම මරණ සිදුව ඇත්තේ අමෙරිකාවේ

ලොව පුරා වසංගතයක් පවතින කොවිඩ් 19 වෛසරය මේ වන විට පුද්ගලයින් 17,187,414 ක වැලදී ඇති තිබේ.

එමෙන්ම මේ වන විට 670,202 ක පිරිසක් එම රෝගයෙන් මිය ගොස් තිබේ. මිය ගිය පිරිස අතර අමෙරිකාවේ වාර්තා වූ කොවිඩ් -19 මරණ 150,000 ඉක්මවා ඇත.

එක්සත් ජනපදයේ පළමු මරණය වාර්තා වූයේ පෙබරවාරි 29 වනදා ය. දින 54 කට පසු අප්‍රේල් 23 වන දින රට 50,000 ක් වාර්තා වූ අතර දින 34 කට පසු මැයි 27 වන දින මරණ 100,000 ක් ඉක්මවා ගියේය. 150,000 සීමාව කරා ළඟා වීමට තවත් 50,000 ක් එකතු කිරීමට දින 63 ක් ගතවී ඇත.

කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය කියා සිටින්නේ මෙම වසංගතය තවමත් අවසන්ව නොමැති හෙයින් තවදුරටත් සමාජ දුරස්ථභාවය මෙන්ම නිරෝධායන නීති නිසි අයුරින් ක්‍රියාත්මක විම වඩාත් සුදුසු බවයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *