27 April 2024
#දේශීය

මම ත්‍රස්තවාදින් එකක් ගනුදෙනු කලේ නෑ – රිෂාඩ් කියයි

තමා හෝ තම සහෝදරයා කිසිදු විටක ත්‍රස්තවාදීන් සමඟ ගනුදෙනු නොකළ බව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

ඒ මහතා අද (29) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේ පාස්කු ප්‍රහාරයට තමා හා තමාගේ ඥාතින් සම්බන්ධ යැයැ පවසමින් තමාගේ ප්‍රතිරූපය හානි කිරීමට කටයුතු කරන බවයි.

එම මාධ්‍ය හමුවේදී රිෂාඩ් බදියුදීන් මහතා මෙසේ කියා සිටියේය ” රිෂාඩ්ගේ මුදල් පාස්කු ත්‍රස්තවාදීන්ට ලැබී ඇති බවට තොරතුරු තිබෙනවා කියලා පුවතක් තිබෙනවා.

මේක සම්පූර්ණයෙන්ම අසත්‍ය චෝදනාවක් මේ මාධ්‍යෙයන් ගෙනල්ලා තියෙන්නේ. ඒ වගේ පොලිස් මාධ්‍යප්‍රකාශකතුමා කියලා තියෙනවා නම් මම වගකීමෙන් කියනවා මේක අසත්‍ය චෝදනාවක්.මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවට රටට පැහැදිලි කිරීමක් කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා.අද මම එන්තරවාසියක් යවලා තියෙනවා එතුමාටත් මේ අද වෙබ් අඩවි ආයතනයට.

තමා කැබිනට් අමාත්‍ය ධුරය දරන කාලයේදී පවා එය නිසි අයුරින් ඉටු කල බව හෙතෙම පැවසිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *