2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වන ප්‍රවේශ අත්පොත (University Admissions Handbook) අද (27) මධ්‍යම රාත්‍රියේ නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනය කරයි.
2025 උසස් පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් 281,810 දෙනෙකු පෙනී සිටි අතර, ඉන් සිසුන් 176,527 දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට මූලික සුදුසුකම් ලබා ඇත.
අද මධ්‍යම රාත්‍රියේ අත්පොත නිකුත් කිරීමත් සමඟ සුදුසුකම් ලැබූ සිසුන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අන්තර්ජාලය ඔස්සේ අයදුම් කිරීමේ අවස්ථාව උදාවනු ඇත. ප්‍රවේශ අත්පොතේ ඇතුළත් උපදෙස් පරිදි නිවැරදිව පාඨමාලා තෝරා ගැනීම සහ ප්‍රමුඛතා ලබා දීම සිදු කළ යුතු බව ප්‍රතිපාදන කොමිෂන් සභාව සිසුන්ට සිහිපත් කර සිටියි.
අදාළ අත්පොත විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය හරහා භාගත කර ගැනීමට සිසුන්ට පහසුකම් සලසා ඇත.














