• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

බැඳුම්කරේ වෝහාරිකයෙන් UNPයේ අළුයට ගිනි යලි ඇවිලෙයි…

3 December 2019
in දේශීය

බැඳුම්කර ගනුදෙනුවට අදාලව පාර්ලිමේන්තුවේ පත්කරනලද කමිටු ගණනාවක වාර්තා ඉදිරියේ දී කරලියට ගෙන ඒමත් සමඟම, එක්සත් ජාතික පක්ෂයේ ද අභ්‍යන්තර ගැටුම් තීව්ර කරවීමට එම වාර්තාවන් ද උපයෝගීකරගැනීම විශේෂීත සිදුවීම් අතර වන බව දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහට ලක්වෙමින් තිබේ.

ආන්දෝලනාත්මක බැඳුම්තර ගනුදෙනුවෙන් සිදුවූ පාඩුව එක්සත් ජාතික පක්ෂය විසින් මෑත කාලයේ රට ට සිදුකරන ලද මහා පරිමාණ සොරකමක් ලෙස එවකට සිටි විපක්ෂය වන වත්මන් ආණ්ඩුව හොබවන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිගින් දිගටම එල්ල කළ චෝදනාවක් වී ය. එසේ හෙයින් මේ පිළීබඳව සමස්ත සමාජය පමණක් නොව අන්තර්ජාතික ප්‍රජාවද විශේෂ සැලකිල්ලක් දක්වන ලදී.

කෙසේ වෙතත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව ඊයේ මධ්‍යම රාත්‍රි සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමට පියවර ගෙන තිබුණි. 8 වැනි පාර්ලිමේන්තුවේ තුන්වැනි සැසිවාරය අවසාන කරමින් ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර විසින් ඊයේ (02) එම අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමත් සමඟ මේ පිළිබඳ කතා බව නව මගකට පිවිස ඇති බවක් ද දක්නට ලැබෙයි.

මේ හේතුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන යෝජනා සහ පනත් කෙටුම්පත් පාර්ලිමේන්තු සැසිවාරය නැවතත් ආරම්භ කිරීමෙන් පසු ඉදිරිපත් කළ යුතු වන අතර, පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක වන රාජ්‍ය ගිනුම් කාරක සභාව, පොදු ව්‍යාපාර කාරක සභාව ඇතුළු අනෙකුත් සියලු ම කාරක සභා පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීමත් සමඟ අහෝසි වේ.

මේ අතර බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් සිදු කළ වෝහාරික විගණන වාර්තාව මේ වන විට පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවට ලැබී ඇති අතර මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති විසින් අද (03)  කෝප් කමිටු සාමාජිකයින් කැඳවා තිබුණි.

නමුත් 8 වැනි පාර්ලිමේන්තුවේ තුන්වැනි සැසිවාරය අවසාන කිරීම සඳහා කටයුතු කිරීමත් සමඟ එම රැස්වීම අවලංගු වන බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති පැවසීය.

පාර්ලිමේන්තු වාරය අවසන් කිරීමත් සමඟ කෝප් කමිටුව අහෝසි වුවත්, බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ වෝහාරික විගණන වාර්තාව සම්බන්ධයෙන් වන ඉදිරි කටයුතු සදහා පාර්ලිමේන්තු නව සැසිය ආරම්භ වීමෙන් පසු පත්වන කෝප් කමිටු සාමාජිකයින්ට අවස්ථාව සැලසෙන බව ද ඒ මහතා පැහැදිලි කළේය. කෙසේ වෙතත් උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අහෝසි වීමක් සිදු නොවන අතර පාර්ලිමේන්තුවට අලුතින් හඳුන්වා දුන් ආංශික අධීක්ෂණ කාරක සභා 16 ද ඒ ආකාරයෙන් පවත්වාගෙන යාමට හැකියාව ලැබෙනබවත් ඔහු කීය.

මෙම වාර අවසාන කිරීමත් සමග පාර්ලිමේන්තුව නැවත කැඳවීම 2020 ජනවාරි 03වැනිදා සිදුකෙරෙණ අතර  නව වාරය ඇරඹෙන දිනයේදී ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී සිය රාජාසන කතාව සිදු කිරීමට නියමිතය.

මෙම වාර්තා සහ බැඳුම්කර ගනුදෙනුවට අදාල ප්‍රධන චූදිතයින් ට යම් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගැනීමත් එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් පාර්ශවයන් කුල්මත් කරවන කටයුත්තක් වනු ඇති බවට ද මත පලවෙමින් තිබේ. ඒ අනුව රනිල් වික්‍රමසිංහ ඇතුළු ගජමිතුරු කල්ලිය හෙවත් රවී කරුණානායක මහතා විසින් විටෙක හඳුන්වන ලද හැපි ෆැමිලි කල්ලියට ද නිතැතින් ම දඬුවම් විඳීමට සිදුවනු ඇති බව දේශපාලන නිරීක්ෂකයින්ගේ මතයයි.

* සටහන : අකලූෂ විද්‍යාතිලක 

 

Post Views: 10
Previous Post

ආරක්‍ෂක යාන්ත්‍රණය බිඳවැටීමට වගකිව යුතු අය සෙවිය යුතුයි – ජනපති  

Next Post

විනය කඩපු අයට පක්ෂ සාමාජිකත්වය අහෝසියි – මහින්ද කියයි

editor

editor

Next Post

විනය කඩපු අයට පක්ෂ සාමාජිකත්වය අහෝසියි - මහින්ද කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved