• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ආරක්‍ෂක යාන්ත්‍රණය බිඳවැටීමට වගකිව යුතු අය සෙවිය යුතුයි – ජනපති  

3 December 2019
in දේශීය

පසුගිය කාලයේදී ආරක්‍ෂක යාන්ත්‍රණය බිඳවැටීමට වගකිව යුත්තේ කවුරුන්ද යන්න හෙළි කර ගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (02) ජනාධිපති කාර්යාලයේ දී අප්‍රේල් 21 පාස්කු ඉරිදා ප්‍රහාරය විමර්ශනය කරනු පිණිස පත් කර ඇති ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ සාමාජිකයන් අතර පැවැති සාකච්ඡාවේදිය.

පරීක්‍ෂණ කොමිසමේ කාර්යභාරය හා සංයුතිය පැහැදිලි කළ කොමිසමේ සභාපති අභියාචනාධිකරණ විනිසුරු ජානක ද සිල්වා මහතා මෙතෙක් කළ විමර්ශන ගැන ලුහුඬින් සඳහන් කළේය.
ප්‍රහාරයක් සිදුවන බවට කල්තබා ලැබුණු තොරතුරු අදාළ බලධාරීන් බරපතල ලෙස සැළකිල්ලට ගෙන නැතැයි සභාපතිවරයා කීය. මේ බව වසන් කිරීම පිණිස ඇතැම් නිලධාරීන් ව්‍යාජ ලේඛන සකසා ඇති බවට සැකයක් මතුවන බව ද විනිසුරුවරයා පැවසීය.

ප්‍රහාරයේ සුලමුල නිවැරදිව හඳුනාගෙන වගකිව යුත්තන් නීතිය හමුවට පැමිණවීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමා මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ගේ අභිලාෂය ද එය බව ජනාධිපතිවරයා පැවසිය.

එසේම ජනාධිපතිවරයා මෙසේ අදහස් පල කර සිටියේය “මා ආරක්‍ෂක ලේකම්වරයාව සිටිය දී ආරක්‍ෂක මණ්ඩලය නිතිපතා රැස් වුණා. බුද්ධි අංශ නිලධාරීන් සමග ආරක්‍ෂක තත්ත්වය ගැන නිරන්තරයෙන් සාකච්ඡා කළා. ආරක්‍ෂාවට තර්ජනයක් වන තොරතුරක් ලැබුණු සැණින් නොපමාව අවශ්‍ය පියවර ගත්තා. පිටරටවලින් පැමිණ අන්තවාදී අදහස් ප්‍රචලිත කරමින් සිටි දේශකයන් 160ක් පිටුවහල් කළේ ඒ අනුව”,

පසුගිය පාලන සමයේ දී ජාතික ආරක්‍ෂාව පිළිබඳව ලිහිල් ආකල්පයකින් ක්‍රියා කිරීම නිසා බුද්ධි අංශ යාන්ත්‍රණය බිඳවැටුණු බව පෙන්වාදුන් ජනාධිපතිවරයා, එහි ප්‍රතිඵලයක් ලෙස ඉස්ලාමීය අන්තවාදය ප්‍රචලිත කිරීම නතර කිරීමට නොහැකි විනැ’යි පැවසීය. ප්‍රහාරය පිළිබඳ සියලු තොරතුරු අනාවරණය කරගන්නා අතර, මෙවැනි ප්‍රහාර නැවත සිදු නොවනු පිණිස ගත යුතු පියවර නිර්දේශ කිරීමේ අවශ්‍යතාව ද එතුමා අවධාරණය කළේය. ආරක්‍ෂක යාන්ත්‍රණය බිඳවැටීමට වගකිව යුත්තේ කවුරුන්ද යන්න හෙළි කර ගත යුතු යැයි ජනාධිපතිවරයා කියා සිටියේය.

එසේම කොමිසමට අවශ්‍ය පහසුකම් සැලසීමට ජනාධිපතිවරයා එකඟත්වය පළ කළේය.

අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු නිහාල් සුනිල් රාජපක්‍ෂ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු බන්දුල කුමාර අතපත්තු සහ අධිකරණ අමාත්‍යාංශයේ හිටපු ලේකම් ඩබ්.එම්.එම්. අධිකාරි කොමිසමේ සෙසු සාමාජිකයෝ වෙති.

 

දිලිනි සමන්මලි 

Post Views: 10
Previous Post

තාක්ෂණය පදනම් වූ දියුණු රටක් බවට පරිවර්තනය කිරීමට විශේෂඥ විද්‍යාත්මක දැනුම උපයෝගී කරගන්නවා – අමාත්‍ය තිලංග

Next Post

බැඳුම්කරේ වෝහාරිකයෙන් UNPයේ අළුයට ගිනි යලි ඇවිලෙයි…

editor

editor

Next Post

බැඳුම්කරේ වෝහාරිකයෙන් UNPයේ අළුයට ගිනි යලි ඇවිලෙයි...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved