27 April 2024
#දේශීය

එජාපයේ නායක්වය වෙනස් වෙන්නේ නෑ – ජාතික ලැයිස්තුවෙන් රනිල් පාර්ලිමේන්තුවට

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය තවදුරටත් රනිල් වික්‍රමසිංහ මහතාම දරන බව එම පක්ෂයට පවසයි.

අද පැවැති එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි රැස්වීමේදී නායක්තවය සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවේදී රනිල් වික්‍රමසිංහ තවදුරටත් නායකත්වයෙන් සිටින බව දැනුම් දී තිබේ.

එසේම එජාප නායකත්වයට කරු ජයසුරිය පත් කරන්නයැ කරන ලද ඉල්ලීමට අකමැත්ත පලව ඇත්තේ ද රනිල් වික්‍රමසිංහ විසින් බව එම පක්ෂයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියා සිටියේය.

එසේම පාර්ලිමේන්තුවේදී ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා අද රාත්‍රියේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ නම සඳහන් කර මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කරන බව එම විශ්වාස කටයුතු ආරාංචි මාර්ග කියාසිටියේය.

එක්සත් ජාතකික පක්ෂයේ රනිල් හිතවතෙකු අප වෙත පැවසුවේ රනිල් කියන්නේ ගේම්කාරයෙකු බවයි. ඔහු මෙවර සිදු කරනු ලැබුවේ ගේම්එකක කොටසක් බවයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *