ඇමරිකානු රජයේ කටයුතු අර්ධ වශයෙන් අත්හිටුවීම (Government Shutdown) හේතුවෙන් සති දෙකකට අධික කාලයක් නවතා දමා තිබූ ‘Global Entry’ පහසුකම යළි ආරම්භ කිරීමට එරට ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. පූර්ව අනුමැතිය ලත් සංචාරකයින්ට පෝලිම්වල රැඳී නොසිට කඩිනමින් ගුවන්තොටුපළ පරීක්ෂාවන් අවසන් කර ගැනීමට ඉඩ සලසන මෙම වැඩසටහන පසුගිය පෙබරවාරි 22 වනදා සිට තාවකාලිකව අත්හිටුවා තිබුණි. මේ හේතුවෙන් ඇමරිකාවේ ප්‍රධාන ගුවන්තොටුපළ රැසක මගීන් දැඩි අපහසුතාවට පත්ව සිටි අතර, ඉදිරි වසන්ත නිවාඩු කාලසීමාවේදී ඇතිවිය හැකි දැඩි මගී තදබදය සැලකිල්ලට ගනිමින් බලධාරීන් මෙම තීරණය ගෙන ඇත.














