එක්සත් ජනපදය සහ ඉන්දියාව අතර ඉතා ඉක්මනින් සුමට වෙළඳ ගිවිසුමකට එළඹීමට හැකි වනු ඇතැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කරයි. ධවල මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති ට්‍රම්ප්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා තමන්ගේ ‘හොඳම මිතුරා’ බවත්, දෙරට අතර පවතින සබඳතාව ඉතා ශක්තිමත් මට්ටමක පවතින බවත් අවධාරණය කළේය. මෙම සුවිශේෂී සබඳතාව ඔස්සේ දෙරටටම වාසිදායක වන පරිදි ලෝක වෙළඳපොළේ බලපෑමක් ඇති කළ හැකි නව වෙළඳ සැලසුමක් ක්‍රියාත්මක කිරීමට දෙරටේ නායකයින් අපේක්ෂා කරයි.
මෙම වෙළඳ ගිවිසුම මගින් අමෙරිකාව සහ ඉන්දියාව අතර ආර්ථික සහයෝගීතාව නව මානයකට ගෙන යනු ඇතැයි විචාරකයෝ පෙන්වා දෙති. ගෝලීය වෙළඳපොළ තුළ සිය ආර්ථික ආධිපත්‍යය තහවුරු කර ගැනීමට සහ සැපයුම් දාමයන් ශක්තිමත් කිරීමට මෙම පියවර මහත් පිටුවහලක් වනු ඇති බව පැවසේ. ට්‍රම්ප් සහ මෝදි අතර පවතින මෙම සමීප සබඳතාවය මගින් ඉදිරියේදී ගෝලීය දේශපාලන සහ ආර්ථික ක්ෂේත්‍රයේ තීරණාත්මක වෙනස්කම් රැසක් අපේක්ෂා කළ හැකිය.
















